" නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා.."" මොකද උබ..? "
පිටිපස්සෙන් කනට ලංකරලා ඇහුනු කටහඩ ට සෝනු ගැස්සිලා ගියා කොච්චර ද කිව්වොත් අතේ තිබ්බ ශැම්පේන් ග්ලාස් එකෙන් බිංදු තුන හතරක් ඇදන් හිටිය ෂර්ට් අත උඩ තැන් තැන් වල ස්ථානගත වුනා.
" මන් දන්නෙ නෑනෙ උබ අරූ දිහා ඈතට වෙලා බලන් ඉන්න ඔච්චරටම ආසයි කියලා "
සෝනු පිටිපස්සෙන් ඇවිත් තමන් ගෙ කරවටේ බැදුන අයාන් ගෙ අත උත්තර රහිත විදියට ගස්සලා දැම්මෙ ආයිත් අයාන් සෝනු ගෙ උරහිස් වටෙන් අත යවලා කොල්ලව ලං කර ගනිද්දි.
" බොරු මරිසි එපා සගොර්.. මන් ඕක දැනගෙන දැන් දවස් දෙකක් හරිතෙ "
සෝනු ඇස් දෙක හීනි කරලා අයාන් දිහා බැලුවෙ මෙච්චර වෙලා භාවනාවක් වගේ සමවැදිලා හිටිය රූපෙන් ඇස් අරගන්න ගමන්.
" උබ දන්නවා නෙ ඉතින් මට හොරෙන් උබ ඔය නටන නැටුම් වල තාලෙට අඩියක්වත් තියන්න ඉඩක් නෑ කියන්න. මට කියලා
ඉන්න එකම එකා උබනෙ බන්. උබ හැරෙද්දි මන් දන්නවා මොකක්ද ඊලගට වෙන්න යන්නෙ කියලා.
උබ දැන් අද මෙතනට ඇවිල්ලත් අරූට පේන්න සෙහස් එක්ක දැගලුවට උබේ ඇස් කැරකිලා කැරකිලා යන්නෙම අරූ ගාවට මන් බලන් හිටියෙ "" උබට මන් ගැන බලන්නත් වෙලාවක් තිබ්බ ද පුදුමයි.. මන් ඒත් බලන් හිටියෙ අර පොඩි කොල්ලෙක්ව අරන් නලවනවා "
සෝනු රවලා කියද්දි අයාන් අමුතු ලුක් එකක් අරන් අනිත් අතින් උස්සලා තිබ්බ කොන්ඩෙ ටික පිටිපස්සට කරගෙන හෝල් එකෙ වෙන පැත්තකට හැරුනා.
සෝනු ටත් වඩා බාල වුනාට මූ හෙන හැඩකාරයා. කොන්ඩෙ උඩට දාලා කිට මරලා ඉද්දි ඉතින් වෙනම කියන්න ඕන නෑ වයසට වඩා තිබ්බ මුහුකුරා ගියපු පෙනුම එක්ක අද කොල්ලා වෙනදාටත් වැඩිය ලස්සනයි.
" පොඩි උන්ව ගාවගන්න එපා බන් මන් උබට හැමදාම කියනවා "
" හරි හරි ඒක ලොකුවට මුකුත් නෑ. ඉතින් ඉතින් අරක ගැන උබට මොකක්ද කියන්න තියෙන්නේ "
අයාන් ඇස් වලින් ඉස්සරහ තිබ්බ ටේබල් එකක තව කොල්ලො කෙල්ලො ටිකක් එක්ක වාඩිවෙලා ඉන්න ආයුෂ් ව පෙන්නද්දි සෝනු ලාවට හිනා වුනා.
" කියන්න තරම් දෙයක් නෑ ඉතින්. මන් ඌට කියන්න පුලුවන් හැම විදියටම නොකියා කිව්වා ඌටත් තේරුනා.... අනේ මන්දා දැක්කෙ නෑ අද එක පාරක්වත් මන් ඉන්නවද නැද්ද බැලුවෙ නෑ ඌ. "
" ඕන මගුලක් කියලා ඔන්න ඕක කෙලින්ම කියලා දාපන් ප්‍රශ්නයක් වුනොත් මන් බලාගන්නම් "
" කිව්වා බන් ඉතින් කෙලින්ම... මන් ඊයෙ රෑ ඌව කිස් කරන්න ඕන කිව්වා "
" ඉතින් "
" ඌ මුකුත් නොකියා රූම් එකෙන් එලියට බැහැලා ගියා බන්...
පස්සෙ මන් එහෙන් යනකම් ඌ මූනට මූන කතාකරන්න ආවේවත් නෑ.
උබ දන්නවනෙ ඉතින් ආයුෂ් ගෙ හැටි මන් පස්සෙන් පන්න පන්න වද දුන්නොත් ඕකා දෙපාරක් හිතන්නෙ නැතුව මට කුනුහරුපෙන් අමතලා දාවි. ඌ රිජෙක්ට් කරන්නෙත් වෙනම විදියකට. මට තේරෙන්නේ නෑ ඕයි මූට අඩුම මන් වෙන එකෙක් එක්ක හැමිනුනත් දැන් ගානක් නෑ වගේ නෙ. ඉස්සර සෙහස් එක්ක ඕනවට වඩා එල්ලිලා හිටියම කෑගහන එකා අද දැක්කත් අදාල නැති සීන් එකෙ හිටියා. මගේ පපුවත් හිරවුනා බන් ඌ මාව දන්නෙ නෑ වගේ හැසිරෙද්දි "" කැ# පකයෙක් නෙ මහ "
" මට සීයට දාහක් ෂුවර් මන් කැමතියි නෙවෙයි මොන මගුල කිව්වත් ඌ යාලුවෙක් විදියට මගෙන් ඈත් වෙන්නෙ නෑ. ඒ වුනාට උගේ තියෙන්නෙ මහ වෙනම විදියට එපා කරන දේවල් නෙ. එක්කො කිස් කරන්න අහද්දි එපා කියන්න තිබ්බා ඌ වෙනම ලෙවල් එකකින් මාව රිජෙක්ට් කරන්න හදන්නෙ.
ඊයෙ නම් මටත් මල පැන්නා මන් ආයිත් යනවා කියලවත් කියන්නෙ නැතුව එහෙන් ආවේ එපා වෙනවා හුත්ත "" අතැරලා දාපන්. උබට මොකෙක්හරි ඕනම නම් මන් හොද එකෙක්ව සෙට් කරලා දෙන්නම්. උබ අල්ලන් නැටුවට සෙහස් කියන්නෙත් සෙට් වෙන පොරක් නෙවෙයි නෙ. මන් බයෙන් හිටියෙ මුලින්ම උගෙන් නඩුවක් වැටෙයි කියලා උබට. උබ හිතනවද උබලයි තාත්තා ගෙ ඔය ඇමතියා ගෙ සීන් හංගන් ඉන්න කතාව නැතිවුනා නම් උබට ඔහොම ඌව නටවන්න පුලුවන් වෙයි කියලා "