⭐ 2nd Part ⭐

388 76 12
                                    

The Reason Why ♡

• Short fan fic •

#To_our_Sunshine♥
• 2nd Episode •

පැයක විතර ගමනකට පස්සෙ අපි නක්සන් වලට ලගාවුණා. අපි එහෙට යද්දි වෙලාව දවල් 1.00 වගේ වෙලා තිබුණා. දවල් කාලය උනත් සීත මාසෙ ඉවර වුණේ ලගදි නිසා හාත්පසින්ම දැනුණෙ හිත සැහැල්ලු කරවන සීතලක්. සීතල හුළං අපි වටේට හමාගෙන ගියේ මුළු ඇගටම සැහැල්ලු බවක් ඇති කරවන ගමන්. ටේමින්කුක් තුන්දෙනාටම බීච් යන්න තිබුණු උවමනාව නිසා අපි වැඩිය සෙනග ගැවසෙන්නෙ නැති, නිදහසේ ඉන්න පුලුවන් වෙරළ තීරයකට ආවා. ඒ තැන හිතට ගෙනාවෙ පුදුම සැහැල්ලුවක්. සති ගාණකට පස්සෙ සීතල හුලගක් ඇගට වැදුණම දැනෙන සනීපෙ වචනෙන් විස්තර කරන්න බැහැ. තෙරක් නොපෙනෙන මුහුදත් සැරින් සැරේ රැළි ගහන වෙරළත් එතැනට ගෙනාවෙ අමුතුම ලස්සනක්. මැක්නේ ලයින් එකගෙ තේරීම ගැන ඇත්තටම මම පසුතැවිලි වුණේ නැහැ. ඕනම කෙනෙක්ට නිදහසේ සැහැල්ලුවෙන් ගත කරන්න පුලුවන් තැනක් තමයි එයාලා තෝරගෙන තිබුණෙ.

මේ වෙනකොට ජිමිනායි මමයි වාහනෙන් බැහැලා අවට ලස්සන බල බල හිටියත් වෙනදට කන ලගින්ම ඇහෙන කරච්චලේ අද ඇහුණෙ නැති නිසා මම වටපිට බැලුවා. එතකොට තමයි මට මතක් වුණේ අපේ පොඩ්ඩො දෙන්නා තාමත් පිටිපස්සට වෙලා හොදටම නිදි නේද කියලා. දෙන්නටම මහන්සි ඇති නිසා මම එයාලව අවදි කරවන්න හිතුවෙ නැති වුණත් මෙතන ලස්සන දැක්කම කාටත් කලින් එයාලා උඩ පැන පැන සතුටු වෙයි කියලා මට හිතුණා.

"හ්‍යුන්ග්, මේ දෙන්නව අවදි කරන්නෙ නැද්ද? " ජිමිනා මගේ ලගට ඇවිත් ඇහුවෙ තාමත් දෙන්නට දෙන්නා බදාගෙන නිදාගෙන ඉන්න ටේකුක් දෙන්නා දිහා බලලා.

"ඒක තමයි මමත් මේ කල්පනා කලේ ජිමින්. එයාලා ඉන්න විදියට ඇහැරවන්නත් ලෝබයි. කමක් නෑ, මෙතෙන්ට ආවෙ නිදාගන්න නෙවෙයිනේ. අනික දැන් පැය එකහමාරක් විතර තිස්සෙ නිදිනෙ. දැන් එහෙනම් අවදි කරමු. " මම එහෙම කිව්වෙ පිටිපස්සෙ seat එකේ දොර අරින ගමන්. ඒ අතරෙ ජිමින් එහාපැත්තෙන් ගිහින් ටේව නැගිට්ටවන්න try කරනවා.

"යා......ටේහ්‍යුන්ග්..දැන් ඔය නිදාගත්තා ඇති. කෝ නැගිටින්න. අපි එතෙන්ට ආවා....යා...නැගිටිනවකෝ..මෙහාට ආවෙ නිදාගන්නද නැත්නම් විනෝද වෙන්නද? යා...කිම් ටේහ්‍යුන්ග්....නැගිටිනවා... "
ජිමින් ටේව නැගිට්ටවන්න පුදුම උත්සාහයක් ගත්තෙ. ජින් හ්‍යුන්ග් හිටියානම් මෙලහකටත් මුන් දෙන්නා නැගිටලා. අනේ මන්දා මට නම් තේරෙන්නෙ නැහැ අපි මෙච්චර කෑගහද්දිත් මේ දෙන්නා කොහොමද මෙහෙම නිදාගන්නෙ කියලා.

💜️ The Reason Why 💜️ [Completed]Where stories live. Discover now