18

5.6K 571 174
                                    

ඔහොම්මම සතියක් ගෙවිලා ගියා..අද ගමිඳු අයියගෙ බත්ඩේ පාටි එක. මම කලු අත් දිග ශර්ට් එකේ මැදට වෙන්න විතරක් බොත්තම් ටික දාගෙන ඒ උඩින් සිල්වර් චේන් එකක් දාලා අතට අහුවෙන්නැති කොණ්ඩෙ පුරාවට අත යැව්වෙ දික් වෙලා තියන ටික නළලට වැටෙන විදිහට..මේ අවුටුෆිට් එකට ශවිරු අයියා මට දීපු සිල්වර් වොච් එක හරි යයි- මම අල්මාරියේ දොර ඇරලා වොචස් තියෙන ඩ්‍රෝවර් එකෙන් වොච් එක අරන් අතට දාගත්තා.

කණ්ණාඩියෙන් මගේ අතේ මස්ල්ස් ෆ්ලෙක්ස් කරද්දි ශර්ට් එක අස්සෙන් ඒක පේන හැටි බලාගෙන මම කට කොනින් හිනා වුණා. අවුරුදු ගාණක වැඩ..ඒ අස්සෙ හරියටම තව දවස් හතරකින් අපේ ස්පෝට්ස් මීට් එක. පෙරේදා තිබ්බ වොලිබෝල් මැච් එකෙන් අපි සෙකන්ඩ් ප්ලේස් ගත්තෙ. ඒ අස්සෙ නිශල්කයාගෙ අතේ උරහිස පැන්නා. ඌ දැන් ඉන්නෙ වම් අත එල්ලගෙන. එහෙම වෙලත් අපිට උන්ව පරද්දන්න බැරි වුණ එක පොඩ්ඩක් කිච වීමට හේතුවක් වුනත් කොහොම හරි අපි ලකුණු දාසයක ගැප් එකක් තියාගෙන අල්ල ගත්තා. මොකද ගහපු ෆුට්බොල් මැච් එකෙනුයි කැරම් මැච් එකෙනුයි අපිට ප්ලේස් කරන්න බැරි වුණ නිසා අපිට පොයින්ට්ස් හෙන ගොඩක් මිස් වුණත් අන්තිම තුරුම්පු විදිහට අපි තියන් ඉන්නෙ ස්පෝට්ස් මීට් දවසට තියන රිලේස් පහෙනුයි දොළහ දහතුන ටීම් ඉවෙන්ට්ස් දෙකෙනුයි ස්කොඩ් එකෙනුයි. ඔය ටික වින් කරලා ප්ලේසස් ගත්තොත් අනිවා අපි ෆස්ට් වෙනවා. වැඩිය ඕනෙ නෑ.. ස්කොඩ් ෆස්ට් ප්ලේස් ගත්තොත් කෙලින්ම ලකුණු විසි පහයි.

මම කණ්ණාඩිය දිහා බලන් ඉද්දි පිටිපස්සෙන් පේන ඇද උඩ තිබ්බ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වෙනවා දැක්ක නිසා මම ගිහින් ෆෝන් එක අතට අරන් කෝලර් අයි ඩී එක දිහා බැලුවා. ගමිඳු අයියා?

"කියන්න අයියෙ?"

"ඔව් ඔව් ඔතන තියන්න- ආ හලෝ මල්ලේ! උබ එනවා නේද?" මම ඇස් දෙක අකුළ ගත්තා.

"ඔව් ඇයි?"

"නෑ නෑ උබයි නිශල්කයි ඊයේ මරා ගත්ත විදිහට මට මේ දැන් එකපාරටම හිතුනෙ උබලා දෙන්නා එන එකක් නෑ කියලා."

"ආ නෑ ඌ තමයි මාව පික් කරන්න එන්නෙ."

"අඩෝ සිරාවට?! උබලත් මාර උකන වලිනෙ බන් දාගන්නෙ! ඊයේ අරූ උබේ බෙල්ල මිරිකපු විදිහට මන් හිතුවෙ හරි තමයි කියලා."

රදළ | The Kandyan AristocratsWhere stories live. Discover now