19

1.4K 253 150
                                    

" ඉනෆ් ධමීර… Just enough ! දැන් තමුසෙට දැනගන්න ඕනේ මම ආදරේ කාටද කියලනේ ? එහෙනම් , හොදට අහගන්නවා ධමීර , මම කැමති තමුසෙට…ඔව්…තමුසෙට ! I'm madly and deeply in love with you ! "

පහුගිය දවසක හිතුවේ නැති වෙලාවක තමන්ගේ කටින් එළියට ආපු වචන ටිකක් ඇදට වෙලා කල්පනා කර කර ස්වේන්ගේ ඔලුවට එකපාරටම ඇහෙද්දි එයා කරපු එකම දේ වුණේ තමන්ගේ කොන්ඩෙන්ම හයියෙන් ඇදගත්ත එක විතරයි !

ඒ වගේම එයාට ඒ වෙලාවේ ඕන කරලා තිබුණ එකම දේ වුණේ ඒ තමන්ගේ කටින් පිට වෙච්ච වචන ටික ආපහු ගන්න එක වෙද්දි ඒ ඇති වෙච්ච කතා බහා වගේම ඒ මොහොත ගැන ස්වේන් හිටියේ ගොඩක් ලොකු පසු තැවීමකින් . තමන් එදා එහෙම ධමීරට කන්ෆෙස් නොකලා නම් කොච්චර හොදයිද කියන සිතුවිල්ල නිතරම වගේ ස්වේන්ට කරදර කරද්දි ආපහු සැරයක් කලින් දවසක ධමීර කිසිම ගානක් නැතුව තමන්ව ප්‍රතික්ෂේප කරපු විදිහ ස්වේන්ගේ මතකෙට ආවා

හැබැයි එක අතකට ධමීරගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් ලැබෙනවා කියන එක ස්වේන් නිකමට වගේ බලාපොරොත්තුවෙන් තමයි හිටියේ . ඉතින් , එයාට ධමීරගේ ප්‍රතිචාරය කොහොමත්ම අමුතු එකක් වුණේ නෑ !

ඒ වුණාට කොහොමින් කොහොම හරි තමන් ඒ දේ ධමීරට කියාගත්තා කියන කාරණාව ගත්තාම නම් ඒ ගැන ස්වේන්ට පොඩි සතුටක් වගේ එකකුත් තිබුණා . ඒ වුණාට ඒ කන්ෆෙශන් එකට ධමීරගෙන් ලැබුණ ප්‍රතිචාරේ ගැන නම් එයා එච්චරම සතුටකින් නෙවෙයි හිටියේ

එකපාරටම තමන් ධමීරට 'ආදරෙයි' කියලා කියපු ගමන් ධමීරගේ මූනේ හැගීම් කොච්චර ඉක්මනටම වෙනස් වුණාද කියන එක තාමත් ස්වේන්ට හොදටම මතක තිබුණා . ඒ විතරක් නෙවෙයි , ධමීර කිසිම හැගීමක් නැති බැල්මකින් තත්පර ගානක් එයා දිහා බලන් හිටපු විදිහත් ස්වේන්ට මැවිලා පේන්න ගත්තා

ඒ මතක් වෙන දේවල් නිසා ස්වේන් පුළුවන් උපරිමෙන්ම තමන්ටම රිද්ද ගනිද්දී එයාගේ මතකෙට ඊලගට ආවේ ගොඩක් වෙලා නිශ්ශබ්දව හිටපු ධමීර එයාට දීපු උත්තරය වෙද්දි ස්වේන් ආයෙම සැරයක් එයාගේ කොන්ඩෙන් ඇදගත්තා

" Say something ධමීර , ඔහොම ඉන්නෙපා ! "

" Well , I'm f*cking straight ආශේර්ය . Sorry "

SR || Ongoing Where stories live. Discover now