.20.

65 20 19
                                    

.

.

.

.

.

මාම් හරි ඩෑඩ් හරි මං වෙනුවෙන්ම ගෙදර ඉන්නවා.. ඒක හොඳ දෙයක්.. මං වෙනුවෙන්ම ඒ දෙන්නගෙන් කෙනෙක් ඉන්න එක..

ඒ උනාට..

නෑ නෑ.. දැන් මට ඕනිම දේ ඒක නෙවේනේ.. මට ඒ දෙන්නවම ඕනි.. මං කැමතියි ඒකට ඒත් හ්‍යුන් මං කරපු දේ වහන්න ගිහින් දැන් වෙන්නෙ මට හ්‍යුන් එක්ක ඉන්න තියෙන වෙලාව අඩු වෙන එක..

දැන් මං දන්නවා.. මං හොඳටම දන්නවා හ්‍යුන්ගේ ජීවිතේට මං කවුරු උනත් මගේ ජීවිතේ හ්‍යුන් ගැන තියෙන අදහස.. හ්‍යුන්ට මගේ ජීවිතේ තියෙන තැන..

මාම් තවත් මොනවදෝ ගොඩක් දේවල් කියලයි රූම් එකෙන් ගියේ.. ඩෑඩ්ටත් මේ දේවල් කියයි..

" මොකද මූන එල්ලන් ඉන්නෙ?? කොයිවෙලෙත් මාම් ඩෑඩ් ඔයා වෙනුවෙන් නෑ කිය කියා අඬන ගමන්නෙ හිටියේ.. දැන් ඔන්න ඒකත් හරි..  "

" ඒ උනත් හ්‍යුන්ට තිබුනා ඔයිට වඩා වෙනස් දෙයක් කියන්න.. "

හ්‍යුන් හිටියේ එක්සර්සයිස් කරන්න ජෙල් මසාජ් එක කරන ගමන්..

එතකොට මං හිටියේ හ්‍යුන් ඊයේ කිව්වත් වගේ හ්‍යුන්ගේ ටච් වලට නැඟිටින්න හදන මගේ ෆීලින්ස් නවත්තන්න හදන ගමන්..

" මොකක්ද මං කියන්න ඕන?? මැඩම්ගේ හුරතල් චූටි පුතා බීච් එකේ බිම පෙරලන් මාව කිස් කරා කියන්නද ඕනා?? එහෙම කිව්වම ඔක්කොම හරි යයිද?? "

හ්‍යුන් ආයෙම බීච් එකේ උනු දේවල් මතක් කරද්දි මුලින්ම දුකක් දැනුනත් පස්සෙ හැමදේම හොඳ විදිහට උනු නිසාමද කොහෙද කකුල් වල වේදනාව අස්සෙන් උනත් මගේ මූනට හිනාවක් ආවේ..

" හ්‍යුන්ට කියනවනම් එහෙම කියන්නත් තිබුනා.. හ්‍යුන් මැද්දෙන් පැන්නෙ නැත්තං මං කොහොමත් මාම්ට කියන්න ගියේ.. "

" Are you serious Jimin?? ඔයා එහෙම කරා නම් ඇත්තමයි.. "

" ඇයි මොකක්ද වෙන්නේ?? "

" ජිමින් මේ මට මේක කියන්න.. ඔයාගේ හිතේ මගේ ගැන මොන වගේ අයිඩියා එකක්ද තියෙන්නෙ?? මං අහන්නෙ මොනාද මං ගැන ඔයා හිතන්නෙ?? "

You've reached the end of published parts.

⏰ Last updated: 4 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

Broken Wings ᴼⁿᵍᵒᶦⁿᵍ (YM)Where stories live. Discover now