.16.

70 19 19
                                    

.

.

.

.

.

" ඇති ආයෙනම් පොඩ්ඩක්වත් කන්න බෑ.. මේ හොඳටම බඩ පිරිලා.. "

හ්‍යුන්ගේ වදෙන් බේරෙන්න කෑම කටවල් තුන හතරක් කෑවට චොක්ලට් කාලම මගේ බඩ පිරිලා තිබුනේ..

" බඩ පිරුනේ මාර්තා හදපුවා කාලනම් නෙවේනේ.. මගෙයි වැරැද්ද මරු මිනිහටනේ ආව ගමන් චොක්ලට් බෑග් එකත් දීලා දැම්මේ.. "

මං ආයෙත් කෑම කන් නෑ කියලා හ්‍යුන්ට හිතුනු නිසාමද කොහෙද මගේ කට පිහදාලා බැන බැනම වතුර එකත් මගේ අතට දුන්නේ..

" කාමරේට ගිහින් එන ටිකට එක චොක්ලට් එකක් නෑ.. ඔක්කොම කොල විතරයි.. හොඳ ගුණ දෙයක් නම් ඔච්චර ඉක්මනට කනවද??  "

මං ගේන්න කිව්වා වගේනේ..

 " මගේ දිහා හොරෙන් බලන්න එපා.. "

" ඉතින් හ්‍යුන් මං ගේන්න කිව්වේ නෑනේ.. හ්‍යුන්ම ගෙනත් දීලා ඒක කෑවමත් බනිනවා.. "

" කන්න තමා ගෙනත් දුන්නේ ඒත් ඔහොම එකපාරම නෙවේ.. ඒකෙන් දවල්ට හරියට කෑවෙත් නෑනේ.. "

" ම්ම් "

" ම්ම් නෙවේ.. හවසට එක්සර්සයිස් කරන වෙලාව වැඩි කරනවා එතකොට හරි.. "

" ආ අනේ එහෙම ඕනි නෑ.. හ්‍යුන් වෙනදා වෙලාවම කරන්න.. "

" ඒක ඔයාට ඔක්කොම ටික එකපාර කන්න කලින් හිතන්න තිබ්බා.. "

උදේ මිස් උනු ඒවටත් එක්කම හවසට මට ලැබෙයි..

" ආ තව දෙයක් බොරුවට අඬන්න හිතන්නවත් එපා.. ඒ ඇඬුවම මං එක්සර්සයිස් නවත්තලා පාඩුවේ ඉදී කියලා හිතන්නත් එපා.. දැන් ඔයාට අඬන්න හේතුවකුත් නෑනෙ.. උදේ උනු දේට මං සොරි කියලා මං චොක්ලටුත් ගෙනත් දුන්නනේ.. "

හහ්

ඉතිරි උනු කෑම එක අරන් එලියට ගිය හ්‍යුන් ආයෙම රූම් එකට ඔළුව දාලා කිව්වේ උදේ ඇඬුව නිසා මට ලැජ්ජාවක් දැනෙද්දි..

ඉතින් අඬන්න ඕනි උනාම අඬන්න එපැයි..

මං මොකටද ලැජ්ජ වෙන්නෙ..

අඬන එක වැරැද්දක් නෙවේ..

" දැන්ම වොශ් දානවද?? "

Broken Wings ᴼⁿᵍᵒᶦⁿᵍ (YM)Tahanan ng mga kuwento. Tumuklas ngayon