#අසූ_හයවන_කොටස 💜️
"මං උඹෙ ජීවිතෙන් ඉක්මනින්ම යන එකමයි හොඳ මං ඉන්න එකෙන් වෙන්නෙ උඹට හැමදාම කරදර.."
"විකාර කියන්න එපා..මමනෙ පැන්නෙ මැදින්.."
අරුන් එනවා දැක්ක චමත්ක අයියා ආපහු යද්දි මමත් නැගිටලා ගිහින් එයා කපපු උණ ලී ටික වෙනම අඩුක් කරා එක ගොඩකට..
"උඹල නම් එකක් කපලත්.."
"උඹලා පස් දෙනෙක් ඉන්නවනෙ..."
"ඔව් චමත්ක අයියා.."
"ම්...හරි එක ගොඩෙන් ගස් කපන්නෙපා බන් වටෙන් වටෙන් කපපන් කැපුවා කියලා නොදැනෙන්ඩ..ගස් දහයක් වගෙ බිම දාපන් අනික් උන්ටත් එක්කම.."
"හරි..එහෙනම් මේ වරෙල්ලා..ඉක්මනින් කපාගෙන යමං රෑ වෙන්ඩ කලින්.."
අපි ඉක්මනින් ඔක්කොම ටික කොල්ලො එකතු වෙලා කපලා බිමට දැම්මා..කොල්ලො ගොඩක් හිටිය නිසා පැය බාගයක් ගියෙ නෑ ගස් ට්ක කපලා දාන්න නම්..ගස් ටික පෙරලුවෙ ඇලට..නැත්නම් කුඹුරට බුදු සරණයිනෙ..වපුරපු එකා කැම්පස් එකට හොයන් ඇවිත් හමන්නන්නෙ..ගස් ටික කපලා හූරව්වා ඉක්මනින්..කොටන් වලට කපලා..මමත් පිහියක් අරන් කෝටු ටික හූරව්වා..අතට බරදෙන්නත් බැරි නිසා මං රිදෙනවා වැඩක් කරේ..මෙතන නිකමා වගෙ ඉන්ඩත් බෑනේ..හරි නෑනෙ..අනික කොල්ලොනෙ..චමත්ක අයියත් බලන් ඉන්නොනේ..ඌ හොරෙන් හොරෙන් මන් දිහා හිටිය ගමන් බලනවා..ඇහැක් ගහනවා හිටපු ගමන්..නැත්නම් තනියම හිනාවෙනවා..උටත් පිස්සු..මටත් පිස්සු..
"තො මොකද තනියම හිනාවෙන්නෙ.." ?
"නෑ බන් නිකන්.."
"පහන්.." !
"මොකද පකෝ.."
"උඹලා කයිය ගහනවා විතරයි කෝ බන් ඉක්මනින් කපපල්ලකො එකතු වෙලා..අයිතිකාර උන් ආවොත් ඔක්කොම ඉවරයි.."
චමත්ක අයියා කෑ ගැහුවා ඔක්කොටම..ඒකා හොඳට ඉන්නවා ඉඳගෙන..දෙන්න හිතෙනවා ඇලෙ ඉන්න..
අපි කොහොම හරි ගස් දහය පහළොවක් බිමට දාලා තිබ්බා..කෝටු ඕනි උන් තමන්ට ඕනි කෝටු වල සයිස් එක එහෙම එවලා තිබ්බා ලියලා ඉතින් අපිට වෙලා ගියෙ ඒ සයිස් වලටම කපන්න ගිය හින්දා..කිව්වත් වගේම ඔක්කොම කපාගෙන හූරගෙන ඔක්කොම ටික බැඳගෙන ගෝනිවල දාගෙන අපි කැම්පස් එකට එනකොට වෙලාව හවස හයත් පහුවෙලා තිබ්බා..
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionතුන් කොන් ප්රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද ක...