CHAPTER 07

3.2K 663 13
                                    


"කුකි ඊයෙ රෑ කීයටද ආවෙ"

සේරා උදේ ජන්හ්‍යුන් ට පෑන් කේක් බෙදන ගමන් ඇහුවෙ ටේබල් එකේ අනික් පැත්තෙ ඉදන් ජූස් එකක් බිබී උන්නු ජන්ගුක් ගෙන්…

"ටිකක් රෑ උනා නූනා"

ජන්ගුක් ෆෝන් එක අතට අරගන්න ගමන් සේරාට උත්තර දුන්නා.

"කුකී අද කොහෙවත් යන්න දා ගන්න එපා හරිද..ඔයාට රෑට පොඩි ගමනක් යන්න තියෙනවා.."

ජන්හ්‍යුන් කියද්දි ජන්ගුක් මූන ඇබුල් කර ගත්තා..සේරා ට නම් හිනා..

"බිස්නස් පාටියක් කියල නම් කියන්නෙපා හයොන්ග්.."

"අනී...ඔයාට මතකද අප්පගෙ බිස්නස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් උන්නා මිස්ටර් ලී කියල.."

ජන්ගුක් ඔලුව වැනුවා.

"එයාගෙ දුවගෙ එන්ගේජ්මන්ට් එක..ඉතින් මට නූනව දාල යන්න බෑනෙ..අනික නූනට මේ තත්වෙත් එක්ක පාටි වලට යන්නත් බෑනෙ.."

ජන්හ්‍යුන් ජන්ගුක් දිහා බැලුවා..

"ඉතින් ඔයා අප්පා වෙනුවෙන් එතනට යන්න ඕන.."

ජන්ගුක් ගෙ මූනෙ තිබ්බෙ මං යන්නම ඕනෙද වගේ බැල්මක්..ඒත් ජන්හ්‍යුන් ගෙ මූන දකිද්දි කොල්ලා ෆෝන් එක දිහා බලුවෙ අද පාටියට යන්නම වෙනවා කියල දන්න නිසා..ඒ වෙලාවෙ නූරාත් එතනට ආවා..

"කොහෙද යන්නෙ අදත් ලෙක්චර්ස් ද"

සේරා නූරාගෙන් ඇහුවත් නූරා බය වෙලා වගේ බලන් උන්නෙ ජන්ගුක් දිහා..කෙල්ල හිතුවෙ ඊයෙ ක්ලබ් එකේ සිද්දිය ජන්ගුක් සේරා ට කියල ඇති කියලා..

"අනි..උන්නී මේ ලයිබ්‍රි එකට යන්න කියල"

නූරා ගොත ගහ ගහ වගේ කියල ඉක්මනට කිචන් එකට දිව්වා..

"කුකී පෑන් කේක් කනවද , මං පාන් ගේන්නද"

"එපා නූනා...මං ප්‍රෝටීන් එකක් ගත්තා.."

සේරා ජන්හ්‍යුන් ලගින් තිබ්බ පුටුවෙන් වාඩි වෙලා එයාගෙ පලතුරු සලාදෙ අතට ගත්තෙ ජන්හ්‍යුන් දිහා බලලා..ජන්හ්‍යුන් හිනා වෙලා සේරා ට පෑන් කේක් කෑල්ලක් කවද්දි ජන්ගුක් ෆෝන් එක දිහා බලන් හිනා උනා..

MY TIME ( Completed )Where stories live. Discover now