19th Chapter

40 8 4
                                    

ඊයේ රෑ වැඩිපුර බිව්ව නිසා ටිකක් දවල් වෙනකන් නින්ද ගියා. කාලෙකට පස්සේ ගොඩක් ආදරණීය මූණවල් ටිකක් දැක්කා. ඒත් මගේ ආදරණීයම ඇස් දෙක දැක්කේ නැහැ. මම ටික වේලාවක් ඇඳේ හාන්සි වෙලා කල්පනා කළා. මගේ දේශාන් කොහෙද?

... " පුතා. "

" ඔව් අම්මා. "

අම්මා කතා කළ නිසා මම මූණ තෙමාගෙන පහළට ගියා. අම්මා මට ලියුමක් දුන්නා. නිර්නාමික ලියුමක්. Fan කෙනෙක්ගේ වෙන්න ඇති. ලංකාවට ආවාම ඔය වගේ ඒවා ගොඩක් මට ලැබුණා. මම ඉතින් ඒක කාමරෙ මේස උඩින් තියලා wash එකක් දාගන්න ගියා.

පස්සේ breakfast එක අරගෙන මම Garden එකේ ඇවිදින්න ගියා.

' කොච්චර සෙල්ලක්කාර කමින් හිටපු කෙනෙක් ද මේ තරමටම නිහඬ වුනේ ' school එකේදි මම හිටියේ අපායක ජීවත් වෙනවා වගේ.   කාලයක් මගේ එහා පැත්තේ හිටපු සැනසීම එදා රජරට මැණිකේ අරගෙන ගියා. මම අහස දිහා බලාගෙන කල්පනා කළා.

ටික වෙලාවක් එළියේ ඉදලා මම ආයේ කාමරේට ගියේ මගේ business වැඩ ටිකක් බැලුවා. AUSTRALIA වලදි මම university ඉද්දී පොඩි business එකක් ලංකාවේදී පටන්ගත්තා. බදුල්ලෙන් tea estate එකක් අරගෙන මම පොඩි business එකක් පටන්ගත්තා. තව Guest House එකක් හැදුවා.

ටිකක් මහන්සි නිසා මම අර letter එක බැලුවා.

........ ආරාධනා දෑසේ හිමිකාරයා වෙත,

තවමත් ඒ දෑස් ඔබට අයිති යැයි මම සිතමි.
ඒ දෑස කදුලෙන් පිරි, වියලි කාලයක් බලා සිටියි.
ප්‍රේමයෙන් අතරමං වූ ඒ දෑස හමුවීමට නම්
පැමිණෙන්න 01/18 වන දින උදෑසන 10 ට,
අපි හමුවුන ඒ දොර ළඟට ඉදිරියට.

........................ මීට
                              ඔබේ නොවුන ආරාධනා දෑස්.

........................................

මේ වගේ ලියුම් මට ඕන තරම් ඇවිල්ලා තියෙනවා. ඒත් මේක විශේෂයි. අපි හමුවුන ඒ දොර ළඟ. ඒ කියන්නේ පන්තිය ගැන. මම මගේ පොතේ ඒ ගැන කියලා නැහැ. පන්තිය ගැන. ඒ කියන්නේ මේ එයාද?

01/18 ඒ කියන්නේ අනිද්දා. මම මේ ගැන නම් හොයලා බලන්න ඕන.

Party එකට ගිය වෙලාවේ මම දුලාංජගේ contact number එක ඉල්ලගත්තා. මම මේ ගැන ඌට කිව්වා. ඌ කිව්වේ ගිහින් බලන්න කියලා. මේ මගේ අලුත් බලාපොරොත්තුව වෙන්න ඇති.


.............................................

2034. 01. 18

ඒ ලියුමේ කියලා තිබ්බ විදියට clz එක තමා තැන. මම ගියා එතනට. තාම දහය වෙලා තිබ්බේ නැති නිසා කවුරුත් පේන්න හිටියේ නැහැ. මම ඒ ළඟ තිබ්බ bench එකක වාඩිවුණා. ටික වෙලාවක් බලං ඉදලා මම ටිකක් ඇවිදින්න ගත්තා.

එදා වගේ නෙවෙයි. දැන් නම් clz එක හොඳටස වෙනස් වෙලා. හැමදේම system වෙලා. Lift එකක් පවා තියෙනවා. මම පරක්කු වෙලා ආව දවසක, මගේ card එක අමතක වුනාම එයා මට කතා කරලා card එක දුන්න හැටි මට හීනියට වගේ මතකයි. මම හැමදාම clz එකට දිව්වා.

... " Mr. Akidu "

Girl කෙනෙක් ඇවිල්ලා මට කතා කළා.

" Yes "

මම එයාගේ ඇස් දෙක දිහා බැලුවා. එයාගේ ඇස් මගේ දේශාන් ගේ ඇස් වලට 90% ක් ගැලපෙනවා. මාව මොහොතකට ගල් ගැහුනා. මම ඒ girl දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා.

" Hello. Mr. Akidu. I am Deshanya. Nice to meet you"

" Me too Deshanya. Letter එක එව්වේ ඔයාද? "

" ඔව්. මම තමා. අපි යමුද coffee shop එකට "

" හරි. යමු. "

මම එයා එක්ක ළඟ තිබ්බ cafe hut එකට ගියා. ඒ girl මන් දිහාම බලාගෙන හිටියා. මම මුකුත් නොකියා එයා මොනාහරි කියනකන් ඉදගෙන හිටියා.

" මට බැරිද ඒ ආරාධනා දෑස් වල අයිතිකාරයා වෙන්න. "

සිකුරාදාට හමුවෙමු....

ආරාධනා දෑස් 💕Where stories live. Discover now