Chapter 04

276 33 1
                                    

සත් සිහිනය

Chapter 4

Giha pv

පෙබරවාරි 10 වෙනිදා අපිට පුහුනුවක් ලැබුනා. කට්ටියව අදුරගන්නත් පුලුවන් උනා. අපිව ටීම් වලටත් බෙදුව. අපිට වැඩක් ඩුන්නම ටීම් එක එකට තමා ඉතින් වැඩ කරන්න ඕනෙ. Jamboree ගියහමත් එහෙමයි.

මොන ටීම්ද මෙදා පාරනම් ඉල්ලගෙන කන්න තමා වෙන්නෙ. අලි ඔලුවෙන් හිටියට මොකද තාම ඇදුමක්වත් හෝදගන්නෙ නැහැ. ඉන්නෙත් අදුරන්නෙ නැති අය. උඩ දාගෙන යන්න දැගලුවට මොකද දැන්නම් යන්නත් බෑ බෑ වගේ. මතක් වෙද්දිත් චූ බර එනව 🤐

Camp එක තියෙන්නෙ මාර්තු 15 - 25. මන් කඩෙන් ගන්න ඕනෙ කරන බඩු ලිස්ට් එකක් හදල අම්මට දුන්න ගේන්න කියලා. 10 වෙනිද ඉදලම බඩු හදල ඉවර කලා. Unifrom එකත් මැදල අරන් තිබ්බා. ඒක තමයි යද්දි ඇදගෙන යන්න ඕනෙ.
....................................................................................

හෙට පාන්දර 2.30ට තමා flight එක තියෙන්නෙ. පැය 8කට වැඩිය fly කරන්න ඕනෙ එහෙට යන්න. අද 14 වෙනිදා. මම කෝල් එකක් ගත්තා මගේ හොදම යාලුවට මන් හෙට යනවා කියන්න. එයාගෙ නම අනූ

🖤 හෙලෝ අනූ නිදිද ඔයා ?

🤎හපෝ මොකද බං මේ මහ රෑ කෝල් ගන්නෙ උබට නින්ද යන්නැද්ද ?

🖤 මොකක්ද බං පොඩ්ඩක් ආදරෙන් කතා කරපංකො කට ඇරියත් ඔහොමමයි

🤎 උඹට ආදරෙන් කතා කරා කියලා ඇති වැඩක් තියෙයිද බං උඹ කට ඇරියොත් ඒ පළාතම ඉවරයි අපිට ළඟ ඉන්නත් ලැජ්ජයි. දැං ඒක වැඩක් නෑ උඹ කතා කළේ ඇයි කියපන්කො.

🖤 හෙට මං යනවා කියන්න තමා උඹට කතා කරේ කොහෙද ඉතින් කෝල් එක ගත්ත ගමන් කෑ ගහන්න ගත්තානෙ

🤎 ආ උඹ යනවද? මේ උබ ගියාට කමක් නෑ ආපහු එන්නැතුව ඉන්න බැරිද බන්? උඹ එහෙ නැවතියන්කො බන් 😁

🖤 සැක් උඹ මොන වගේ යාළුවෙක් ද බං මගෙ මේ ලස්සන මූණ බලන්නෙ නැතුව  උඹට ඉන්න පුලුවන්ද 😌

🤎 අනේ උඹේ මූණ 😏 උගුඩුවා කාපු මොකක්ද එක වගේ එනව මෙතන 😁 මගෙන් මුකුත් අහගන්න එපා😁

🖤 උඹ ඔහොමද යකෝ මට wish කරන්නෙ. පරිස්සමෙන් යන්න කියලා කියපන්.

සත් සිහිනය ( ON HOLD ) Where stories live. Discover now