11📌️

9 2 0
                                    

මට ඇහැරෙද්දි මං හිටියෙ කාමරේක.. මගෙ තුවාල වලට බෙහෙත් කරල තිබ්බ වගේම ඒක ඇතුලෙ හුඟක් නිශ්ශබ්ද උනා... එතකොට- එතකොට කෝ මගෙ අයූ... සිහිය ආව ගමන් මට මතක් උන එකම කෙනා මගෙ අයූ වෙද්දි මං ඉක්මනට එලියට ආවා... කාර් එක වැදුනු පාර මං හිතන්නෙ මගෙ දකුණු උරේ කැඩිල... මං- මං හිටියෙ අයූට සර්ජරි එක කරනව බලාගෙන... එතකොට? මට සිහිය නැතුව ගියා... එලියට එද්දි මගෙ ගාඩ්ස්ලා හැමතැනම හිටියත් මං ළඟම ඉඳපු කෙනාගෙන ඇහුව මට මතක් වෙච්ච පළවෙනි දේ...

කෝ මගෙ කොල්ලා?

බොස් පොඩි සර්ට තාම සර්ජරි එක කරනවා. උණ්ඩ දෙකක් ඇතුළටම වැදිල කියලයි කියන්නෙ... බොස්ට ඇහැරිල ආවොත් රයන් සර් එනකල් ඉඳගන ඉන්න කිව්වා.. බොස්ගෙත් අතේ උරේ ළඟින් පොඩ්ඩක් ඩැමේජ් වෙලයි කියල අත හොළවන්නෙ කරන්නෙ නැතුව ඉන්න කිවව

රයන් කොහෙද?

සර් ස'ජරි එකේ බොස්..

මං ඔලුව වනල එතන තිබ්බ යකඩ බෙන්ච් එකෙන් ඉඳගත්ත... ළඟින්ම තියන් ඉඳලත් මට මගෙ කොල්ලව පරිස්සං කරගන්න බැයිනං මගෙන් ඇති වැඩේ මොකද්ද... ශිට්! මං උඹව මරනව අහස්... ලෑස්ති වෙයන් කාලයක් ආදරේ කරපු අත් දෙකෙන්ම මැරුම්කන්න... මං උඹව ඉක්මනට මේ ලෝකෙන් නිදහස් කරන්නම්.. එහෙම්ම බිත්තියෙ ඔලුව ගහගද්දි ස'ජරි රූම් එකේ දොර ඇරුන...රයන් ග්ලව්ස් දෙකත් ගලවල මං ගාවට එද්දි මමත් නැගිටල ගිහින් උගෙ අත් දෙක තද කරල අල්ලගත්ත,, උගේ මූණෙ සැනසිලිදායක පෙනුමක් තිබ්බත් මගෙ හිත තාමත් නොසන්සුන් උනා... මෙතන ඉන්නෙ වෙන කෙනෙක් නං මටත් සැනසෙන්න තිබ්බා... ඒත් මෙතන ඉන්නෙ මගෙ පන... මේ ලෝකෙ මට කියල ජීවත් වෙන එකම කෙනා...

මගෙ කොල්ලට මොකද ?

අව්ලක් නෑ... සිහිය එන්න ටික වෙලාවක් යයි...

ගෙදර ගෙනියන්න බැයිද බං මට මෙහෙ සේෆ් කියල හිතෙන්නෑ...

අද මෙහෙ තියල හෙට අරන් යමු... හොස්පිට්ල් ට්‍රීන්මන්ට් ඕනවෙයි බං සමහරවිට..

ඒ මිනිස්සු කාගෙද බං,,, බයනැතුව කොහොමද?

අහස්ලගෙ බං... ග්‍රේ කලර් කිට් එක උන්ගෙ...

එතකොට වයිට් ශැඩෝ ?

නෑ... වයිට් ශැඩෝගෙ උන් අඳින්නෙ සුදු බන්... උඹට මතකනෙ? ඇරත් ළඟකදි ඉඳන් වයිට් ශැඩෝගෙ ඇටෑක්ස් අඩු උනා..

Mr. Mysterious! || yizhan (slow update)Where stories live. Discover now