01 දිගහැරුම

971 64 12
                                    

අලුත් දවසක් අලුත් ආරම්භයක්....හ්ම්....වැඩ ගොඩක් තියේ පටන් ගන්න වගේම ඉවර කරල දාන්නත්

උදේම නැගිටපු මං ලහි ලහියට ලෑස්ති උනේ කැම්පස් එකට ‍යන්න හිතාගෙන. මොකද අද තමා මගෙ කැම්පස් ජීවිතේ පළමු අදියර පටන්ගන්නෙ.

කැම්පස් එකට යන්න ගෙදර ඉදන් විනාඩි 15ක් 20ක් විතර යයි ඕනෙ නම්.ඒත් කැම්පස් එකට යන්න ඕනි වෙලාවට පැය 2ක් විතර කලින් ලෑස්ති උනේ ඊයෙ රෑ මතක් උනු දෙයක් නිසා.

ඊයෙ රෑ මට මතක් උනේ කැම්පස් එකට යන්න කලින් මං පොඩි කාලෙ ජීවත් උනු තැනට ගිහිල්ලා එන්න ඕනි කියලා.ඒ වෙන කොහෙවත් නෙවෙයි ඕෆනේජ් එකට.

ටේබල් එක උඩ තිබ්බ ෆුල් ෆේස් හෙල්මට් එකක් අරන් ගෙයින් එළියට බැහැලා ආවෙ කී රැක් එකෙන් බයික් එකේ කී එකත් අතට අරන් ගෙදර ඩෝ එක වහන ගමන්.

එහෙම්ම හෙල්මට් එක දාගෙන කී එක කී හෝල් එකට දාලා බයික් එක ස්ටාර්ට් කර්ලා ගේට් එකෙන් එළියට දැම්මෙ ඕෆනේජ් එකට යන්න.

එහෙම්ම හෙල්මට් එක දාගෙන කී එක කී හෝල් එකට දාලා බයික් එක ස්ටාර්ට් කර්ලා ගේට් එකෙන් එළියට දැම්මෙ ඕෆනේජ් එකට යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බයික් එකෙන් පැයට කිලෝමීටර් 60ක විතර වේගයෙන් මං ගියේ මොකද මේ පාරවල් වල මීට වඩා වැඩි වේගයෙන් යන්නත් බෑනෙ...බෙල්ල ගහලා යනවා එහෙම ගියොත්.

පැයක් විතර යද්දි මං ඕෆනේජ් එක පේන මානයට ආවා. බයික් එකෙන්ම ගේට් එක ලගට එහෙම්මම ඇවිල්ලා හෙල්මට් එකේ ග්ලාස් එක උඩට කලේ එතන හිටපු ඕෆනේජ් එකේ සිකුරුටි අංකල්ට කතා කරන්න ඕනි නිසා.

"අංකල් මම නිෂිත්. ගේට් එක අරින්න පුලුවන්ද"

"දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ මේ නිෂිත් පුතානේ අදුරගන්නත් බැරි උනානේ"

"අවුරුදු ගානකට පස්සෙනෙ ආවෙ අංකල්"

"ඒකනේ...මාත් බැලුවා කවුද මේ බයික්කාරයා කියලා..ඉන්න පුතේ මං ගේට් එක අරින්නම්"

රාග් ( Yizhan )Where stories live. Discover now