13

507 80 18
                                    

" අඩෝ නැගිටපන්..! පහයි වෙලාව..! "

මියුරුගෙ කටහඩින් ගැස්සිලා ඇහැරුන මං ඇස් ඇරියාම මට එහාපැත්තෙ ඉදපු ශ්වේත් හිනාවෙලා මං දිහා බලන් හිටියා.. ශ්වේත්ගෙ යාලුවො ආයෙමත් සින්දු කියන්න පටන්ගෙන.. ලොකු සද්දෙකින් නැතුව ලාවට ගිටාර් එක ගගහා කට්ටිය සින්දු කියනවා.. ට්‍රේන් එක මොකක්හරි ස්ටේශන් එකක නවත්තලා.. වටපිටාව අදුරුයි.. තාම පහයිනෙ වෙලාව..

" කොහෙද මේ..? "

" පට්ටිපොළ.. "

ශ්වේත් එහෙම කිව්වෙ එයාගෙ අතේ තිබ්බ වතුර බෝතලේ මට දෙන ගමන්.. මං ඒක අරන් කට හෝදලා වතුර උගුරු දෙකකුත් බීලා මියුරු ගෙනත් දීපු බිස්කට් පැකට් එක කඩලා ශ්වේත්ටත් දුන්නා.. මියුරුට ගානක් නෑ ශ්වේත් මං එක්ක ඉන්න එක.. කොහොමත් ඌ දන්නෙ නෑ මං ශ්වේත්ව අදුරනවා කියලා.. අනිවාර්යයෙන්ම හිතන් ඇති ට්‍රේන් එකේදි අපි ෆිට් වෙලා කියලා.. ඒකත් හොදයි හැබැයි.. නැත්තන් මට හේතු මවන්න වෙනෝ මියුරුට ශ්වේත්ව අදුන්වලා දෙන්න..

" අපි නානුඔයෙන් බහිනවා ශ්වේත්.. "

" ඔයා මට කිව්වා.. "

මං ඇස් හීනිකරන් ශ්වේත් දිහා බැලුවාම එයා කට තද කරන් හිනාවෙලා අහක බලාගත්තා.. ශුවර් මෙයාලත් බහින්නෙ නානුඔයෙන්..!

" මං හිතුවෙ නෑ ට්‍රේන් එකේදි ඔයාව හම්බෙයි කියලා.. මං හිතන් හිටියේ නානුඔයෙන් බැස්සම ඔයාව හොයාගන්න.. "

ටිකක් වෙලා ඉදලා ශ්වේත් එහෙම කිව්වම මං අදුර කපාගෙන ලාවට එලිය වැටෙන්න ඔන්න මෙන්න තියෙන ඈත අහස දිහා බැලුවා..

" මාව එතනදිත් මගෑරුනොත් මොකද කරන්නෙ..? "

ටිකක් වෙලා ඉදලා මං එහෙම ඇහුවේ..

" එහෙම වෙන්නෑ.. "

ශ්වේත් එහෙම කිව්වම මං ඉක්මනින් එයාගෙ දිහා බැලුවා ප්‍රශ්නාර්ථ බැල්මකින්..

" මට විශ්වාසයි කිසිම දවසක මට ඔයාව මගෑරෙන්නෙ නම් නෑ හිමත්.. "


><


කොහොමහරි අපි හය හමාර විතර වෙද්දි නානුඔයෙන් බැහැගත්තා.. නයිට් මේල් එකේ මේ ගමන නම් ඇත්තටම මාරෙටම දැනුණා.. ඒක හොදටම තේරුනේ අද උදේ එළිය වැටෙනකොට වටපිටාවෙ ලස්සන බලද්දි..

අලු ඇස් | ᴏɴʜᴏʟᴅWhere stories live. Discover now