Chapter 11

3K 638 96
                                    


සිගනල් වලටවත් වාහනේ නොනවත්තා ජන්ගුක් කෙලින්ම ආවෙ බුසාන් වල තම්න්ගෙ අපාට්මන්ට් එකට..ජන්ගුක් එනකොටත් බොඩිගාඩ් ලා අපාට්මන්ට් එකට ඇවිත්..

"බොස්…"

"අයින් වෙනවා"

ලුවිස් ගෙ දැනුවත් කිරීම් වලට ජන්ගුක් ව නවත්තන්න ආපු බොඩි ගාඩ් ලට කෑ ගහල ජන්ගුක් කෙලිම්ම ගියෙ තමන්ගෙ කාමරේ කබඩ් එක ගාවට..ඉනේ තිබ්බ ගන් එක ඇදල අරන් කබඩ් එකෙන් ගත්ත බුලට් බොක්ස් එකෙන් ගන් එක පුරෝගත්තා..ඒත් එක්කම තවත් ගන් එකක් ඉනේ අනුක් පැත්තෙන් රදවගෙන ජන්ගුක් ෆෝන් එක අතට අරන් කෝල් එකක් ගත්තා..බුසාන් පොලිසියෙ වැඩ කරපු තමන්ට හිතවත් ඔෆිසර් කෙනෙක්ට..

"හෙලෝ මං ජේකේ..මට බුසාන් වල රොනී කියන මිනිහගෙ ඇඩ්‍රස් එක එවන්න.."

…………………………….

"මට මේ දැන්ම ඕන ඔෆිසර්…"

…………………………..

"තමුසෙ මට රොනීගෙ ඇඩ්‍රස් එක එවනවද , මං මගෙ කොල්ලොන්ට තමුසෙගෙ ඇඩ්‍රස් එක යවන්නද…"

ජන්ගුක් කෝල් එක කට් කරා..ඒ තප්පරෙන් ම කොල්ලට මැසේජ් එකකුත් ආවා..ජන්ගුක් මූනෙ තිබ්බ දාඩිය ටික තනි අතින් පිහල දාලා මැසේජ් එකත් බලල එලියට ඇවිත් වාහනේට නගිද්දිම ගාඩ් ලා දෙන්නෙකුත් දෙපැත්තෙන් ආවා..

"තමුසෙල යනවා අපෙ ගෙදර..එහෙ කට්ටියව මං එනකන් පරිස්සම් කරනව."

ජන්ගුක් වාහනේට නැගල ඉගිල්ලෙද්දි ගාඩ් කෙනෙක් ලුවිස් ට කෝල කරා..

"තමුසෙට මෙන්න මෙහෙට එනවලා...ඉක්මනට..මං යන්නම් බොස් එක්ක.."

ලුවිස් කෑ මොර දුන්නෙ කෝල්ලො එක්ක තිබ්බ තරහට...ඒත් කොල්ලො ටිකට කරගන්න දෙයක් තිබුනෙත් නෑ..ඒ වෙලාවෙ ජන්ගුක් ව නවත්තනවා කියන්නෙ බෙල්ල ගහල යන වැඩක් කියල කොල්ලො ටික දැනන් උන්නා..

ජන්ගුක් ට ඔසිසර් එවපු ඇඩ්‍රස් එක තිබ්බෙ වැඩිඈතට නෙවේ..ජන්ගුක් ක්ලබ් එක හදන තැනට ටිකක් එහායින්..ඒත් ඒ ගෙදරට ඇඩ්‍රස් එකක් නෙවේ කියල කොල්ලා දැනන් උන්නා..හිතේ තිබ්බා , තරහ , ආවේගය , දුක කියන හැගීම් එකති වෙලා ඒ වෙලාවෙ ජන්ගුක් ව පාලනේ කරා..තැනින් තැන සිද්ධවෙන්න ගිය පොඩි පොඩි අනතුරු මග ඇරගෙන ජන්ගුක් තමන්ට ඕන කරන තැනට එද්දි අලුත්ම බෙන්ස් කාර් එකේ සයිඩ් මිරර් දෙකම කැඩිලා තිබ්බේ..

MY TIME ( Completed )Where stories live. Discover now