CHAPTER 08

3.2K 673 30
                                    


"කොහොමද ඉතින්.."

"හොදයි...ඔයා මෙහෙ"

නූරා උත්තර දුන්නෙ ටිකක් හෙමින්..ඒත් මින්හෝ හිටියෙ නම් ලොකු උද්‍යෝගිමත් පෙනුමකින්..මින්හෝ කියන්නෙ නූරාගෙ පලවෙනි ආදරේ...නූරගෙ සල්ලි වෙනුවෙන් කපටිකම් කරල නූරව රවට්ටන්න හදපු , නූරම අත් ඇරපු නූරගෙ පලවෙනි ආදරේ..මින්හෝව නොහිතපු මොහොතක දකිද්දි නූරගෙ හදවත මොහොතකට නතර උනා..ජන්ගුක් ට නූරගෙ මේ වෙනස තේරුනා..ඒ වෙලාවෙ තවත් ගෑනු ලමයෙක් ඇවිත් මින්හෝගෙ අතේ එල්ලුනා..

"ආ...නූරා මේ ඉන්නෙ මං මැරි කරන්න ඉන්න කෙනා..එයාගෙ අක්කගෙ තමා මේ එන්ගේජ්මන්ට් එක්.."

මින්හෝ කිව්වෙ අර ගෑනු ලමයගෙ අතින් අල්ලලා..නූරා ටිකක් අපහසුතාවයට පත් උනේ ඒ ගෑනු ලමයා නූරට අත දික් කරපු නිසා..ජන්ගුක් ට නූරා ගෙ මූන වෙනස් උනු හැටි වගේම නූරා උන්නු තත්වයත් තේරුන් ගන්න පුලුවන් උනා..

"Who is this baby"

ජන්ගුක් නූරගෙ උරහිස් වටා අත් යවල අහද්දි නූරත් ටිකක් ගැස්සුනා..මින්හෝ ගෙ ඇස් හීනි උනේ අමුතු රැවිල්ලක් එක්කමයි..

"නූරා මේ කවිද"

මින්හෝ නූරගෙන් අහද්දි කෙල්ල ගැස්සිලා ගියා..වෙන් වෙලා සෑහෙන කාලයක් ගියත් මින්හෝ ඉස්සරහ නූරා තවමත් අපහසුතාවයට පත් උනා..

"කියන්න නූරා බේබි..මං ඔයාගෙ කවුද කියල"

ජන්ගුක් කිව්වෙ නූරා දිහා බලල හිනා වෙලා..ජන්ගුක් මේ කියන්නෙ මොනාද කියල නූරට හිතා ගන්න බැරි උනා..නූරට ඇහ්ක් ගහපු ජන්ගුක් මින්හෝ ගෙ දිහා බලලා ,

"මං නූරගෙ හස්බන්ඩ්"

කියල නූරගෙ කම්මුලට කිස් එකක් දෙද්දිම මින්හෝ එතනින් නැගිටල යන්න ගියා..උනු දේ හිතා ගන්න බැරුව නූරා උන්නෙත් ගල් ගැහිල වගේ..

"ඒ තමුසෙගෙ එක්ස් බෝයි නේ..බලන් උන්නු හැටියට මට හිතුනා."

නූරා හුස්මක් පිට කරල ටේබල් එක උඩින් අත් දෙක තිබ්බා..

"තමුසෙට දුකද ….. "

ජන්ගුක් ඒක ඇහුවෙ නූරගෙ මූනට එබිලා..කෙල්ල කරේ තවත් මේසෙට මූන ඔබා ගත්තු එක..

MY TIME ( Completed )Where stories live. Discover now