Yugyeom ළඟ 😶

141 31 15
                                    

Yuna යි කුඩම්මයි ගිහින් ටික වෙලාවකින් මාත් ගියා hospital එකට..මං යද්දි yugyeom ගෙ අම්මා icu එක ඉස්සරහ පුටුවක ඉඳගෙන හොඳටම අඬනවා...මොනවා උනත් මොන ජාතියෙ ජරා මිනිහෙක් උනත් ඒ එයාගෙ පුතා...ඒ නිසා ඒ අම්මට දුක ඇති...කුඩම්මා එයා ගාවින් ඉඳන් එයාගෙ හිත හදන්න උත්සහ කරනවා මං දැක්කා.මං ගිහින් icu එකෙ වීදුරුවෙන් බැලුවා..yugyeom ගෙ ඔලුවයි දකුණු අතයි bandage කරලා තියෙන්නෙ...එයාට තාම සිහිය නෑ...oxygen යි seline ත් දෙනවා.

'මොනා වෙලාද මෙයා accident වෙලා තියෙන්නෙ yuna?'.

'වාහනෙ බ්‍රේක් නැති උනා කියන්නෙ....බ්‍රේක් නැති උනා නෙවෙ අනිවාර්යයෙන්ම පාරෙ යන කෙල්ලෙක් දිහා බලං යන්නැති මේ සෙවලයා' හිනා නොවෙන්න ඕන වෙලාවක් උනත් yuna කියපු එකට මට හිනා ගියා.

'Doctor මොකද කිව්වෙ?'

'වාහනෙ air bag තිබ්බ නිසා ලොකු තුවාල නෑ වීදුරුව කැඩුනු නිසයි dashboard එකෙ ඔලුව හැප්පුන නිසයිලු තුවාල වෙලා තියෙන්නෙ....ඉක්මණට සිහිය එයි කිව්වා'.

'ආහ් ඒක හොඳයි'

'අපරාදෙ ඔය ඔලුව පැලිලම මළා නම් මොළෙ හොඳ ගානකට විකුණන්ඩ තිබ්බ.පාවිච්චි කරලම නෑනෙ'.

'Yuna...මොනවද ඔය කියන්නෙ...මොනව උනත් ඒත් මනුස්සයෙක් ඔහොම කියන්නෙපා'.මං yuna ට සැර උනා.

'හරි හරි සොරි...මට අමතක උනානෙ මගෙ unnie ට පුදුම කරුණාවක් තියෙන්නෙ කියලා'.

එවෙලෙ doctor එළියට ආවා.doctor කිව්වෙ yugyeom ට සිහිය එන්න උදේ වෙයි එතකන් එක්කෙනෙක් ඉඳලා අනිත් අය ගෙදර යන්න කියලා.

'Y/N දුවෙ...ඔයාට hospital එකෙ නවතින්න පුලුවන් ද...මට mrs.shin එක්ක යන්න වෙනවා එයාගෙ හිතත් එච්චර හොඳින් නෙවෙනෙ...mr.shin ත් වැඩ වලනෙ'.කුඩම්මා ඔය ආදරෙන් වගෙ ඇවිල්ලා මට නවතින්න කිව්වෙ....මේ මොහොතෙ හරි මාව yugyeom එක්ක යාලුකරවන්න කියලා මං දන්නවා.

'හරි මං ඉන්නම්' මං කුඩම්මගෙ කීමට එකඟ උනා.

'අම්මෙ මාත් ඉන්නවා unnie එක්ක...එයාට තනියම ඉද්දි පාලුයිනෙ...අනික මටත් ගෙදර කවුරුත් නෑනෙ අම්මා ගියාම' මාව yugyeom එක්ක තනිනොකරන්න yuna ඉක්මණට කිව්වා.

ප්‍රතික්ෂේප කරන්න බැරි yuna ගෙ මේ ඉල්ලීම ඇහුනු ගමංම කුඩම්මගෙ මූණ වෙනස් වෙනවා මං දැක්කා.ඒත් වෙන කරන්න දෙයක් නැති කමට කුඩම්මා හා කිව්වා.

Eternity 💕[Completed]Where stories live. Discover now