Chapter 18

3.3K 647 64
                                    

MY

"නූරා ඉක්මනට එන්නකෝ....මට පරක්කු වෙනවා"

ජන්ගුක් බාත් රූම් එකේ දොරට ගහ ගහ කා ගහනවා..නූරට නම් ගානක් වත් නෑ..රෝහත් එක්ක උදේ පාන්දර වතුරෙ සෙල්ලම..රෝහටත් සීතලක් දැනෙන්නද්ද මන්දා ඔහේ නටනවා..

"ඩැඩා....පොඩ්ඩාක් ඉන්ඩෝ....."

රෝහයි නූරයි එක පාරට කියල හයියෙන් හිනා..අද රෝහා පලවෙනි වතාවට ඉස්කෝලෙ යන දවස..ඔව් පොඩ්ඩිට දැන් අවුරුදු හතරයි..ඒත් කට නම් අවුරුදු දහයක පහලවක වගේ..ජන්ගුක් නම් රෝහගෙ පන්ඩිත කතා අහන්න හරි ආසයි..ඒත් කොල්ලට කොහෙද වෙලාවක්..

"ජන්ගුකා මං යනවා...තමුසෙ ඉක්මනට එනවා හරිද"

කාමරේට එබුන ජිමින් ජන්ගුක්ගෙ පෆියුම් එකත් ඇගට හලාගෙන යන්න ගියා..ජන්ගුක් ට නම් දැන් එකසිය ගානට තරහ ගිහින්..කොහෙද අර අම්මයි දුවයි බාත් රූම් එකේ සබන් බෝල යවනවා..

"නූරා මං දැන් මේ දොර කඩනවා හරිද"

ජන්ගුක්ගේ කෑ ගැහිල්ලට ඒ සැරේනම් නූරා වගේම රෝහත් බය උනා..ඉක්මනට වොශ් දාගෙන දෙන්නම එලියට එද්දි ජන්ගුක් අත් දෙකත් බදගෙන බලන් ඉන්නවා..

"ඇයි මේ ගෙදර මේ බාත් රූම් එක විතරද තියෙන්නෙ.."

අම්මයි දුවයි එකටම කියාගෙන එතනින් යද්දි ජන්ගුක් එකපාරටම රෝහව වඩාගෙන මූබා පුරා හාදු තියද්දි කෙල්ල උන්නෙ මූන ඇබුල් කරගෙන..

"අයිගෝ....ඩැඩා....මගෙ මූනෙ කෙල ගාන්නෙපා...."

රෝහා නෝක්කාඩු කියද්දි ජන්ගුක් බාත් රූම් එකට ගියා..නූරා රෝහගෙ ඇග පිහදාලා අදුම් අන්දවන්න පටන් ගත්තා..

"රෝ....ඔන්න මං ෆර්ස්ට් වීක් එකෙ විතරයි ඔයාට ඇදුම් අන්දවන්නෙ හොදද...ඊට පස්සෙ ඔයා තමයි තනියම ඇදගන්න ඕන..."

"එතෝට කොන්ඩේ"

"ආහ් කොන්ඩෙ මං බදින්නම්කෝ...ඔයා පිලිවෙලට ඇදුම අදින්නයි පුරුදු වෙන්න ඕන..අරස්සෝ"

"මමා...ස්කූල් එකේ ලමයි මට ගහයිද"

"ඔයා එයාලත් එක්ක හොදින් උන්නම එයාල ඉබේම හොද යාලුවො වෙයි..'

MY TIME ( Completed )Where stories live. Discover now