❤ Episode 7 ❤

1.8K 376 38
                                    

" Eun Hye pov "

Apartment එකට යද්දිත් ga eun නැගිටලා හිටියෙ නිසා පරක්කු වුනේ ඇයි කියලා අහන්න ගත්ත ප්‍රශ්නෙන් මට වෙච්ච ඔක්කොම කියලා ඉවර වෙලා තමා නතර වුනේ. Ga eun කියන්නෙ මගෙ හොදම යාලුවා, එයාට ඉතින් හන්ගන්න දෙයක් නැති නිසා හැමදේම කියලා දැම්මා.

" ඒකා නම් මහජරා මිනිහෙක්...... මං එතන හිටියනම් ටේ ඔප්පා ගැහුවට වඩා ගහනවා..... " ga eun කකා හිටපු ස්නැක් ටික පොඩි කරන ගමන් කිව්වා.

" ඔව් ඔව් ඔයා හිටියනම් එතන මිනී මැරුමක් වෙලා තමා නතර වෙන්නෙ.. හරි හරි මං ප්‍රශ්නයක් නැතුව ආවනේ..."

" හොද වෙලාවට ටේ ඔප්පා හිටියෙ.." මං room එකට යන්න හදද්දිම ga eun කිව්වා.

" ඔව් හොද වෙලාවට..." මං නතර වෙලා මටම කියා ගත්තා. ආයෙත් හැරිලා room එකට යන්න ගත්තෙ ඉක්මනින්ම wash එකක් දාලා නිදා ගන්න. එතකොටවත් හිතට පොඩි සහනයක් එයි කියලා හිතුන නිසා.

" ඔය chang කාරයා university එන්නෙ නැතෑ........ අන්න එදාට මේ ga eun කියන්නෙ කවුද කියලා මං පෙන්නන්නම් කෝ....." ga eun තවත් පුටුවට වෙලා කෑ ගහනවා.

" හරි... හරි... මං යනවා නිදාගන්න. Gn බෙස්ටි....."

" කාලා නිදාගන්නවා......"

"මට බඩගිනි නෑ....." මං room එකේ දොරවහගන්න ගමන් කෑ ගහලා කිව්වා.
Wash එකක් දාගෙන ඇවිත් ඇදට පැන්නේ හිතේ හැටියට නිදා ගන්න... ඇස් දෙක පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි phone එකට mg එකක් ආව නිසා බැලුවෙ කවුද කියලා. ජොන්කුකා..... මේ වෙලාවෙ මොකද.....

" jungkook invites you to play online game"

" ආහ්..... මට නිදිමතයි.... ඇත්තමයි මේ ජොන්කුක් නම් රෑට නිදා ගන්නෙ නැද්ද...."

Phone එක පැත්තට දාලා ආයෙත් මං නිදාගත්තා. විනාඩියක් වත් ගියෙ නෑ ආයෙ mg එකක් .... මට නම් බෑ game ගහන්න.... බෙඩ්ශීට් එකත් ඔලුව වැහෙන්නම දාගෙන නිදා ගත්තා විතරයි call එකක්.... ඇත්තමයි මේ පාර නම් මං බනිනවා....මට පොඩ්ඩක් ඇහැ පියාගන්න දෙන්නෙ නැද්ද. Number එකවත් හරියට බලන්නෙ නැතුව answer කලේ ජොන්කුකා කියලා හිතුන නිසා.

" යා..... ජොන්කුකා මට නිදිමතයි.... game ගහන්න බෑ වදේ..... නිදාගන්න දෙනවකෝ..."

💜️My Precious Love💜️ (COMPLETED)Where stories live. Discover now