Chapter 01 💜

997 88 66
                                    

පෙරවදන.❤️

නිල් පාට ගවුමක් හැද, පැත්තකට හිස බර කර ගෙන පොතක් කියවන ගැහැණු ළමයාගේ සිතුවම නිව්යෝක් හි ජෝජ් වොෂිංටන් කලාභවනේ තිබූ ඉතා අලංකාර සිතුවමක්. සැබවින්ම ඒ සිතුවමෙහි සිටි ගැහැණු ළමයා සිනා සෙමින් සිටියත් ඒ කළු පැහැ දෑසෙහි කියාගත නොහැකි දුකක් ගැබ් වී තිබූ බව බොහෝ විචාරකයන් පවසනවා. ඒ කම්මුල් වල සිහින් රතු පැහැයක් තැවරී තිබුණේ ඇය ලැජ්ජාවෙන් පසු වෙන බවක් හගවමින්. පෙනුමෙන් දකුණු ආසියාතික තරුණියක වූ ඇය විසි පස් වැනි වියේ පමණ පසු වූ බවයි සිතුවමින් දැක ගන්න හැකි වුණේ

මේ සිතුවම නිර්මාණය කළේ " විසි එක් වැනි සියවසේ ඩාවින්චි " යන විරුදාවලිය ලත් මෙක්සිකානු ජාතික චිත්‍රශිල්පී හියුගෝ පෙරෙස්. නමුත් මේ සිතුවමේ දැක්වෙන තරුණිය කවුදැයි ඔහු කිසිවිටෙකත් සදහන් කළේ නැ. මේ සිතුවම ඔහු නම් කර තිබුණේ " අදිසි පියාපත් ලත් යුවතිය" ( Girl with the Invisible Wings) යන නමින්. කෙසේ වුවත් මේ අභිරහස් යුවතිය සහිත සිතුවම මේ කලාභවනට විකුණා ඇත්තේ හියුගෝ පෙරෙස් මීට වසර හයකට පෙර රිය අනතුරකින් මිය ගිය පසුයි. එය මෙතැනට විකුණා තිබුණේ නිර්නාමික අයෙක්.

මේ චිත්‍රය හා බැදුණු තවත් අභිරහසක් වූයේ සෑම සැප්තැම්බර් දොළොස් වන දිනකම සිතුවම අසල රෝස මල් පොකුරක් දක්නට ලැබිමයි. මේවා කා විසින් කෙසේ එතැනට ගෙන ආවාද යන්න අභිරහසක්. මේ හේතුව නිසා මෙය ගුප්ත ඉතිහාසයක් හිමි සිතුවමක් ලෙස බොහෝ දෙනා විශ්වාස කළා.

එයට හේතුව වුණේ හියුගෝ පෙරෙස් තිස් එක් වැනි වියේදී මිය ගියේ 2026 සැප්තැම්බර් 12 දිනයේදී වීමයි.

----------------------------

2032. සැප්තැම්බර් 12.

එදාත්. සුපුරුදු පරිදි හිස් දවසක්. නිව්යෝක් අහස කලු වළාකුළු වලින් ගැබ්බර වී තිබුණා. නගරය හරහා හමා ආවේ දූවිලි සුවද මුසු සුළගක්. එයින් මගේ නාසයේ දැවීල්ලක් ඇති වුණා. ඒත්. සමහර විට ඒ මගේ ඇස් වල නලියමින් තිබූ කදුළු නිසා වෙන්නත් පුලුවන්.

මෝටර් රියෙන් මේ ගමන යන්න පුලුවන් වුණත්, මම හැම විටම මේ විශේෂ ගමන පයින් යන්න පුරුදු වෙලා හිටියා. මගේ නව හැවිරිදි නිවුන් දරුවන් වන ජේසන් සහ ඇනබෙත් ව පාසලට ඇරලවා මම මෝටර් රිය පාසල් රියගාලෙහිම නවතා පැමිණියා. වෙනදට මේ රාජකාරිය කරන්නෙ මගේ සැමියා විසින්. ඒත් ඒ දවස් අතීතයට මුසු ව ඇති බව මගේ මතකයෙන් මැකී ගොස් නැහැ.

The Invisible Wings  ❤ [ COMPLETED ]Where stories live. Discover now