chapter 05

42 14 0
                                    

" මොකද කියන්නෙ ජන්කුක් "

ජිමින් ජන්කුක්ගෙ ඇස් වලට එබෙන ගමන් ඩීප් වොයිස් එකකින් මිමිනුවා.

" කැමතියි

ජන්කුක් හිත හයිය කරගෙන ජිමින්ගෙ ඇස් දිහා කෙලින් බලන ගමන් මිමිනුවා.ඒ ඇස් ගිනිගන්නව වගේ ජන්කුක් ට දැනුනෙ.මොනා උනත් එයාට ජිමින්ට සෙකන්ඩ් වෙන්න බැහැනෙ.

" ඔයාට ශුවර් ද එනිවේ ඔයාට හැරෙන්න බැහැ."

ජන්කුක්ට තේරුනේ නැහැ ජිමින් එයාට මොනව කරන්න කියයිද කියලා.එයාට වෙලාවකට හිතුන ජිමින් එයාව බය කරනවද ත් කියලා.

" ඕනි එකක්."

ජන්කුක් වැඩිය ගානක් නැති ගානට කියලා දැම්මත් එයාගෙ හිතේ ප්‍රශ්න පත්තර දහස් ගානක් ප්‍රින්ට් උනා.එයාට ඉවසන්න බැරි උනේ ජිමින් එයා දිහා මීල් එකක් දිහා බලනව වගේ බලන එක.

" එහෙනම් රෙඩ් ස්‍ට්‍රීට් ක්ලබ් එකට.....හරියට ම රෑ නවේට....VVIP සෙක්ශන් එකේ සෆායා රූම් එකට."

ජිමින් ජන්කුක්ගෙ තොල් දිහා ගිනිගත්ත ඇස් වලින් බලන ගමන් කිව්ව.නොදැනීම ජන්කුක්ගෙ කන ලගින් දාඩිය බිංදුවකුත් බේරුන.ජන්කුක්ට අදහසක් තිබ්බෙ නෑ ජිමින් එයාගෙන් ක්ලබ් එකට එන්න කියලා මොනවා බලාපොරොත්තු වෙනවද කියලා.

ජන්කුක් තොල් දිහා බලාගෙන හිටපු ජිමින් හිමින් සැරේ ජන්කුක්ට ලං වෙන්න ගත්තෙ ජන්කුක්ගෙ හාට් එක එලියට පනින්න තරම් හයියෙන් ගැහෙද්දි.එයා මෙච්චර වෙලාහරි ඉවසුවා ඒත් තවත් නම් බැහැ.එයා මේ ගමන එන්න කලින් මිර එක ඉස්සරහට වෙලා තනිකරම ස්ක්‍රිප්ට් එකක් වගේ ජිමින්ට කියන්නෙ මොනවද කියලා කොච්චර පුරුදු උනා කියල දන්නෙ ජන්කුකී විතරයි....ඒත් එයා ඒ එක දෙයක් වත් ජිමින්ට කිව්වෙ නැහැ.ජන්කුක්ට පිලිගන්න වෙනව ජිමින් හරි ම ආදිපත්‍යය පතුරන සුලු කෙනෙක් කියලා.

හීන ලෝකෙක ගිලිල හිටපු ජන්කුක් හරි සිහියට ආවේ ගොඩක් ලගින් දැනෙන ජිමින්ගෙ රස්නෙහෙ හුස්ම නිසා.ඇත්තටම ඒ වෙලාවෙ ජන්කුක් කලබල උනේ නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක්....

එයාට කවුරුත් මේ තරම් ලං වෙලා නෑ.අනිත් එක ජිමින්....ඒත් එයාලා තාමත් හතුරො.

ජිමින්ගෙ වැඩ වලින් හොදට ම කලබල උන ජන්කුක්ට මෙතනින් යන්න ඕනි උනා ගොඩක් ඉක්මනට.ඉතින් එයාට තිබ්බෙ මෙතනින් ඉක්මනට දුවන එක විතරයි.

" ඔයා පෝල් ඩාන්ස් දන්නවද ජන්කුක්.ඔයා දන්නැති උනත් මට කමක් නැ ඔයාට දවසක්ම තියෙනවා පුරුදු වෙන්න.ඔයා හොදට කරයි ඒක."

ජිමින් මේ සැරේ ජන්කුක්ගෙ කොනඩ කැරැල්ලක් රෝල් කරන ගමන් කිව්ව කතාවට නම් ජන්කුක් හොදට ම කලබල උනා.එයාට ඕනිවටත් වඩා ලං වෙලා ඉන්න ජිමින්වත් තල්ලු කරගෙන ජන්කුක් එක පිම්මෙම කාමරේ ඩෝ එක ඇරගෙන එලියට දිව්ව.

එයා පුරුද්දෙන් ම දන්නව මේ ගෙදරත් ගාඩ්න් එක හරහා ගියොත් කෙලින්ම මේන් ගේට් එක ලගට යන්න පුලුවන් කියලා.මොකද ඒක ගෙයක් කිව්වට මැන්ශන් එකක්නෙ.ඒත් ජන්කුක්ට එහෙම කරන්න හිත දුන්නෙ නැහැ.මොනා උනත් ජිමින්ගෙ මමා....එයාට කියලා යන්න ඕනි එයාගෙ පුතාගෙ වල් කමට එයා පලි නැහැනෙ එහෙම කියලා ජන්කුක්ගෙ හිත කෑ ගහපු නිසා. එයා ගාඩ්න් එක හරහා නැතුව ලිවින් ඒරියා එක හරහ ම යන්න හිතුව.

" ඔයා ඔය යන්නද හදන්න ජන්කුකී මම මේ එන්න හැදුවේ ඔයා සිනමන් රෝල් කන්න කැමත් චොක්ලට් දාලද කියලා  අහන්න."

හදිසියේම යන්න හදන ජන්කුක්ව දැක්ක ජිමින්ගෙ මමා ඇහුව.එයාට ආයාසයෙන් ම හිනා උනු ජන්කුක් එයාව හග් කරලා එලියට දිව්වෙ නිදහසට හේතු කියන ගමන්.

" ආහ් ආන්ටි මම වෙන වෙලාවක එන්නම්කෝ මට හදිස්සී වැඩැක් සොරී..."

ජන්කුක් එහෙම කියාගෙන ම එලියට දිව්ව.ආහ් ඇයි එයාට ගේට් එක ලගදි ජිමින්ගෙ අඹ යාලුව ටේහියුන්ග් වත් හම්මබ උනා.එයාටත් පොඩි හිනාවක් දුන්න ජන්කුක් කෙලින්ම ගිහින් එයාගෙ අලු පාට ලැම්බොගිනි එකට නැග්ග.එයාට මතක නැ වාහනේ පාරට දාගත්තේ කොහොම ද කියලවත් එච්චරටම එයා බය උනා.ජන්කුක් අද තමා හරියට ම දැන ගත්තේ ජිමින් කොච්චර බයානකද කියලා.

bye.❤️

මම වෙනදට දෙන එපිසෝඩ් එක සාමාන්‍යයෙන් 150-160 ක් වගේ වඩනනෙ තිබ්බෙ මම අද වචන 500 ක වගේ ටයිප් කරා දිගටම මේ වගේ එපිසෝඩ් දෙන්න ද ......

කතාව කියවනව ට ගොඩක් thank you ❤️❤️ වෝට් කරන කමෙන්ට් කරන කතාව කියවන හැමෝටම ආදරෙයි.😚😊







South South Attraction [ Jikook sinhala ]Where stories live. Discover now