Chapter 03 💜

231 61 12
                                    

මාසයකට පසු.😘
2032 ඔක්තෝබර්

දම් පැහැති ගොම්මන් අදුර, බැසයන රතු පැහැති හිරු මඩලට හාදු දෙමින් සිටි හේමන්තයේ අලංකාර සැන්දැවක් ඒ. විදි අයිනේ තිබූ ගස් වල පත්‍ර, රතු, කොළ, කහ පැහැයෙන් බැබැළෙමින් පොළව මත ඇතිරි තිබුණේ වර්ණවත් කළාලයක් ලෙස. හමන සුළග ශීතල වුණත්, එහි ගිමිහානයේ මල් සුවද තවමත් දැවටී තිබුණා. නිව්යෝක් නගරයේ විදුලි පහන් එකින් එක දැල්වෙන්න වුණේ අහස පසුබිම් කරගත් මැණික් රටාවක සිරි ගනිමින්. ඇත්තෙන්ම එය නිවෙස්වලින් පිටතට ගොස් නිශායාමයේ පහස විදීමට කදිම අවස්ථාවක් වුණා.

හෙමි හෙමින් දිගු වන සෙවණැලි අතරින් මම ඇවිදගෙන ගියේ, කාලෙකට පසුව....මේ නගරයේ විදි දැන් මට අතේ රේඛා ගණනට හුරුපුරුදුයි. නමුත් මම වෙනදා මෙහි පිය නගන කොට මා එක්ක හැමදාමත් ඇවිදපු ඒ රුව මට මැවී පෙනෙනවා. ඒ නිසා හවස් වරුවේ ඇවිදින්න යන එක මම අත හැර දැම්මේ හියුගෝ මාව සදහටම දමල ගිය දවසෙමයි.

අදත් මම තනිවම නොවෙයි. හැබැයි මාත් එක්ක ඉන්නෙ වෙනත් කෙනෙක්.

අද දිනය විශේෂයි. මට සිදුවුණා වරින් වර හැරී බලමින් මා සමග දැන් ගමන් කරන ඒ පුද්ගලයා ඇත්තෙන්ම මාත් එක්ක ඉන්නවාදැයි සැක හැර දැනගන්න. නම්ජුන් මට පියවර කිහිපයක් ඈතින්, සැහැල්ලු පියවර තබමින් ඇවිද යමින් සිටියා. එයා අව් කණ්නාඩි පැළදගෙන සිටියත්, මගේ ඇස් එයා වෙතට යොමුවෙලා තියෙන බව දැක්කම කණ්නාඩි දෙක ගලවල අතට අරන් මාත් එක්ක හිනාවුණා.

ඇත්තෙන්ම මේක වෙන්න පුලුවන්ද? වසර ගණනාවකට පෙර මගේ හිතේ ජිවත් වුණ ඒ හීන ලෝකය ගැන මම හියුගෝට ඇරෙන්න වෙන කාටවත් කියල නෑ. ඉටු නොවෙන ප්‍රාර්ථනා ගැන තවදුරටත් බලා ඉදල වැඩක් නැති බව මම තීරණය කළේ බොහෝ කාලයකට පෙර.මම මටම පොරොන්දු වුණා යථාර්ථය තුළ ජීවත් වෙන්න, ඒක කොච්චර අමාරු වුණත්.. මට පණ වගේ ආදරය කරපු හියුගෝ වෙනුවෙන් හැමදෙයක් ම දරාගෙන මම ජීවත් වුණා. නමුත් මගේ හිත ඇතුළෙන් මම හැමදාමත් හඩා වැළපුණා... පිටින් පෙනුනෙ මම ඉතාම තෘප්තිමත් ජීවිතයක් ගත කරන බවක්. ඔව්. ඇත්තෙන්ම මට දුක් වෙන්නවත්, පසු තැවෙන්නවත් සිදු වුණ කිසිම දෙයක් එයා එක්ක ගත කරපු කාලෙදි සිදු වුණේ නෑ. ඒක ඇත්ත. එත් මගේ හිතේ පතුලෙම ඇති ආගාධය හිස් බවින් පිරී තිබු බව දන්නෙ මම විතරයි.

The Invisible Wings  ❤ [ COMPLETED ]Where stories live. Discover now