මනෝකාය

939 267 20
                                    

             හතරවන කොටස

ජන්ග්කුක් ට  අඩියක් විතර ඈතින් යුන්සු හෙමින් හෙමින් ජන්ග්කුක් පිටි පස්සෙන් එනවා.ජන්ග්කුක් එක පාරට ගැස්සුනා.

"යා ඔයා මොකෝ මගෙ පස්සෙන්. කවුරුහරි දැක්කොත්"

"අනී….මාව පේන්නේ නෑනෙ…"

"ඒත් ඔයාට මෙහෙ ඉන්න බෑ..ආපහු යන්න."

යුන්සු ජන්ග්කුක් ගාවට ආවා.

"මට බයයි...මාව ඔයා ගාවින් තියා ගන්නකෝ.."

යුන්සු ආයෙත් අඩනවා..

"අපෝ..මේ කෙල්ල නම් අඩා ගත්තු ගමන් මයි.."

යුන්සු තවත් හයියෙන් අඩනවා..

"ඔයාට මෙහෙ ඉන්න බෑ..මෙහෙ ඉන්නෙ කොල්ලො හත් දෙනෙක්."

"ඉතින් එයාලට මාව පේන්නෙ නෑනෙ..මං කරදර කරන්නෙ නෑ..පුටුවෙන් නිදා ගන්නම්."

"මනෝකායට නින්ද යන්නෑ."

එහෙම කියපු ජන්ග්කුක් ඩෝම් එක ඇතුලට ගියා.යුන්සුත් ජන්ග්කුක් ගෙ පිටිපස්සෙන් ගියා.කාමරේට ආපි ජන්ග්කුක් ශරීරය ට ඇතුල් වෙන්න හදද්දි යුන්සු කටත් ඇරගෙන බලන් ඉන්නවා..

"යා අහක බලා ගන්නවා."

ජන්ග්කුක් කෑ ගහද්දි යුන්සු ජන්ග්කුක් ගෙ ඇදට පැන්නා.ශරීරයට ඇතුල් වෙන එක පැත්තකින් තියල ජන්ග්කුක් යුන්සු ගාවට ගිහින් තරහෙන් බැලුවා.තමන් කරේ වැරැද්දක් කියල හිතුනු යුන්සු ඔලුවත් පාත් කරන් ඇදට අනික් පැත්තෙ තිබුනු සෝෆා එකෙන් ඉදගෙන කකුල් දෙකත් උඩින් තියන් වකුටු උනා.

ඒක දැකපු ජන්ග්කුක් ට හිනා යන්න ආවත් ජන්ග්කුක් ශරීරයට ඇතුල් උනා.

"යා යුන්සු ඔයා ඔතන ඉන්නවනෙ..මට ඔයාව පේන්නෙ නෑ...නටන්නැතුව ඔය පුටුවට වෙලා ඉන්නව හරිද..

ජන්ග්කුක් ඇදට ගිහින් නිදා ගත්තා.

…………………………………………………

"යා……...ජන්ග්කුක්කා……"

පහුවදා උදේ පාන්දර ජින් ඇවිත් ජන්ග්කුක් ගෙ දොර ගාව කෑ ගහන්න පටන් ගත්තා...ජන්ග්කුක් හීනෙන් වගේ ඇහුනත් ආපහු අනික් හැරිලා පැත්ත හැරිලා නිදා ගත්තා.

මනෝකාය (Completed)Where stories live. Discover now