"අම්මෝ ඇති යාන්තම් ඒකත් ඉවරයි.දැන් ඉතින් හෙට ඉදන් පැය දෙක දෙක පුටුව රත් කරපන්කෝ"
කැම්පස් එකේ තිබ්බ සෙරමනි එක ඉවර වුනු ගමන් ශේන් මාවත් ඇදගෙන ආවෙ ඒ ලගම තිබ්බ කැෆේ එකකට
ඌ නම් කියවනවා කියවනවා ඉවරයක් නෑ..ඒ අස්සෙ කටත් පුරවන් කනවා.මං නම් මගේ පාඩුවේ ඌ කියන දේවල් අහන් බර්ගර් එකක් කෑවා,
"අනේ භල්ලෝ තෝ ඕක කකා ඉන්නෙ නැතුව මාත් එක්ක කතා කරපනකෝ නැත්නම් දකින උන් හිතයි මං ඔහේ කියවන මානසික ලෙඩෙක් කියලා..සෙද්ද.."
"ඒකෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑනෙ.උබ කොහොමත් එහෙමනේ"
බර්ගර් එකේ අන්තිම කෑල්ලත් කාලා ඉවර කරලා අරූ දිහා බලද්දි ඌ මට රවනවා දාගෙන
"මං කිව්ව කියලා හිතාගනින්කෝ තොට...ඒක නෙවෙයි බන් සීනියර්ලා අපිව රැග් කරයිද හෙට"
"ම්ම්"
"ම්ම් ගන්නනෙ උත්තර දීපන්කෝ යකෝ ඔය ගව බාසාව මට බෑනෙ #ත්තෝ"
"දන්නෙ නෑ"
මං එහෙම කිව්වහම මූ පපි ඇස් දෙකක් වගේ ඇස් දෙකත් බෝල කරන් දුක හිතන මූනක් හදාගෙන බලන් ඉන්නවා.
ඒත් මං නෙවෙයි ඒ මූන ඉස්සරහ සැලුනේ.මොකද ඔය ඕකගෙ තනිකරම බොරු රගපෑමක්.ඒක නිස මං ඌ දිහා බලන් හිටියේ හැගීම් විරහිත විදිහට
"නොදකින් තෝ නම්.... පොඩ්ඩක්වත් තොගෙ හිත උනු වෙන්නෙ නැද්ද යකූ මං මෙහෙම බලද්දි.. අපේ අම්මගෙ නම් හිත උනු වෙනවා හෝස් ගාලා...කියපන්කෝ තොට දුක හිතෙන් නැද්ද"
"නෑ"
මූ ඒ පාර 'මූ කාගෙද' වගේ ලුක් එකකින් බලන් ඉන්නවා මං දිහා.
උට අයේ බල බල ඉන්න දෙයක් නෑ ඌ දන්නවා ඔය මගෙ හැටි කියලා.ඒත් මූ හැමදාම අලුත් දෙයක් වගේ හැසිරෙන්නෙ.
කාලා බීලා ඉවර වෙලා කැෆේ එකෙන් එළියට යද්දි ශේන්ගෙ තාත්තා කා එක එවලා තිබ්බ නිසා ඌ හෙට හම්බෙමු කියලා ගියා.හම්මෙහ් ඉතින් සජිත අංකල් මූව මල් වට්ටිය වගේ ගෙදරින් ඉස්කෝලෙට ඉස්කෝලෙන් ගෙදරට කා එකෙන් අරන් ගියත් මමනෙ දන්නෙ උගෙ කඩප්පුලි වැඩ ගැන.
YOU ARE READING
රාග් ( Yizhan )
FanfictionTheir tale began in bitterness, shaped by mutual respect, and slowly grew into an amour so deep and unspoken that no words were needed. What started in conflict transformed into a quiet, unshakable bond, carrying them into a lifetime of joy and harm...