6 කොටස

78 9 2
                                    

එක පාරටම මම ගැස්සිලා ඇහැරුනේ එලාම් එකක සද්දෙට.
ඒත් කොහෙන්ද යකෝ මගෙ කාමරේ එලාම් එකක්.. 🤔🤔

අත් දෙකත් දිගෑරලා තඩි ඈනුමක් යවන ගමන් මං වටපිට බැලුවෙ..
මේ කොහෙද හත්තලාමේ 😲 ...

ටික වෙලවක් යද්දි තමයි මතක් උනේ.. මං ඉන්නෙ මනෝගෙ රූම් එකේ. එලියක් තියෙන වෙලේක මං මේ කාමරේ දැක්ක පලවෙනි පාර..

ගදයි යකෝ මේක ඇතුලෙ..🤢🤢 බාර් එකක් ඇතුලෙවත් මෙහෙම නැතුව ඇති.. මම තාම ඉන්නෙ බිම වාඩි වෙලා.. ඊයෙ නිදාගෙන තියෙන්නෙ බිම වාඩි වෙලා මෙට්ටෙට ඔලුව තියන්.. මටත් මතක නෑ මට නින්ද ගියපු වෙලාව.. අසිහියෙන් කියව කියව ඉදපු ඌ දිහා බලං ඉදපු මට නින්ද ගිය වෙලාවක්වත් මතක නෑ..





එක එක මිනිස්සු එකම ප්‍රශ්නෙ දිහා උනත් බලන්නෙ විවිධ කෝණවලින්.. ඒවට හොයාගන්න උත්තර කොච්චර සාර්ථක ද කියලා තීරණය වෙන්නෙ එයාල ප්‍රශ්නෙ දිහා බලන විදිය අනුව..

සාරාංශයක් විදියට කිව්වොත් මදහස් ඉන්නෙ ඌට එලියට එන්න ඕන නැති අතීතෙක හිරවෙලා... මං හිටියෙත් එහෙම.. ඒත් මට ඕනි ඒ අතීතේ අමතක කරන්න. ඌට ඕනි ඒ මතක ඇතුලෙම ජීවත් වෙන්න..

කොහොම උනත් අත්දැකීමෙන් මන් දන්නවා මේ වගේ වෙලාවක මනුස්සයෙක්ට කොච්චර ලොකු සැනසීමක් දැනෙනවද කියලා.   හිතට එන හැමදෙයක්ම ඔහේ කියවද්දි  තමන් හරිද නැද්ද කියල ජජ් කරන්නෙ නැතුව කියන දේ විතරක්  අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියන්නෙ පුදුම සැනසීමක්.

කාලයක් මාත් මෙහෙම කියවද්දි වතික මං කියන හැම දෙයක්ම අහන් හිටියා.. සමහර වෙලාවට මම දැනන් හිටියා මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න තියා ඌට මං කියන ප්‍රශ්නෙවත්  තේරෙන්නේ නෑ කියලා. ඒත් ඌ අහන් හිටියා.. මට තිබුන ප්‍රශ්න වලින් ඌට අහන් ඉන්න උනේ නැත්තෙ මගෙ ඒක පාර්ශ්වික ආදරේ ගැන විතරයි..

මදහස් නැගිටින්න කලින් මං යන්න හැදුවත් ආයෙම මට හිතුනා උගෙ කාමරේ ටිකක් අවුස්සන්න. ඌ සිහියෙන් ඉද්දි කීයටවත් මට මේ කාමරේට එන්න දෙන එකක් නෑ..

ඒ මේසෙ උඩ handouts කොලකෑලි හැමතැනම. ඒ මදිවට අඩියෙ අරක්කු බිංදු දෙක තුනක් රැදුන හිස් උන ප්ලාස්ටික් කප් 😒😒
අර බූරුවටත් අපේ බැජ් ෆිට් එක හදන්න දගලන වෙලේ උගේ මල්ලිව හදා ගන්න බැරි උන හැටි... 😏

COME WITH MEWhere stories live. Discover now