Confession 🌚👉👈

123 28 12
                                    

Y/N තාත්තා එයා හිතං හිටපු විදිහට අන්තිම කැමති පත්‍රෙ ලිව්වා.

'කෑවා....කෑවා...මේ මිනිහා මගෙ වැඩ කෑවා...අර දේපලවලින් වැඩි කොටසක් අර හිඟන්නිට ලියලා...මගෙ වැඩ ඔක්කොම කෑවා...දැං මං invest කරන්න හිටපු ඔක්කොම වැඩ අපතෙ'.තරහින් පුපුරමින් කාමරෙ එහට මෙහාට ගමන් කරමින් Y/N ගෙ කුඩම්මා හිතුවා..

ඇයටත් Y/N ගෙ පියා විසින් ලබා දුන්න විශාල දේපල කොටසක් තිබුනද පාඩු ලැබූ ව්‍යාපාර වලට වගේම casino වැනි සූදූ වලට ඇබ්බැහි වීමෙන් අහිමි කරගත්තා...ඇයගෙ අවසන් තුරුම්පුව ඌයෙ Y/N ට නොදී ඒ දේපල කොල්ලකාගැනීමටය...එහෙම ඒ සිතුවිල්ල විනාශ කරමින් Y/N ගෙ පියා අන්තිම කැමැත්ත ලිව්වා.

'දැං මට අන්තිම ගැටෙ ගහන්න ඉතුරු...කොහොමහරි අර shin පවුලෙ කොල්ලගෙ කරෙ මේකිව එල්ලන්න ඕනෙ...එතකොට මට පුලුවන් උන්ගෙ business වලට join වෙන්න'..කුඩම්මා හිතුවා...shin පවුලෙ එකම පුතා නැත්තං yugyeom ට Y/N කසාද බන්දලා දුන්නොත් Y/N ගේ දේපලද හිමිවන්නෙ නැවතත් ඇගේ අල්ලේ නැටවිය හැකි රූකඩ මෙන් සිටින shin පවුලටයි....Mrs.shin Y/N ගෙ කුඩම්මා කරන ඕනෑම දේකට එකඟයි...එනිසා මුලු මුදල් බලයම ගන්න තියෙන හොඳම විදිහ මේක කියලා තේරුම් ගත්තා...

'Mr.lee..mr.lee'

'මට කතා කලාද madam' Y/N ගෙ කුඩම්මගෙ private manager ආවා.

' හෙට shin family එකට මෙහෙ dinner එක්කට එන්න කියන්න'.

'හරි madam'.ඔහු කිව්වා.

පහුවදා shin family එකට dinner එක්කට එනවා කියලා මුලින්ම දැනගත්තෙ yuna..

'Unnie....unnie....ඒක නෙවෙ...දන්නවද හෙට shin family එකට dinner එක්කට එන්න කියලා'.මං ගෙදර ආපු ගමංම yuna කිව්වා.

'Shin family එකට...ඒත් ඇයි මේ හදිස්සියෙම'.

'දන්නෑ ඉතිං ඒත් හෙට එයාලට එන්න කියලා'.

'මට shin family එන එක නම් ප්‍රශ්නයක් නෑ....ඒත් ඔයා නම් සෑහෙන්න සතුටින් වගෙ'.

'මං...අනෙ පිස්සුද..මං මොකටද සතුටු වෙන්නෙ...මං ඉතිං මේ නිකමට කිව්වෙ...අනික එයාලා ආවා කියලා මං මොකටද සතුටු වෙන්නෙ'. Yuna එහෙම කිව්වත් එයාගෙ මූණ රතු වෙලා තියෙනවා මං දැක්කා...අනිවාර්යයෙන්ම මේ කෙල්ලගෙ හිත කොහෙහරි ගිහින් වගෙ..

Eternity 💕[Completed]Where stories live. Discover now