මනෝකාය

818 246 18
                                    

                   නව වෙනි කොටස

ගුම්ජේ එක්ක කතා කර කර උන්නට ජන්ග්කුක් ටයි යුන්ගි ටයි යුන්සු එයාලත් එක්ක ආවා කියලා මතක් උනෙ නෑ..ලොලි පොප් එකක් කකා ඩෝම් එක ඉස්සරහට වෙලා උන්නු යුන්සු ඇතුලට ආවෙ ජන්ග්කුක් ව හොයාගෙන. එතකොටම යුන්සු දැක්කෙ තමන්ට පිටුපාලා ජනේලෙන් එලිය බලන් උන්නු පිරිමි කෙනෙක්ව.හරි හුරුපුරුදු බවක් එක්කම ඇරපු ජනේලෙන් ආව හුලන් පාරකින් යුන්සුට හුරුපුරුදු සුවදකුත් දැනුනා.ඒ එක්කම වගේ පිරිමි කෙනා තමන් පැත්ත්ට හැරෙද්දි යුන්සු ට හිසෙන් අමුතු වේදනාවක් දැනුනා..

"යුන්සුයා…."

ජන්ග්කුක් කෑහද්දි යුන්සුගෙ සමබරතාව නැති වෙලා හුලගත් එක්කම යුන්සුව එලියට ඇදිලා ගියා..ජන්ග්කුක් ගෙ කටහඩට පුදුම උනු ගුම්ජේ ජන්ග්කුක් ගාවට ආවෙ හදිසියෙන්.

"ජන්ගුකා...යුන්සු….යුන්සු කොහෙද"

ගුම්ජේගේ කටහඩ නෑහුනු ගානට ජන්ග්කුක් දුවගෙන ගියෙ එලියට..

"යුන්ගියා මෙතන මොකද වෙන්නෙ"

"හයොන්ග් සේරම කාලෙත් එක්ක විසදෙයි.ඒත් අපි පුලුවන් තරන් ඉක්මනට කැනඩා යන්න ඕන."

යුන්ගිගෙ උරහිස් වලින් අල්ලපු ගුම්ජේ තරහින් කෑ ගැහුවා.

"යුන්ගියා මට කියනවා තමුන් මට හංගන්නෙ මොනාද"

ඒ එක්කම වගේ ගුම්ජේ ගෙ ෆෝන් එක රින්ග් උනා.යුන්ගිව අත ඇරපු ගුම්ජේ,

"ඔම්මා.."

"මොනවා….."

"හරි හරි ඔයාලට ප්‍රශ්නයක් නෑනෙ.."

"හරි මං බලන්නම්..මං යුන්ගියා එක්ක ඉන්නෙ..හරි හරි ඔම්ම."

ගුම්ජේ කෝල් එක කට් කරද්දිම

"වේ හයොන්ග් ..මොකද්ද ප්‍රශ්නෙ?"

"ලීවොන්ජුන් ගෙ පුතා ජිවොන් මාව හොයන් ගෙදර ඇවිත්."

ගුම්ජේව සෝෆා එකෙන් ඉන්ද උනා..

"යුන්ගියා මෙතන මොකක් හරි මං නොදන්න නරක දෙයක් වෙනවා.."

යුන්ගිත් ගුන්ජේ ගාවින් වාඩි උනා..

"හයොන්ග් , කලබල වෙන්න එපා යුන්සු ඉන්නෙ කෝමා එකක."

මනෝකාය (Completed)Where stories live. Discover now