Chapter 01

455 32 16
                                    

Yura's pov..

එක පාරට බෙල් එකක් වදින්න ගත්තා.
" Welcome to the magic shop " මගේ ඇගේ හිරිගඩු පිපුනා.. ඒ කටහඩ ඇහුනම..

" චින්චායෝ ? මම එහෙද ඉන්නෙ මම මගේ පණවල් හත බලන්න ආවද.. ඔව් මම එතන ඉන්නෙ.. අනේ මම එච්චර වාසනාවන්ත් වෙන්න පුලුවන්ද..." මට කොහොම උනත් ඒක තාම විශ්වාස කරන්න බෑ.. මට එක පාරටම ඇහුවෙ නම්ජූන් ඔප්පගෙ කටහඩ..
" හනා දූල් සේත්.." මට දැනුනෙ මම ඉන්නෙ වෙනම ලෝකෙක කියලා.. ආමිලා කෑ ගහන විදිහ.. ඒ දැනෙන හැගීම.. හැම තැනම ලයිට්ස්.. හිතා ගන්නවත් බැරි තරමය ලොකු audience එකක්.. මම ඉන්නෙ purple ocen එකේ.. ඒක ඇත්තටම වෙනම ලෝකයක්.. ආමිලා හයියෙන් කෑ ගහනවා ආමි බෝම්බ් උඩට උස්සගෙන වන වන.. මට ඇහෙන්න ගත්තා..

" Kim namjoong , Kim seokjin , Min yoongi , Jung hoseok , Park Jimin , Kim teahyun , Jeon jungkook.......... BTS................... "

මමත් ඒ එක්කම හයියෙන් ආමිලා එක්ක ඒක කියන්න ගත්තා.. එක පාරටම මට අවුරුදු ගාණාක් තිස්සෙ දකින්න ඕන වෙච්ච දේ.. මම දැක්කා.. මගේ කොල්ලො හත් දෙනාව.. මට මගේ ඇස් අදහගන්න බෑ.. එක පාරටම මම කෑ ගහන්න ගත්තා " ජන්ග්කූක් ඔප්පා....... සරංහේයෝ............" ඇස් දෙකෙන් කදුලු වැටෙන්න ගත්තෙ ඉබේටමයි.. මම දැක්කා ඒ සුරදූතයො හත් දෙනාව.. එයාලම්ගෙ ඇස්.. අනේ දිලිසෙනවා.. ජිමින්ගෙ කටහඩ.. මට දැන්නෙ ඇත්තටම මම වෙන ලෝකෙක කියලා.. ඔහොම ටික ටික වෙලාව ගියා.. එයාලා performance කරා මම කෑ ගහ ගහ ඒවා දිහා බලං හිටියා.. මට හැම දේම ලැබුනා.. 😍

අන්තිමට magic shop පටන් ගත්තා හොදටම රෑත් වෙලා.. මට වෙලාව යනවා තේරුනෙත් නෑ පොඩ්ඩක්වත්.. ආයෙමත් ඇහුනෙ ජන්ග්කූක්ගෙ කටහඩ..
" So show me..."
එක පාරටම මමත් ආමිලා එක්කම,
" I'll show you..."
" So show me "
" I'll show you......"
" Show you.."
" Show you "

" Ok let's get it!! " ඒ ජන්ග්කූක් එහෙම කියලා බනී හිනාව දැම්මා.. අනේ මට එයා ළගට යන්න ඕන.. ලැජ්ජත් හිතුනා මට ඒ දැම්ම හිනාවට 🙈

මම ඒ වෙලාවෙ හිටියෙ වෙනම ලෝකෙක ඒ කටහඩවල් මගේ කන් දෙකෙම් අහන්න ලැබුනා මට.. කොහොම විශ්වාස කරන්නද.. අනේ purple ocen එකම නිකන් දිව්‍ය ලෝකයක් වගේ.. හැම තැනම මුලු ඔක්කොම දම් පාටයි.. මේ විදිහට හැමදාම ඉන්න තිබ්බනම් කියලා හිතුන වාර අනන්තයි.. ඒකත් ඉවර වෙලා එයාලා යන්න හදද්දි ආමිලා ඔක්කොම අඩන්න ගත්තා.. ඒ වගේම හයියෙන් කෑ ගහනවා.. මට කතා කර ගන්නත් අමාරුයි.. එක දෙයයි කියා ගන්න පුලුවන් උනේ.. " මම ඔයාලාට ආදරෙයි..මාව දාලා යන්න එපා චේබල්.." 😔

A Dream Came TrueWhere stories live. Discover now