Chapter 04

140 24 2
                                    

At the car

ජිමින් , ජින් , සුගා , හොබී ඔක්කොම හොදටම නිදි.. ටේ phone එක දිහා බලාගෙන ජන්ග්කූක් තාමත් ඒ විදිහමයි.. ජූන් ඉන්නවා මුකුත් නොකර.. එකපාරටම හැමෝමගෙම කනට ඇහුනෙ ටේගෙ කටහඩ..

Jungkook pov

🐯 " යොරෝබුන් මේ අහන්න මේ බලන්නකො අද කොන්සට් එකට ආපු girl කෙනෙක් accident වෙලාලු.. අමාරුයි වගේ හොදටම.. මේ බලන්න.. " ටේහ්‍යුන්ග් phone එකේ තිබ්බ news එකක් නම්ජූන් ඉන්න පැත්තට හරවලා එයාට පෙන්නන හදද්දි එක පාරටම ජන්ග්කූක් ඒක ඇදලා ගත්තා.

🐰 " මෙහෙ දෙන්න.. මොකක්ද වෙලා තියෙන්නේ කවුද මේ girl ආ ? කියන්නකො කවුද මෙතන හටියට පැහැදිලි නෑනෙ කවුද මේ ? කියන්නකො.." එක පාරටම මට මතක් උනේ යූරාව.. මං දන්නෑ මෙහෙම හිතෙන්නෙ කියලා.. ඒත් මට ඒ accident එක ගාවින් එද්දිත් මහ නරක හැදීමක් දැනුනා.. යූරා ගැන ඇයි මම මෙච්චර වද වෙන්නෙ.. ඇයි එයා ගැනම හිතෙන්නෙ.. මොනා වෙලාද මට.. එයාට කරදරයක් නැතුවැති නේද.. අන්ද්වේ.... අන්ද්වේ.. එයාට එහෙම වෙන්න බෑ..

🐯 " යා ජන්ග්කූක් ශී ඔයාට පිස්සු හැදිලද ඔහොම phone එක උදුරලා ගන්නෙ ආ.. ඇගිල්ලත් හීරුනා.. මෙහෙ දෙන්න phone එක.. කවදාවත් ඔයා ඔහොම හැසිරිලා නෑනෙ.. මොනා වෙලාද මංදා.. ඇත්තටම මේ girl කවුරු වෙන්න ඇත්ද හ්යුන්ග්.. මොනා උනත් කරදරයක් නොවී ඉක්මනට හොද උනොත් හොදයි.."

ඊට පස්සෙ එක පාරටම හැමෝටම ඇහුනෙ නම්ජූන්ගෙ කටහඩ.. " මේ බලන්න news එකේ වීඩියෝ එකක්.. ආ වහිනවා හොදටම පැහැදිලි නෑනෙ කිසි දෙයක්.." ටේ එක පාරටම එතන යූරව දැක්කා

🐯 " යා ජන්ග්කූක් ශී මෙන්න අර කෙල්ල.. මේ බලන්න එයා මෙතන ඉන්නවා..."

🐥 " මොන කෙල්ලද කොයි කෙල්ලද අපි දන්නෙ නැති කෙල්ල කවුද දැන්.. ආ කියන්න ටේහ්‍යුන්ග් ශී ජන්ග්කූක් ශී මොනාද මේ වෙන්නෙ කවුද ඒ කෙල්ල.."

🐰 " කෝ මෙහාට දෙන්න.. " මම හිතපු දේ හරි ඒ යූරා තමයි.. දැන් මම මොකද කරන්නෙ.. එයාමද accident වෙලා තියෙන්නේ.. මම යන්න ඕන ඉක්මනට.. එයා ළගට.. අපි hospital එකට යමු.. ඉක්මනට.. මට hospital එකට යන්න ඕන.."

🌱 " වේ ? ජන්ග්කූකා ඔයාට මොකක් හරි අසනීපයක්ද මොකද උනේ.."

🐰 " යා පල්ලී.. hospital එකට යමූ..පල්ලී.." ඒ වෙලාවෙ මට කවුරුත් කියන මුකුත් ඇහුන්නෑ.. මහේ හිතේ තිබ්බෙ එක දෙයයි ඉක්මනටම යූරා ළගට යන්න ඕනෙ කියන හැගීම විතරයි.. කවදාවත් නොදැච්ච විෆ්හිහෙ බයක් මට දැනෙන්න ගත්තා.. මං දන්නෑ ඒ ඇයි කියලා.. ඒත් මට එයා ළගට යන්න ඕන.. කාර් එක hospital එකට ආවා.. අනිත් හැමෝම මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා ඒත් මට ඒ කිසිම දෙයක් ඇහුන්නෑ.. ගොඩක් රෑ වෙලා නිසා පාරෙ traffic එක තිබ්බෙත් නෑ.. මම කාර් එක නැවැත්තුවා විතරයි cap එකයි මගේ කොට් එකයි මාස්ක් එකයි දාගෙන බැහැලා දිව්වෙ hospital එක ඇතුලට.. ඕන දෙයක් වෙන්න කියලා එක දිගටම ඇතුලෙ දිව්වා.. මම ගොඩක් බය වෙලා.. ඇගත් සීතල වෙලා එහෙන් තාම එලියෙ වහිනවා.. සීතල වේගනත් එනවා.. යූරා හොදින් ඇති එයාට මුකුත් වෙන්නෑ.. ලිෆ්ට් එක ගාවට ගියාට ඒක නෑ.. පඩි පෙල දිගේ තුන්වෙනි තට්ටුවටම නැග්ගා.. icu එක ළගට යද්දි ඒ දැක්ක දේ.. එයාව හොදටම තෙමිලා වතුර බේරෙනවා.. සීතලේ වෙවුල වෙවුල අඩනවා.. ඒ යූරද ? ඔව් එයා තමයි.. ඒ වෙලාවෙ හිතට දැනුන ඒ සතුට කියාගන්න තරම් වචන නෑ.. එයා හොදින් එයාට කරදරයක් නෑ.. පඩි පෙල ගැනගෙන ආව වේගෙත් එක්ක පපුව හයියෙන් ගැහෙනවා.. ලොකු හුස්මක් අරං පහළග දැම්මෙ හැම දෙයක්ම හොදින් නිසා.. ඒ එයා නෙවෙයි නිසා.. හෙමීට අඩියෙන් අඩිය එයා ගාවට යන්න ගත්තෙ මටත් නොදැනිම..

A Dream Came TrueUnde poveștirile trăiesc. Descoperă acum