⭐ Last Part ⭐

478 96 57
                                    

The Reason Why ♡

• Short fan fic •

#To_our_Sunshine♥
• Last Episode •

Hobi's P.O.V.

තවත් පැය බාගයකට විතර පස්සෙ අපි හතරදෙනා dorm එකට ආවා. අපි එනකොටත් ජින් හ්‍යුන්ග්නුයි ජුනීයි ඇවිත් කියලා අපි දැනගත්තෙ dorm එකට ඇතුලු වෙන නවත්තලා තිබුණු ජින් හ්‍යුන්ග්ගෙ කාර් එක නිසා. ඒ නිසා ඉක්මනටම කාර් එක පාක් කරපු අපි අඩියට දෙකට කාර් එකෙන් බැහැගත්තෙ අද නම් ජින් හ්‍යුන්ගෙන් හොදටම අහගන්න වෙනවා කියලා දැන දැන. වරදක් කරලා අම්මට අහුවුණු පූස් පැටව් තුන්දෙනෙක් වගේ පොඩ්ඩො තුන්දෙනා මගේ පිටිපස්සෙන් හැංගි හැංගි එනවා. මාත් ඉතින් ලොකු අයියා වගේ ඒ තුන්දෙනත් පිටිපස්සෙන් තියාගෙන dorm එකට හෙමින් සැරේ ඇතුල්වුණා.

"යා.........................................................!!! " සුපුරුදු ලෙසටම ජින් හ්‍යුන්ගෙ උච්ච ස්වරය... ඒ වෙලාවෙ ජින් හ්‍යුන්ග් මොනතරම් හයියෙන් කෑගැහුවද කියනවනම් පොඩි දේටත් ඉක්මනට බය වෙන අසරණ ජිමිනාටයි මටයි සිද්ධ වුණේ පොළොව බදාගන්න.. තව පොඩ්ඩෙන් මගේ මේ ලස්සනට තියෙන කන් දෙකත් කැඩිලා යනවා.. ඒ කෑගැහිල්ල නම් මුලු කොරියාවටම ඇහෙන්න ඇති..! 😳

"ආයිෂ්......හ්‍යුන්ග්....................! අපිට හාර්ට් ඇටෑක් හදවන්නද යන්නෙ??" ඒ කටහඩ අවදි කලේ ටේහ්‍යුන්ගෙ පිටිපස්සට වෙලා දෙකට නැවිලා හිටපු අපේ කුකියා.

"අම්මෝ හ්‍යුන්ග් මං බයවුණු තරමක්...! ඇත්තමයි... තව ටිකෙන් මගේ කොන්දත් කැඩෙනවා...." එහෙම කිව්වෙ මේ අසරණ මං විදියටම බයවෙලා බිමට වැටුණු ජිමිනා.. ඒත් ඊලග මොහොතෙ මෙන්න මේ යකා බඩත් අල්ලගෙන හිනාවෙන්න ගත්තා. දන්නවනේ ඉතින් මෙයාගෙ හිනාව... මහ හයියෙන් බිම පෙරළි පෙරළි හිනාවෙනවා... ඒත් එක්කම මුකුත් හිතාගන්න බැරිවුණු මමයි ටේකුක් දෙන්නයි ශොක් වෙලා වගේ මූණට මූණ බලාගත්තා.. 😳 මොකක් නැතත් එක දෙයක් නම් මම හොදට දැනගෙන හිටියා.. ඒ ඊලග තත්පරේදි ජින් බෝම්බෙ පුපුරන්න යන බව..

"යාහ්................................!! පරක්කු වෙලා ඇවිල්ලා තව හිනාවෙන්නත් එනවද?? යා... ජිමිනා... මිච්චොස්සෝ?? (පිස්සු හැදිලද?) " මම අනුමාන කරපු විදියටම ජින් හ්‍යුන්ගෙ උච්ච ස්‍වරයෙන් ජිමිනාට හොද දෙකක් අහගන්න සිද්ධ වුණා..

💜️ The Reason Why 💜️ [Completed]Where stories live. Discover now