ඇයි නොකිව්වෙ 😣

116 31 17
                                    

මං ආපහු jb ගාවට එද්දි එයාගෙ මූණ එච්චර හොඳ නෑ...

'Jb මොකක් හරි ප්‍රශ්නයක් ද?'මං එහෙම ඇහුවත් jb ගෙන් නම් උත්තරයක් නෑ..

'කියන්නකො jb මොකක්ද ප්‍රශ්නෙ?'..මං එහෙම ඇහුවම මුකුත් නොකියපු jb මගෙ අතකින් තදින් අල්ලං මාවත් වේගෙන් ඇදගෙන ගියා...මොකක් වෙලාද මෙයාට...jb මාවත් ඇදගෙනම සෙනඟ අඩු තැනකට ගියා...

'මට කියනවා ඇත්ත'.jb හොඳටම කේන්තියෙන් ඇහුවා.

'මො...මොකක් ගැනද jb ඔයා අහන්නෙ..'කියන මුකුත් තේරුම් ගන්න බැරුව මං ඇහුවා.

'මෙන්න මේක ගැන'.එහෙම කියපු jb එයාගෙ අතේ තිබ්බ කොලයක් මගෙ මූණට දමලා ගැහුවා...මං නැවිලා ඒක අහුලගෙන බැලුවා.

දෙයියනෙ jb ට කොහෙන්ද මේක හම්බුනෙ...දැං මෙයා ඔක්කොම දැනගන්නැති..

'තවත් මොනවද බලං ඉන්නෙ තව මොනවද හංගන්නෙ...දැන්වත් මට ඇත්ත කියනවා Y/N...ඇත්ත කියනවා'.jb ගෙ උස් වූ හඬ සමඟම ඔහු මාගෙ දෙවුරෙන් සොලවා කිව්වා.දැං හංගලා වැඩක් නෑ...කියන්නම වෙනවා..කමක් නෑ කවදාහරි මේක එයා දැනගන්න ඕනනෙ..

'J...jb...ඔයා මේ report එකෙ දැක්ක ඔක්කොම දේවල් ඇත්ත'.

'ඒත් ඇයි මට නොකිව්වෙ'.මෙවර බාල වූ හඬකින් jb ඇහුවා..

'ඔයාට තියෙන ප්‍රශ්න එක්ක මට ඕන උන්නෑ මේවා ඔයාගෙ ඔලුවට දාලා වද දෙන්න'.

'ඒත් ඔයා මගෙ...ඇයි ඔයාට කියන්න බැරි..මොකටද අපි අතරෙ රහස්'.මෙවර ආයෙත් jb ගෙ හඬ උස් උනත්

'ඔව් ඔව්...මට හරි ලේසියිනෙ mentally ගොඩක් down වෙලා ඉන්න කෙනෙක්ට එයාගෙ girlfriend ට blood cancer එකක් කියලා එකපාරටම කියලා දාන එක' මගෙ හඬ වඩාත් තියුණු උනා...මගෙ ඇස් වලින් හෝ ගාලා කඳුලු ගලනවා..

මුකුත් නොකියූ jb මාව තදින් තුරුල් කරගත්තා.තවත් ටික වෙලාවක් කිසිම දෙයක් නොකියා ඔහුට තුරුල් වෙලාම අඬ අඬ ඉන්න අතරෙ jb මට කතා....

'Y/N....මොන දේ උනත් ආයෙ මට කියන්න...ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් උනත් නැතත්...මොකද මුලු ජීවිතෙම ඔයත් එක්ක ඉන්න මං ඉන්නව.ඔයාට කොයි ප්‍රශ්නයක් ආවත් ඔයා මොන මට්ටමෙ හිටියත්..මොකද සමහරවිට ඔයා ඒ දේ මට නොකියා හැංගුවොත් ඊටවඩා ඒක මට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්'.jb මගෙ ඔලුව අතගාමින් කිව්වා.

Eternity 💕[Completed]Où les histoires vivent. Découvrez maintenant