Chapter 11

176 65 1
                                    

දොරේ බෙල් එක ගහන සැනින් එසැනින් Doctor song ඇවිත් දොර ඇරිය.

"ඇයි මොකද්ද වුණේ😠😠? මම හිතුවෙ ගෙදර..."

මම එහෙමම කතාව නැවැත්තුවෙ ගේ ඇතුලෙන් ආව කර ගඳක් නිසා.

"What's going on here😕😕?"

මම ඇතුලට යනවත් එක්කම Bo Gum කාරයා අත් දෙකෙන් ඔලුව බදාගෙන  දුවගෙන ආව.

"ඇයි? ඇයි මොකද වුණේ?"

මම එහෙම අහනකොට එයා අත දික් කරල පෙන්නුවෙ TV එක. ඒකෙ වෙඩි තියාගන්න සීන් යනව. මෙයා ඒකට බය වෙලා වගේ😕😕.

"බයවෙන්න එපා ඔයාට ඇත්තටම වෙඩි වදින්නෙ නෑ.ඕක නවත්තනව..."

එතකොටත් එයා කෑම මේසෙ ළඟ තිබුණ පුටුවක් උස්සගෙන ඇවිත් ඉවරයි!

"Noooooooooooooo!!!!!!!!!"

අඟල් 42 අලුත්ම වර්ණ රෑපවාහිනිය කෑලි කෑලි වලට කැඩිල ගියේ අපි බලාගෙන ඉන්නකොටමයි. Doctor Song ට නම් ගාණක්වත් නෑ . සසර කලකිරිල වගේ බලාගෙන ඉන්නවා.

TV එක කඩල දැම්මට අරය fridge එක, එයාගෙ භාෂාවෙන් කියනව නම් අයිස් පෙට්ටිය ළඟට ගියා. ඒක ඇරල මොනවදෝ එලියට අරගෙන කටේ දාගත්ත.

"😱😱අන්න අරය පොලිතීන් එක පිටින්ම මොනවදෝ කටේ දාගත්ත👉👉👉"

මම එයාව පෙන්නල කෑ ගැහුවත් Doctor Song ට ගාණක්වත් නෑ.

"බය නැතුව ඉන්නව! පොලිතීන් හිර වුණොත් මම surgery එකක් කරල ඒක අරගෙන දාන්නම්! කුස්සියට කරල තියන විනාසෙත් එක්ක සංසන්දනය කරල බැලුවම මේක මොකද්ද😏😏!"

"😱😱 ඒ කියන්නෙ කුස්සිය ඉවරෙටම ඉවරයිද?"

"නෑ ඉවරෙටම ඉවර නෑ. වහලෙයි බිත්ති ටිකයි තියනව තවම😑😑!"

මම ඒ පැත්තට ගියේ වෙලා තියෙන්නෙ මොකද්ද කියල බලන්න. Doctor Song හෙමීට මගෙ පස්සෙන් ආව.

😱😱😱 කුස්සියේ ටැප් එක ඇරපු ගමන් තාමත් එහෙමමයි! බිම නිකං මහා ජල ගැල්මකට අහුවෙලා වගේ. ඒත් එක්කම මොනවහරි පිච්චෙන ගඳකුත් ආව. ගෑස් එක උඩින් දර කෑලි වගයක් තියල ඒක උඩින් භාජනයක් තියල😕😕😕.
උඩ රාක්ක වල තිබුණ ටින්, පෙට්ටි සේරම බිමට පෙරලල දාල. පිස්සන් කොටුවෙ කුස්සිය මීට වඩා හොඳ ඇති😑😑.

Rock Paper ScissorsWhere stories live. Discover now