• 35 •

99 19 33
                                    

" හ්හාහ් .... හරි .. දැන් මට කියන්න .. ආර්යාව ඔබව හදිසියේම කැඳවීමට හේතුව ගැන ? "

ජිමින් එහෙම අහද්දී ටේහ්‍යුන් ආයාසයෙන් කෙටි හිනාවක් පෑවේ ආර්යාව ත් තමන් අතරත් උන කතාබහ කොහෙත්ම ජිමින් ට කියන්න නොහැකි නිසා කලබලෙන් ..

" ටේහ්‍යුන් ? මොනවද කල්පනා කරන්න තියෙන්නෙ ඔබට ? "
ජිමින් තවමත් පියානෝව පිට හිඳගත් වනම ටේහ්‍යුන් දෙස බලා හිඳිද්දී අත් දෙකෙන්ම ටේහ්‍යුන් තමා වාඩිවී ඉන්නා පුටුව දෙපැත්තෙන් තදින් අල්ලාගත්තා .. කොහොම නමුත් ඔහුත් දන්නවා ඔහු උනත් ජිමින් ට මේ කරන්නේ ආර්යාව කල බොරුවම බව ..

" අ අම් .. අධිරජුන් ලෙඩින් නිසා කිරුළු නම්කිරීමේ උත්සවය ඉක්මන් කරන වග කිව්වා කුමරුනි .. ඔබතුමාගෙ අලුත් එලිදැක්වීමත් එක්කලා ඔබතුමාගේ ආරක්ෂාව තර කරන්නයි කියලා මට__ "

" චහ් .. මට විශ්වාස කරන්න බැරි ඇයට කොයිතරම් දුරකට රඟපාන්න පුළුවන් ද කියන එක .. ඔබට හිතෙන්නෙ නැද්ද ටේහ්‍යුන් .. She deserves a Oscar "
ජිමින් හයියෙන් හිනහා වෙද්දී ටේහ්‍යුන් කෙටි හිනාවකින් ඉවත බලාගත්තා .. ඔහුටත් එයම නොහිතුනා නොවෙයි අනික ..

" ඉතින් .. ඔබට ඇය එක්කලා කතාබහට මේතරම් වෙලාවක් ගියාද ? "
ජිමින් සිනාව හදිසියේම නවතාදමද්දී ටේහ්‍යුන් නොපෙන්නුවාට මදක් තිගැස්සුනා .. ජිමින් ඔහු වෙතට එල්ල කරන ඒ සැක මුසු තියුණු බැල්මට ටේහ්‍යුන් ඒ තරම් කැමැත්තක් නැහැ ..

" නෑ කුමරුනී .. ම් මේ .. ආර්යාව ඇය හා රාත්‍රී ආහාරයට ඉඳගන්නැයි මට ආරාධනාවක් කලා ... මට හැකියාවක් නැහැනේ රාජකීයකුගේ ඉල්ලීමක් ඉවත දමන්න__ "

" ආ හා .. ! එතකොට ඔබට ඇය එක්කලා රාත්‍රී කෑම වේලටත්‍ රැඳුනා ? "

" නෑ මම .. කෙටි වෙලාවකට__ "

" ඔබ එහි පිටත් වී පැය හතරකුත් විනාඩි විස්සක් ගත උනා ටේහ්‍යුන් .. ඔබ එය හඳුන්වන්නෙ කෙටි වෙලාවක් කියාද ? "
ජිමින් ගේ ඇස් කෝපයෙන් වගේම ඉරිසියාවකින් ඉලිප්පී ගිහින් තිබුනා .
කොහොම නමුත් එය ප්‍රමාණවත් , මිණීමරුවෙක් උන ලුසිෆර් ගේ තොල කට වේලෙන්නට තරම් .. සැකයෙන් හා ඉරිසියාවෙන් පිරුන ජිමින් යනු ඉතා භයානක අයෙක් වග ටේහ්‍යුන් ට මේ සරත් ඍතුවේ හොඳින්ම වැටහීගනයි යන්නේ ..

𝓜𝔂 𝓓𝓮𝓪𝓻 𝐕𝐈𝐎𝐋𝐄𝐓 🍂 𝟏𝟗𝟓𝟎 𝐄𝐧𝐠𝐥𝐚𝐧𝐝 ( VMin ) Ongoing Where stories live. Discover now