• 28 •

108 28 22
                                    


" දැන් කොහොමද චාල්ස් ඔබේ දුවට .. ? "

" අ .. කුමරුනී .. හැමදෙයක්ම හොඳින් කෙරුනා .. ඔබතුමාට ස්තූති වෙන්න ඇයගේ සැත්කම කෙරුනා .. "
රාත්‍රියට සුදුසු සැහැල්ලු ඇඳුමකින් හිටිය ජිමින් එක්කලා හිනාවක් පෑව චාල්ස් ඔහුගේ අතකින් අල්ලාගත්තේ ඔහුට ස්තූති කරන්නටයි ..

" චාල්ස් .. මම කියා තියෙනවා ස්තූති අනවශ්‍ය බව .. ඔබව මට අමුත්තෙක් නෙවෙයිනේ "
ජිමින් හීන් හිනාවකින් චාල්ස් ගේ අත තමන්ගේ දෑත් වලින් අල්ලාගත්තා .. කොහොම නමුත් ජිමින් අදටත් තමන්ගේ කියා හැඟෙන බැඳීම් කීපය වෙනුවෙන් ඔහුගේ උද්දච්ච කම් ඉවතලන්නට පුරුදු වෙලා ..

" අ අනේ ඒත්__ "

" රාත්‍රී කෑම වෙලාව පහුවෙලා කුමරුනි "
ඔවුන්ගේ කතාබහට බාධා උනේ ටේහ්‍යුන් ඒ හඬයි .. ඔහු මිනිත්තු කීපයක ඉදන්ම ජිමින් ගෙත් චාල්ස් ගේත් කතාබහට ඇහුම්කන් දීගනයි හිටියේ ..

හදිසියේම ඇහුන ටේහ්‍යුන් ගේ හඬට ජිමින් හැරී නොබලාම ඇස් කැරකෙව්වා ...
" චාල්ස් කාලා නෑ නේද ? "

" ආ .. තවම නම්__ "
චාල්ස් තමන්ගේ පැහුනු සුදු කෙස් කීපයක් ඉතිරි හිස අතකින් පිරිමදිමින් ඉවතට හැරෙද්දී ජිමින් ඔහුගේ උරහිසට තට්ටු කලා .. වෙනදාටත් කුමරුන් ආහාර ගත්තයින් පස්සෙයි ඇන්මර් හි සේවක සේවිකාවන් ආහාර ගත්තේ .. එයට චාල්ස් පවා ඇතුලත් උනා ..

" මම කන්න ප්‍රමාද උනාට කමක්නෑ .. ඔහුගේ කෑම වේල නියමිත වෙලාවට ඔහුගේ කාමරයට ලැබෙන්න ඕනි .. තේරුනානේ ? "
ආපස්සට හැරුන ජිමින් , ටේහ්‍යුන් එක්කලම තමන් දිහා බලාන හිටිය මරියාට ටිකක් තදින් එහෙම කියද්දී ටේහ්‍යුන් තමන්ගේ අත් පපුවට බැඳගත්තා ..

මරියා ඉක්මනට ජිමින් ට හිස නවලා හැරිලා දිව්වේ චාල්ස්ට කෑම වේල සූදානම් කරන්න අදහසින් ..

" චාල්ස් එහෙනම් කාමරයට යන්න .. මරියා කෑම ගෙනේවි "
චාල්ස්ට සමුදුන්න ජිමින් තවමත් අත් පපුවට බැඳන් හිටගන බලන් ඉන්න ටේහ්‍යුන් ව ගනනකට නොගෙන කෑම කාමරය වෙත ගියේ මරියාටත් ඔරවමින් .. ජිමින් තරහින් හිටියා මරියා ටේහ්‍යුන් ලවා දේවල් කියන්නට පුරුදු වීම හින්දා .. මරියා දැනන් හිටියා සේවිකාවන්ට වඩා ටේහ්‍යුන් ට ජිමින් ව නම්මා ගැනීමේ හැකියාවක් තියෙන බව .. අනෙක් අතට ටේහ්‍යුන් කුමරුන්ට අනවශ්‍ය ලෙස ගරුකිරීමක් කරන්නෙත් නැති නිසාම එය ඔහුට ලේසි උනා .. ඒ නිසායි මරියා ජිමින් ට කෑම වෙලාවල් මතක් කිරීම ටේහ්‍යුන් ලවා කලේ ..

𝓜𝔂 𝓓𝓮𝓪𝓻 𝐕𝐈𝐎𝐋𝐄𝐓 🍂 𝟏𝟗𝟓𝟎 𝐄𝐧𝐠𝐥𝐚𝐧𝐝 ( VMin ) Ongoing Opowieści tętniące życiem. Odkryj je teraz