Chapter 06 💜️

232 56 20
                                    

#නම්ජුන්

පැය කිහිපයකට පෙර😘
Hotel de Plaza,
නිවියෝක්
පෙ.ව. 7.00

එය සිහිනයක්.... සිහිනයක්ම විය යුතුමයි ..

මම එක්වරම අවදි වුණේ  හීතියෙන් ගැහෙමින්.මගේ මුලු සිරුරම තෙත් වී තිබුණේ දහඩිය නිසා. නමුත් එය විය නොහැකියි.. මේ කාමරය වායු සමනය කර තිබුණේ... ඒ නිසා ඇතුළත පැවතුණේ උත්තර ධ්‍රැවයේ වැනි අධික ශීතලක්.
එසේ නම්.. මට මේ තරම් දහඩිය දමා ඇත්තේ ඇයි? මම පෙරදා රැයේ නිදාගත් ඒ විශාල යහන මත මම කෙළින් වි හිද ගත්තේ හිස දෑතට බර කරගනිමින්. මම කුමක්ද ඒ දුටුවේ....ටාරා... මම දුටුවෙ ලේ වැකුණු සිරුරෙන් යුතුව, හිස් බැල්මක් නෙතග රදවාගෙන මා වෙතට ඇවිද එන ටාරා...

එයින් මොනවද ඉගි කරන්නේ.. ඇත්තෙන්ම සිහින වලින් මොනවා හෝ අන්තරායක් ගැන පැවසෙනවද..

තවත් මෙහෙම සිටිය නොහැකියි. මම එයාට කතා කරන්න ඕන. මම ඊයෙ රෑ ඇමතුම් ගණනාවක් ගත්තත් එයා ඒ එකකටවත් පිළිතුරු දුන්නෙ නෑ. එයාට මොනවහරි කරදරයක්වත් ද....

මෙසේ සිතමින් ම මම ජංගම දුරකතනය අතට ගෙන එය ක්‍රියාත්මක කළා. දීප්තිමත් ආලෝකයක් සමග  නෙත් මානයේ දිස්වූ දුරකතනයේ තිරය වෙත මගේ බැල්ම මොහොතකට රැදුණා. එහි වූයේ ටාරාගේ සේයාරුවක් . මම මද වෙලාවක් ඇසිපිය නොහෙළා ඒ රුව දෙස බලා සිටියා. එයා අතිශයින්ම රූමත් තැනැත්තියක් නොවන බවයි බොහෝ දෙනාගේ හැගීම වුණේ. මම ටාරාගේ රූපය මගේ අනිත් මිතුරන් වෙත යැවූ විට ඒ අයගේ අදහස වුණේ එයා කැපී පෙනෙන රූසපුවකින් යුතු නොවන බව. ඒත් මට නම් ඒ ගැන වැඩි දුර සිතන්න අවශ්‍ය වුණේ නැ.මෙතෙක් කාලයකට මගේ දෑසෙහි ගැටුණු සුන්දරම කාන්තාව තමයි ටාරා. සාම්ප්‍රදායික ලස්සනක් ඇය සතුව නොතිබෙන්න ඇති. නමුත් මගේ ඇසට එය බාධාවක් වුණේ නැ. එයාට තිබුණ ප්‍රමාණයන් කුඩා සිරුර හා හුරුබුහුටි පෙනුම නිසා වයසට වඩා අඩු පෙනුමක්  දිස්වුණා. හිසකෙස් ඉතා දිගු නොවුණත්, මම එහි දිදුලන සුලු කළු පැහැයට බොහෝ ඇලුම් කළා. උරහිස මතට  මෘදු ලෙස කඩා හැලෙන ඒ හිසකෙස් මට දිගු වරලසකට වඩා අපූර්වත්වයක් ගෙන දුන්නා. එයා රොස්ලින්ඩ් වගේ සුදු සමකට හිමි කම් කියූවේ නෑ. විනිවිද පෙනෙන සුලු ළා දුඹුරු වන් අලංකාර වර්ණයකින් එයාහෙ සම බැබැලුණා. ඒ වගේම හැගීම්බර මුහුණ... පිරුණු දෙතොල්.. මේ හැම දෙයක්ම  මේ වෙලාවෙත් මාව මෝහනයට ලක් කරමින් තිබුණේ. මම මගේ අත සෙමින් ජංගම දුරකතන තිරය මතින් ගෙන ගියා. ඔව්. ටාරාව මගේ කරගන්න පුලුවන් නම් මම ඕන දෙයක් කරනවා. ඕනම දුකක් විදිනවා. මගේ ඇස් නැවතුණේ එයාගෙ රූපය ළග විතරක් නොවන බවත් මගේ හදවත හොදින් දන්නවා. එයා ගැහැනියක් විදියට තනිවම නැගි ඉන්න අපූරුව, හොද රැකියාවකත් යෙදෙමින් දරුවන් වත් ආදරයෙන් රැක බලාගන්න ආකාරය... එයා හිතන පතන ආකාරයේ ඇති නිදහස් බව... මේ හැම දෙයක්ම මාව තව තවත් ටාරාට සමීප කරවනවා. මගේ අතේ ඇති ජංගම දුරකතනයේ හිද මද සිනාවක් සමහ මා දෙස බලා ඉන්නෙ රැවටීමෙන්, ද්‍රෝහි බවින් තුවාල වූ මගේ ජීවිතය සුවපත් කරන ඒ තැනැත්තියයි. රොස්ලින්ඩ් නිසා මම ආදරය ගැන කළ කිරුණත්, ටාරා වෙනුවෙන් මගේ හිත ආදරයෙන් පිරිල තිබුණේ. එයා වෙනුවෙන් එය වැය කරන්න මම හිටියෙ නොඉවසිල්ලෙන්. ඊයෙ එයාට තව ටිකෙන් මගේ යෝජනාව මම කරනවා. ඒත් මම ඉක්මන් වුණා වැඩි බව මට දැන් වැටහෙනවා. ටාරා මම වගේ නිදහස් තීරණ ගන්න හැකි මානසිකත්වයක නැ. සමහර විට එයා මගේ ඇමතුම් වලට පිළිතුරු නොදෙන්නේ මම ඊයෙ එයාගෙ හිත අවුල් කරපු නිසා වෙන්න ඇති. ඒ වෙලාවෙ පදුරු අතරින් සද්දයක් ඇසී අපට බාධා වුණේ නැති නම් ඇත්තෙන්ම මම එයාට විවාහ යෝජනාවක් වුණත් කරන්න තිබුණා. නමුත් දැන් මට හිතුණේ එසේ නොවුණ එක වඩා හොද බව.

The Invisible Wings  ❤ [ COMPLETED ]Where stories live. Discover now