Chapter 02

171 27 18
                                    

Jungkook's pov..

මගෙ ඉස්සරහ ඇවිත් වාඩි උන ඒ කෙල්ල.. කවදාවත් මට කිසිම කෙනෙක් ගැන ඔහොම හිතිලා නෑ.. මට මොනාද මේ වෙන්නෙ.. එයාගෙ ඇස් වලින් කදුලු වැටෙනවා.. මට ඇයි එයාගෙ කදුලු දකිද්දි දුක හිතෙන්නේ.. මට මොනා වෙලාද කියලා හිතා ගන්න බෑ..

" අන්යෝන්ග් නම මොකක්ද ඔයාගෙ ? "
මම ඇහුවෙ එයාගෙ ඇස් වලින් කදුලු එන එක නවත්තන්න.. ඒත් මේ කෙල්ල සද්දයක් නෑ.. මගේ ඇස් දිහා බලාගෙන ඉන්නවා.. ඊට පස්සෙ එයා එක පාරට ගැස්සිලා මට උත්තර දුන්නා..

🌸 " ආ.. දේ ජන්ග්කූක් ඔප්පා මගෙ නම යූරා"

යූරා ඒ නම ලස්සනයි.. මම තව දෙයක් අහන්න යද්දි එයා එක පාරට මැද්දට පැනලා මාව නැවැත්තුවා.. මොනාදමෙයාටකියන්න තියෙන්නෙ.. " හරි කියන්න " මාත් අහ ගෙන හිටියා..

එයා කෙනෙක් ගැන කියන්න ගත්තා.. මම එයාගෙ ඇස් ඒ තොල් හෙලවෙන හැටි ඒ හැම දෙයක් දිහාම ගොඩක් විසසිල්ලෙන් බලං හිටියා.. එයාගෙ තොල් හරියට රෝස පෙති වගේ රතු පාටයි.. ඒ ඇස් වල කදුලුත් එක්ක මැණිකක් වගේ දිලිසෙනවා.. ඒ රූපෙන් ඇහැ ගන්න හිතෙන්නෑ.. ඒ තරම් ලස්සනයි.. මට මොනාද මේ වෙන්නෙ.. " ජන්ග්කූක් සිහියට එන්න.. ඔයා ඉන්නෙ කැමරා ගොඩක් ඉස්සරහා තනියම නෙවෙයි.." එයා ඒ කියපු හැන වචනයක් වචනයක් ගාණෙ මට දැනුනෙ ඒවා ඔක්කොම මං වෙනුවෙන් කියනවා කියලා.. මම වැරදි නෑ එයාගෙ ඒ කතාවෙ හිටපු සුරදූතයා මම තමයි.. එයා ඒ කියපු එක දෙයක් මගේ හදවතට ගොඩක් දැනුනා..

🌸 " මම ආදරේ කරන්නෙ BTS ජන්ග්කූක්ට මෙහෙම ජොන් ජන්ග්කූක්ට.. මම හැමදාමත් ඔයාගෙ විතරයි.. ඒක මම ඔයාට දෙන පොරොන්දුවක්.."

මෙහෙම අවංක කෙල්ලෙක් මං ගැන මෙච්චරටම වද වෙන.. මාව එයාගෙ වෙන්නෑ කියලා දැන දැනම මං වෙනුවෙන් ජීවත් වෙච්ච කෙල්ලෙක්.. මං දැන් මොනාද කරන්න ඕන කිසි දෙයක් තේරෙන්නෑ.. එයාට කියන්න හම්බුනේ එච්චරයි.. ස්ටාෆ් එකේ කෙනෙක් එයාව ටේ ගාවට යැව්වා.. අපි දෙන්නගෙ ඇස් එකට ගැට ගහලා වගේ එකිනෙකා දිහා බලාගෙන හිටියේ.. මොනා කරන්නද මක්මරා ගොඩක් ඉස්සරහා ඉදගෙන මට එයාගෙ හිත හදන්න මුකුත් කියන්න විදිහකුත් නෑ.. එයා ගියා.. exit door එක ළගට ගිහිනුත් එයා මං දිහා බලං හිටියා මම දැක්කා.. එයා ගියා එලියට..

A Dream Came TrueWhere stories live. Discover now