Chapter 2

389 44 1
                                    

කතාවට කලින් මුලින්ම කියන්න ඕනේ ඉස්සෙල්ලම කියන්න යන්නෙ අපේ ලංකාවෙ කෙල්ලො පස් දෙනා සෙට් උන විදිහ ගැන.... එතනින් පටන් අරගෙන කතාව දිගටම වර්තමානයට එනකල්ම යනවා.... එහෙනම් අපි යමු කතාවට.....

සත් සිහිනය

Chapter 2

අවුරුදු පහකට පෙර (2016.08.08)

Thrid pov

2017  world scout jamboree එක තියෙන්නෙ මාර්තු මාසෙ azerbaijan වල. ඒකට හැමෝටම සහබාගි වෙන්නනම් බැහැ. ඉල්ලුම්  කරන අයගෙනුත් සම්මුක පරීක්ශනයක් තියල බොහොම ටික දෙනාවයි තෝරගන්නේ. අනික තමා සල්ලිත් ඕනෙ. මොකද ඉතින් ගුවන් ටිකට්පත් වලට යන  වියදම් වෙන අය ගෙවන්නෙ නැහැනෙ.

Giha pov

Interview එක තියෙන්නෙ 8.30ට කොලබ අපේ ප්‍රදාන මූලස්තානයේදී. මම alarm එක තියල පාන්දරම ඇහැරුනෙ කලින් ගියෙ නැත්නම් interview එක ෆේල් කරයි කියල බයට. මට O/L ගැනවත් මෙහෙම බයක් තිබුනෙ නැහැ සාන්ත 😁

අම්මනම් බනිනව හොදටම. ඇයි ඉතින් සුනාමියක් එනව කිවුවත් උදෙන්ම නැගිටින්නෙ නැති මමනෙ අද මේ උදෙන්ම ඇහැරල ඉන්නෙ. ඒ තරමට මම  scout life එකට කැමති.

Uniform එක ඇන්දට පස්සෙනෙ මතක් උනේ ඊයෙ සපත්තු දෙක හොයල තියාගත්තෙ නැහැ නේද කියල. ඒ මන් කම්මැලි නිසා නෙමෙයි පිලිවෙලට වැඩ කරන්න ඕනෙ නිසයි 😁

🖤අම්මේ.... මගෙ සපත්තු දෙක හොයල ගෙනල්ල දෙන්නකෝ....
මන් පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවෙ පරක්කු වෙයි කියල බයට

👩ඕවා හොයල තියාගන්න දැනගන්න එපැයි ඇයි අද යන්න තියෙනව කියල කලින් දන්නෙ නැද්ද?

🖤අනේ මගෙ හොද අම්මනෙ plz plzzz... හොද අම්ම වගේ මේස් දෙකකුත් ගේන්න. උම්මා 😘😘

ඉක්මනට ලෑස්ති වෙලා අම්මටයි තාත්තටයි වැදල එලියට බැස්සේ interview එක පාස් වෙන්න කියල හිතින් හිතන ගමන්. Worl jamboree එකකට යන එක මගෙ ලොකුම හීනයක්.

මූලස්ථානට එද්දි ආසාවට බලන්න කියල එකෙක් එලියෙ නැහැ. යකෝ තාම 8ටත් නැහැ. අපේ ලන්කාවෙ මිනිස්සු වෙලාවට වැඩ කරන්න ගත්තෙ කවද ඉදලද? අදත් බාල්දියක් වගේ. හිතින් බැන බැන මම පන කඩාගෙන දිවුවේ interview එක පටන් ගන්නකල් ඉන්න අපිට ඉන්න තියෙන waiting room එකට.

සත් සිහිනය ( ON HOLD ) Where stories live. Discover now