Chapter 05 💜️

224 57 16
                                    

#ටාරා

පැය කිහිපයකට පසු.💔
ප.ව. 9.30
ක්‍රන්වෙල් සුසාන භූමිය

"හැම දෙයක්ම ඉවර වුණාම කොයි වෙලෙත් වහිනවා. "

මම මටම මුමුණාගත්තේ, අහසින් එල්ලෙන වැහි බිදුවල පහස විදිමට මුහුණ ඉහළට යොමු කරමින්. අදුරු පැස්බර පිහාටු වැනි වූ කළු වළා ගොන්නක් අහස් තලයේ එකට ඇලී තිබුණේ දැවැන්ත පුනීලයක හැඩයක් සාදමින්. තරු මියැදුණු ඒ රාත්‍රිය, අමාවකටත් වඩා ගුප්ත බවක් ඉසිලූ බවත්, සුළගේ උඩුබුරන නාදය සමහ වැහි බිදු වලින් වාතලය පිරී තිබූ නිසා අධික සීතලක් මාව වෙලාගෙන තිබූ බවත් මට දැනුනා. නමුත් මට ඒ තරම්ම එය ගැහැටක් වුණේ නෑ. ඒකට හේතුව තමයි, මොන තරම් පරිසරය සීතල වුණත්, මගේ ඇග දහඩියෙන් නැහැවී තිබීම. එමෙන්ම මගේ දුර්වල හදවත ගැහෙමින් තිබුණේ බියපත් කුරුල්ලෙකු වේගයෙන් තටු සලන ආකාරයට. මේ කුමන  රෝග ලක්ෂණ දැයි මම හොදින් දැන සිටියා. එහෙනම්..  මම  අවසානය වෙතටම ඇවිදින්..

දහඩියෙන් පෙගුණු මගේ දැතට සිරවී තිබූ කුඩා රිවෝල්වරය මම ඉහළට ඇද ගෙන හොදින් පරීක්ෂා කළා. එහි තව එක් උණ්ඩයක් ඉතිරි වී තිබූ බව මම දන්නවා. මගේ හදවතේ වේදනාව සහ සදාකාලික සැනසීම අතර ඇත්තේ එක් උණ්ඩයක වෙනසක්. ඔව්.. මම... දැන් මෙය අවසන් කරනවා. රෝගියෙක්, මිනීමරුවෙක් ලෙස මිය යනවාට වඩා, සාධාරණය ඉටු කළ ගැහැනියක ලෙස මිය යාම වඩාත් උතුම්.. මම මේ දේ නොකළත්, තවත් මද වෙලාවකින් හෘදයාබාධය නිසා මම මිය යාවි. ඊට කලින් මම මෙය අවසන් කළ යුතුයි.
රිවෝල්වරය ඉහළට එස වූ මම මගේ හිසට එය ඉලක්ක කළා. එක කොකා ගැස්වීමකින්.. මගේ මේ ජීවිතය අවසන්. මගේ දරුවන්ට මිනිමරු අම්මා කෙනෙක් සිටිම මොන තරම් ලැජ්ජාවක් ද.. නම්ජුන්ට එය මොන තරම් වේදනාවක් වෙයිද..

" හියුගෝ.. "  හිරිකඩ සමග දගකරන සීත සුළහට මා ඇමතුවේ අරමුණක් ඇතිව නොවෙයි. " මම ඔයා ළගට එන්නයි හදන්නේ... මට කියන්න.. මැරෙන කොට ගොඩක් වේදනා දැනෙනවද?"

"ඔයාගෙ හිත කාගෙ හරි ගැන මතකයන් ගෙන් පිරිල තියෙනවනම්.. පොඩ්ඩක්වත් නැ." මාව මොහොතකට ගොලු කරවමින් ඒ ආදරණීය හඩ මගේ පිටිපසින් ඇසුණා. මම තිගැස්සි ආපසු හැරී බැලූ විට දුටුවේ සුසාන භූමියේ දැවැන්ත ෆර් ගස් අතරින්  පෙරී ආ මද විදුලි ආලෝකය පසුබිම් කොටගෙන නැගී සිටි හියුගෝ. තවමත් මද වැස්සක් මහ පොළව මත හාදු තවරමින් සිටියත්, එයාට නම් එයින් කිසිදු බලපැමක් ඇති නොවූ බවයි මට පෙනුනේ.  කලු පැහැති දීප්තිමත් දෑසින් මා වෙත යොමු කරමින්, දෙතොල් අග වෙනදා වගේම ආදරණිය සිනාවක් රදවාගෙන එයා මම දිහාම බලාගෙන හිටියා... හරියට ඒ කාලෙ වගේම..

The Invisible Wings  ❤ [ COMPLETED ]Where stories live. Discover now