• 34 •

96 20 44
                                    


ජිමින් ගේ වැඩකටයුතු ටික අවසානයක් වෙනකන් ඔහු එක්ක රැඳෙන්නැයි චාල්ස්ට කියලා ටේහ්‍යුන් , ආර්යාව ඔහු වෙනුවෙන් එව්ව කාරයට ගොඩ උනා ..

" ආර්යාව ද කිව්වෙ කුමරුන් ඉදිරියේම මාව එක්ක එන්න කියලා ? "
ටේහ්‍යුන් නක්කලේට හිනාවක් පෑවා .. නමුත් ඔහුගේ පැනයට නන් ආර්යාව එවූ පුද්ගලයාගෙන් පිලිතුරක් ලැබුනෙ නෑ ..

අනිවාර්‍යයෙන්ම එය ආර්යාව ගේ සැළැස්මක් .. ඇයට බොහොම දුරකට තේරීගන යනවා ටේහ්‍යුන් හෙමි හෙමින් ජිමින් ට උදව් කරන බව .. ඒ නිසාමයි ඇයට ඕන උනේ ජිමින් ගේ ඉදිරියේම ඔහුව එක්කන් එන එක .. එතනින් ඇයට පුළුවන් ජිමින් ගේ හිතට මතක් කරන්න , ටේහ්‍යුන් කියන්නේ ආර්යාව එවූ ඇයගේ පුද්ගලයෙක් මිස ජිමින් ගේ අයෙක් නොවෙන බව .. ජිමින් තවමත් තනි අයෙක් බව ..

ටේහ්‍යුන්ට එය තේරුම් ගිය නිසාම ඔහු තරහින් රවාන පාර දෙස බලාගත්තා ...

.
.

" ආර්යාව ? හදිසියේම ? "
මුද්‍රණාලයේ නැවත ඉදිකිරීම් සම්බන්ධව කතාබහ අවසානයේ ජිමින් චාල්ස් වෙත එද්දී ටේහ්‍යුන් පෙනෙන්නට නොහිටිය එකට ඔහුගේ හිත හොඳනැති උනා ..

" ඔව් කුමරුනී .. ඔබතුමාව ප්‍රවේසමෙන් මාලිගාවට ඇරලවන්න කිව්වා .. "

" හ්ම් .. "

කෙටි උත්තරයක් එක්කලා ඔහු ෆෙරාරියට ගොඩ උනේ කල්පනාවෙන් ..

******

ආර්යාව නිරන්තරයෙන් යන එන අවන්හල අසල නතර කල රාජකීය රෝවර් වර්ගයේ රථයෙන් බැසගත් ටේහ්‍යුන් දිව කම්මුල තුලට තෙරපවන අතරේ අවන්හලට ඇතුල් උනා ..

මීට කලින් වතාවකදී ජිමින් එක්කලා ටේහ්‍යුන් මේ අවන්හලට ආ දිනයේ උන හදිසි , එහෙමත් නැත්නම් සැළසුම් කරන ලද වෙඩිහුවමාරුව ගැන ටේහ්‍යුන් ට කල්පනා උනා .. ඔහු ඒ කල්පනාවෙන්ම ඉහල මහලට යන පඩිපෙල නැග්ගේ ආර්යාව මුණගැහෙන්න ..

" Okay .. එහෙම කරමු .. "
ටේහ්‍යුන් ගේ කළු සපත්තුවේ හඬ එක්කලයි ආර්යාව තවත් අයෙක් එක්කලා කරමින් හිටිය කතාබහ නතර උනේ ..

" තමුන් දැන් යන්න .. මම පස්සෙ ඒක බලන්නම් "
ආර්යාව ටේහ්‍යුන් ව දැක්ක නිසා ඇය එක්කලා කතාබහේ හිටිය පුද්ගලයාව හරවා යවන්නට එහෙම කිව්වත් ටේහ්‍යුන් ඒ වෙද්දී ඒ පුද්ගලයා දිහා අවධානයෙන් බලමින් හිටියා ..

𝓜𝔂 𝓓𝓮𝓪𝓻 𝐕𝐈𝐎𝐋𝐄𝐓 🍂 𝟏𝟗𝟓𝟎 𝐄𝐧𝐠𝐥𝐚𝐧𝐝 ( VMin ) Ongoing Where stories live. Discover now