59

4.4K 711 703
                                    

මාව වෙව්ලන්න ගත්තා .............කාට මොන මගුල කිව්වත් දත කාගන ඉදලා වෙලාව ආවම කෙලවලා අරින්න තරම් ඉවසීමක් තිබ්බ මට මගෙ  ඉවසීමට කෙලවිලා ගියා කියල විතරයි මට අමුවටම කියන්න තිබුනෙ....අම්මා අප්පා මගෙ සහෝදරයො...උන් හැමෝම මගෙ ජිවිතේ ...එක ඇත්ත...ඒත් මගෙ මිනිහා......මගෙ ලමයි කියන්නෙ උන් මම මගෙ අත් දෙකෙන් ගොඩනගාපු ලෝක.....

මොන යකාටද උහුලන්න පුලුවන් මෙහෙම කතාවක්...තවම ඔලුවට අත තියල වඩාගන්න....ළඟින් තියන් නිදාගත්තා උනත් රෑ එලිවෙනකන් නිදි නැතුව කොයි වෙලෙ අතක් පයක් වදීද කිය කිය ඇහෙ තියන් මුර කර කර පපුවෙ තියන් රකින මගෙ නොදරුවන්ට කියපු කතාවට මගෙ ඉවසීම  නැත්තටම නැති උනා වගේම මං ගප්පියව ඇදගන ගිහින් බිත්තියෙ ගහපු ගැහිල්ලට ඒකගෙ ඔලුව පැලුනා.....ඒ වදුන වැදිල්ලට ඒකගෙ කම්මුල් පවා දෙදුරුම් කෑවා......

......උඹ අත තියපන්...මේ ගෙදර ඉන්න ඕන පකෙක්ට අත තියපන් මිලින්ද ..හැබැයි ඔය කටින් මගෙ කොල්ලො දෙන්නගෙ නම කියන්ඩ හිතන්ඩ වත් එපා......සොල්ල.........උන් උඹට කරපු වරද මොකක්ද ......ආ...කියපන්...මගෙ උන් උඹ මොකාද කියන්ඩ වත් දන්නවද........???උඹ කාගෙ කව්ද උඹගෙ පාට කියන්ඩවත් උන් දන්නවද   ..ඩේ....උන් අප්පව අදුනන්න ගත්තෙත් ඊයෙ පෙරේදා ........එහෙම එකේ උඹ උන්ට අත තියන්නෙ උන් තොගෙ මොන බිජ්ජ ගත්ත හන්දද යකො???

මං දත් කූරු හපාගත්තා........උඹට උන් කරපු වැරද්ද මොකක්ද අහ අහ මං මාරාවේස උනා......ඒත් අරකගෙ මුන....අරකගෙ මුනෙ නෙවෙ වෙනසක් තිබ්බෙ...ඒකගෙ මුන පුරාවටම තිබ්බෙ නක්කල් හිනාවක් විතරක්ම වෙනකොට ඔලුව පලාගන උනත් ගවනර් ලුක් එකෙන් ඒකා මගෙ කම්මුලට තට්ටු කෙරුවා..........හිනා උන....මගෙ වචන තබේට මායිම් නොකර ඒකා හිනා උනා.....

උඹ හිතනවද උඹට උන් ඔක්කොම බේරගන්න පුලුවන් කියලා ......ආ මානි......උඹ හිතුවද උඹට මේ ඔක්කොම බේරගන්න පුලුවන් කියලා...කී දවසකට...???කීයක් කියලා නවත්තන්නද.......උඹ කොහොමත් මැරෙන්න ඉන්න එකා..........උඹ කොහොමත් ලෙඩා...මං හිතන්නෙ මහ එකී  යන්න ගිහින් තියෙන්නෙ උඹට බෝනස් දීලා......අම්මලා පුතාලාට එකට තේ බොන්න පුලුවන් එහෙට ගිහිල්ලා.....වැඩි දවසක් නෑනෙ....කියපන්...ජයරත්නෙන්ද එම්බාම් එක.......දානෙට වට්ටක්කා ඕනා නම්..දඹුලෙන්ම ලොරියක් බාන්නම්......

🔱SINGAM(✅)Where stories live. Discover now