" ධමීර , tell me . එකපාරටම තමුසෙට මොකක්ද වුණේ ? "
" මොකක්ද අහන්නේ ? "
ස්වේන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට ධමීර ආපහු සැරයක් එයාගෙන්ම ප්‍රශ්නයක් අහද්දි ස්වේන් හැදුවේ එයාට ඔරවලා එතනින් නැගිටින්න . හැබැයි ධමීර නිසා එයාට ඒක කරන්න බැරි වෙද්දි තත්පර ගානක් අරන් සන්සුන් වෙච්ච ස්වේන් හරීම නිවිච්ච විදිහට එකම ප්‍රශ්නේ ආයේ ආයෙත් ධමීරගෙන් ඇහුවා
ඒත් , ධමීර දිගින් දිගටම කළේම මුකුත් නොදන්න බබාගේ රෝල් එක ප්ලේ කරපු එක !
" එකපාරටම මෙහෙම ඇයි ? මොකක්ද වුණේ ? "
" ආහ් ? "
" වෙලාව බලනවා , normally තමුසේ මෙච්චර කලින් එන්නෑනේ . So , ඇයි ආවේ ? "
" ඒ කිව්වේ ? "
" තමුසේ වෙනදට මේ වෙලාවට කෙලින්ම යන්නේ වෙන ප්ලේස් එකකටනේ ? "
" අදත් ගියා "
" ඒක තමයි මාත් අහන්නේ , ගියා නම් ඉන්නේ නැතුව ඇයි ආවේ ? "
ස්වේන් එයාට තිබුණ එකම වගේම ලොකුම ප්‍රශ්නේ ඒ විදිහට ධමීරගෙන් ඇහුවත් එයාට ඒකට උත්තරයක් දෙනවා වෙනුවට ධමීර කළේ එතනට අදාලම නැති දෙයක් ස්වේන්ට කියන්න පටන් ගත්ත එක . මොනා නැතත් ස්වේනුත් හෙන උනන්දුවෙන් ධමීර ඒ කියන්න ගිය එක අහන් හිටියා
" අර කෞශාන් ඉන්නේ "
" ඕ , ඉතින් ? "
" තමුසෙට මොනවද ඌත් එක්ක එච්චර කියවන්න තියෙන්නේ ? "
එච්චර වෙලා හරිම සාමාන්‍ය විදිහට අරන් ගිය ඒ කන්වර්සේශන් එක එකපාරටම වෙනස්ම පැත්තකට යද්දි ස්වේන් හිටියේ ධමීර ස්ටෙප් බයි ස්ටෙප් මේ කියන්න හදන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි තැනක . හැබැයි ටිකක් වෙලා යද්දිම මෙයා මේ හෙන වටයක් ගිහින් කියන්න හදන්නේ මොකක්ද කියන එක ස්වේන්ට තේරුම් ගන්න පුළුවන් වුණා
" කියවන්නේ මොනා- සීරියස්ලි ධමීර ! මට කියන්නෙපා තමුසෙට ඊරිසියයි කියලා නම් "
" Whatever ! "
ඒ වෙලාවේ ස්වේන්ගේ මූනේ තිබුණ නෝන්ඩි බැල්ම හොදටම දැකපු නිසාම ධමීර කරපු එකම දේ වුණේ 'whatever' කියලා මුමුණන ගමන්ම ස්වේන්ගේ බැල්ම මග ඇරලා අහක බලාගත්ත එක එක . ඒ වුණාට ස්වේන් නම් දැන් මේ ඊරිසියයාකාර ධමීරගෙන් හොද ආතල් එකක් ගන්න ගමනුයි හිටියේ
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :