මනෝකාය

2.9K 373 20
                                    

                         පෙර වදන

"ගායිස් මං පොඩ්ඩක් එලියට යනවා . ජින් හයොන්ග් එක්ක කට්ටිය ඩෝම් එකට යන්න."

ප්‍රැක්ටිස් ඉවර වෙලා එක ගුලියට බිම පෙරලිලා උන්නු වීමින්කුක් තුන්දෙනාට එහෙම කියපු නම්ජුන් ජැකට් එකත් දාගෙන මොනාද හොයන්න පටන් ගත්තා.

"මොනාද හොයන්නෙ"

සෝෆා එකේ ඇලවෙලා උන්නු යුන්ගි රවල ඇහුවෙ නම්ජුන් යුන්ගිවත් එහාට මෙහාට කර කර මොනාදෝ හොයපු නිසා..

"මගේ ෆෝන් එක"

"යා…..ඔය සාක්කුවෙ තියෙන්නෙ ගල් ගෙඩියක්ද…"

කෑගහපු යුන්ගි අනික් පැත්ත හැරිලා නිදා ගත්තා

"හයොන්ග් කොහෙද යන්නෙ"

ජන්ග්කුක් ඇහුවෙ එයාගෙ ඇගේ තිබ්බ ටේ ගෙ කකුල අයින් කරන ගමන්.

"ලයිබ්‍රි"

"ඒ මොකටද"

"ටෙනිස් ගහන්න"

නම්ජුන් ජන්ග්කුක් ගෙ කොන්ඩෙත් අව්ස්සල යන්න හැරුනා..අඩියට දෙකට නගිටල නම්ජුන් ට කලින් දොර ඇරපු ජන්ග්කුක්

"මාත් එනව"

"යා...ඔයා කවද්ද ලයිබ්‍රි ගියෙ.."

"අනී හයොන්ග්..මාත් එනව..මට ඩෝම් එකට යන්න කම්මැලි."

ජන්ග්කුක් ගෙ බල කිරිල්ලට ජන්ග්කුක් වත් එක්කගෙන ලයිබ්‍රි යන්න වාහනේට නැගපු නම්ජුන් ට නිකමටවත් මතක් උනේ නෑ අද කිචන් එක අස් කරන්න තියෙන්නෙ ජන්ග්කුක් ට කියල.

            *     * *

සෙකුයිරිටි එකේ දෙන්නෙකුත් එක්ක සෝල් වල ටිකක් නිස්කලංක පරිසරයක කුඩාවට හදල තිබ්බ පන්සලකට ආපු නම්ජුන්ලගෙ වාහනෙ ටිකක් විශාල අඹ ගහක් යටින් නැවැත්තුවා.

"හයොන්ග් … ලයිබ්‍රි නෙ යනව කිව්වෙ..ඒත් මේ පන්සලක්නෙ.."

කිසිදෙයක් හිතා ගන්න බැරි උනු ජන්ග්කුක් නම්ජුන්ගෙන් ඇහුවා.

"මේ පන්සලේ තියෙනව පොත් ගුලක්.ඒකේ පරන වෙද පොත් තියෙනව."

"හයොන්ග් කවදා ඉදන්ද වෙද පොත් කියවන්නෙ"

"යුන්ගි හයොන්ග් ගෙ කකුල උලුක් උනු දවසෙ ඉදන්..මෙහෙ මොන්ක් කිව්වා ඒක හොදටම හොද කරන්න පුලුවන් බෙහෙත් ඒ පොත් වල තියෙනව කියල."

"හයොන්ග්…."

ජන්ග්කුක් නම්ජුන්ව බදා ගත්තා.. කොල්ලො දෙන්නා ඇතුලට ගියා..ඒ වෙනකොටත් පන්සලේ වෙන කවුරුත් හිටියෙ නෑ..

"එන්න නම්ජුන් මහත්තයා…"

පන්සලේ භාරකාර මොන්ක් එයාලව පිලි අරගෙන පාරම්පරික සාමාන්‍ය ප්‍රමානයේ පොත් ගුලට දෙන්නව එක්කගෙන ගියා.

"අද මහත්තයා මේ පොත ගෙනියන්න.."

නම්ජුන් කලුන් ගෙනියපු පොත භාරගත්තු මොන්ක් තවත් පරන පොතක් නම්ජුන්ගෙ අතට දුන්නා.

"මේ පොතේ තාවකාලික පිලියන් ටිකක් විතරයි තිබ්බෙ මොන්ක්.අනික ඒ බෙහෙත් කරන එක ටිකක් භායනකයි."

නම්ජුන් මොන්ක් එක්ක කලින් පොතේ තිබ්බ බෙහෙත් වට්ටෝරු ගැන කතා කරන අතරතුරේ ජන්ග්කුක් පොත් රාක්ක අතරෙ ඇවිද්දා..

ඒ පොත් ගුලේ වෙද පොත්, භාවනා ක්‍රම පොත් , වගේමා ආගමික පොත් ගොඩක් තිබුනා.මේ පොත් රාක්ක අතරේ එක පොත් රාක්කයක් ලගින් ජන්ග්කුක් ගෙ කකුල් නතර උනා.

"අධිමානසික භාවනා ක්‍රම"

ජන්ග්කුක් හිමීට මුමුනන ගමන් ඒ පොත් රාක්කෙ තිබුන ගොඩක් පරන පොතක් අතට ගත්තා.

පොතේ තැනින් තැනින් පෙරල පෙරල බලපු ජන්ග්කුක්ගෙ ඇස් එක පිටුවක නතර උනා..

"මෙය රෝග නිවාරණ අධිමානසික භාවනාකි."

ඒ වචන පේලිය ආයෙ ආයෙ කියවපු ජන්ග්කුක් ට මේ පොත කියවල බලන්න තිබ්බෙ පුදුම ආසාවක්.

"ජන්ග්කුක්කා යමුද."

නම්ජුන් පිටිපස්සෙන් ඇවිත් කතා කරද්දි ජන්ග්කුක් ගැස්සුනා.

"හයොන්ග් මට මේ පොත ගන්න පුලුවන්ද"

ජන්ග්කුක් නම්ජුන් දිහා පුදුමයෙන් බලන් ඉද්දි ,

"ඒකට කමක් නෑ..මහත්‍තයා ඕක කියවල ගෙනත් දෙන්න.."

මොන්ක් හරිම සැහැල්ලු විදියට කිව්වා. ඒ පරන පොත අත් දෙකෙම්ම අරගෙන ජන්ග්කුක් ඉක්ම්නින් ඇවිත් වාහනේට නැග්ගෙ නම්ජුන් බනියි කියල හිත්නු නිසායි.

මොන්ක් ට ස්තූති කරපු නම්ජුන් එලියට ඇවිත් වාහනේට නැග්ගා..හරිම පුදුමයි.ජන්ග්කුක් නිදි..නම්ජුන්ට හිනා ගියා.

මනෝකාය (Completed)Where stories live. Discover now