❤️ Episode 16 ❤️

1.5K 331 57
                                    

" eun hye pov "

කෙනෙක් කියන්න පුලුවන් ජීවිතේ කියන්නෙ හරි පුදුම දෙයක් කියලා.. මොකද දෛවය හැම වෙලාවකම වගේ ජීවිතය වෙනස් කරන නිසා.. ඔව් මමත් ඒ දේ ඉස්මුදුනින්ම පිළිගන්නවා.. දෛවය..... දුක සතුට, පුදුම හිතෙන දේවල් ඒ වගේම වේදනාවල් ලබාදීලා ජීවිතයට පාඩම් කියා දෙනවා.. මං තවත් විදිහකින් ජීවිතේ ගැන කියන්නද.. අපේ ජීවිතෙත් හරියට වසන්ත , ග්‍රීස්ම, සරත් ඒවගේම ශීත ඍතු වගේ කියලා කිව්වොත් මොකද හිතෙන්නෙ....
වසන්ත ඍතුව.... හැම කෙනාම කැමති ඍතුව... ඇග හිරිවැටෙන සීතලකින් පස්සෙ උණුහුම් හිරු එළියක් දකින්න පුලුවන් ඍතුවක්.. හැම තැනින්ම හිම දියවෙලා යන්නෙ හරියට ජීවිතේ තිබුන හැම දුකක්ම දියකරලා දානවා වගේ.. ඒ වගේමයි මුලු පරිසරයම පාටින් පාට හැඩ වෙන්නෙ ජීවිතේ අලුත් හීනවලට ඉඩදෙමින්..
එතකොට ග්‍රීස්ම ඍතුව.... වසන්තයෙදි දැක්ක හීන පූදින කාලයක්  තමයි ඊට පස්සෙ පටන් ගන්නෙ.. ඒ වගේමයි හිරු එළියෙ තියන දැඩිබව.. ආදරණීය හිත් අතරත් වසන්තයෙන් පටන් ගත්ත ඒ ආදරේ  ශක්තිමත්, අව්‍යාජ නම් ඉදිරියටත් පවත්වාගෙන යන්න තරමට ඒ බැදීම දැඩිවෙනවා...
සරත් ඍතුව... ගස් වලට නම් දුක හිතෙන ඍතුවක්... මොකද ලස්සන ඍතු දෙකක් පුරාවට තමන් ළගින් ඉදලා තමන්ගෙ පාලුව මැකුව කොළ ටික ඔහේ හැලිලා යනවා.. හරියට හිතක් පපුවක් ගෑවිලාවත් නැතිගානට... මෙච්චර කාලෙකට තමන් ළගින්ම ඉදලා තමන්ට ආරක්ෂව ආදරය හැම දේම දුන්නත්  අපි ආදරේ කරපු අය, යන්න හරි කාලෙ ආවහම කොච්චර නතර කරන්න හැදුවත් ඒක නිශ්ඵල දෙයක් කියලා දැනෙන්නෙ මේ ඍතුවෙ වෙනස් වීම වටහා දෙමින්... ඉතින් අපිටත් ඒ වේදනාවට හැඩගැහෙන්න සිද්ද වෙනවා.. මොකද ඉස්සරහට තවත් කටුක ඍතුවක් පහුකරන්න තියන නිසා...
ඒ තමයි ශීත ඍතුව.... නිහඩම ඍතුව... හැම තැනක්ම සුදෝ සුදු පාටින් බැබලුවත්  ඒ මෘදු හිම තට්ටුවට යටින් මිදුන හිම දකින්න අමාරුයි.. කොච්චර වේදනාවක් හිතට ආවත් අපේ හදවතත් මිදුන අයිස් තට්ටුවක් වගේ වුනාම ඒ වේදනාවල්වල දශමයකවත් අපිට දැනෙන්නෙ නෑ.. මේ අමාරුම කාලය එහෙමත් නැත්තම් ශීත ඍතුව ගෙවා ගන්න පුලුවන් ශක්තියක්  ධෛර්යයක් තියනව නම් පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් සතුට ඉක්මනටම ලැබෙනවා කියලා.. මොකද වසන්ත ඍතුව අනිවාරෙන්ම අයෙත් එන නිසා....

💜️My Precious Love💜️ (COMPLETED)Where stories live. Discover now