Chapter 1🌸

974 122 28
                                    

"දඩ බඩාං ඩෝං"
සද්දෙට yeona ඉක්මනට කාමරේට දුවගෙන ආවේ මොකක්ද වැටුනෙ කියල බලන්න.

වේගෙන් දුවගෙන ආපු yeonaට දකින්න ලැබුණේ ඇදෙන් බිමට වැටිලා කොන්ද අල්ලන් දගලන තමන්ගේ සහෝදරී yoonahව .

"අදත් තමුසේ වැටුණද😑බය වෙන්න දෙයක් නෑ පොළොවට රිදිලා නැතුව ඇති. තමුසේ වැටිලා බලන්නෙත් පොළොවට රිදිලද කියලනෙ නේද අක්කේ" හොද සෝදිසියෙන් බිම බල බල හිටපු yoonahගෙන් yeona අහුවේ හිනා වෙන ගමන්.
(Yoonah හරිම අහිංසක කෙල්ලෙක්. එයාගෙ නංගී yeonaට වඩා මෙයා ගොඩක් වෙනස් හරියට කාසියක දෙපැත්ත වගේ)

ඒත් yoonahගේ මූණේ තිබුණේ හරිම බයගුළු පාටක් "ම්..මම....ම..ම්ම මේ මගේ phone එක ඒක නෑනේ. අනේ අනී කොහෙද ඒක😟" අඩන්න ඔන්න මෙන්න වගේ yoonah කතා කලා.

"අප්පෝ! අදත් ඔය tap එක අරින්නද යන්නේ. හැමදාම ඔහොම ඇඩුවාම අපිටත් එපා වෙනවා😒මගේ අක්ක කියන්නත් ලැජ්ජයි බයගුල්ලී"

"අහ්හ්හ් මට ඔයාගේ phone එක දෙන්න, කෝ දෙන්නකෝ.අනේ නංගී මන් ඔයාට අර assignment එක කරල දෙන්නම්.ඉක්මනට දෙන්නකෝ අනේ"

"මේක මරු චාන්ස් එක😏ඒත් ඇයි ඔයා මෙච්චර කලබල වෙලා.."phone එක දෙන ගමන් yeona ඇහුවා.

📲 අප්පා...අනේ අප්පා ඔයා හොඳින් නේද?කිසි කරදරයක් නෑ නේද?මන් ගොඩාක් බය උනා.අප්පා කවද්ද එන්නේ.අනේ අප්පේ පරිස්සම් වෙලා වැඩ කරන්න.අනේ මම හීනෙන් දැක්ක ඔයාගේ ඇගිල්ලක් කැපිලා ලේ එනවා,අනේ අප්පා................
....................................................................................................................................................................................................................................................................................................................................................................................හරි අප්පේ මම එහෙනම් තියන්නම් පරිස්සමෙන් වැඩ ටික කරගන්න"
(මේ විදියට කියවගෙන කියවගෙන යන yoonah දිහා yeona තරහෙන් බලන් හිටියා)

Yeona phone එක උදුරලා ගත්තා
" මම හිතුවා තමුසේ බෙරිහන් දෙද්දී මෝඩ දෙයක්ම වෙන්න ඇති කියලා😑 තමුසෙට ඇත්තටම පිස්සු අක්කේ මෝඩ දේවල් වලට නටන්නේ"

"මොකද ඕයි කෑගහන්නේ මට නිදාගන්නවත් නෑ"

"ඔන්න ඊළඟ බූරුවා කෑගහනවා" yeona දොර ලග හිටගෙන හිටපු young දිහා බලලා කිව්වා.

"යා මල්ලී ඔයා yeona එක්ක ගිහින් ලෑස්ති වෙන්න. ඔයාලට පරක්කු වෙනවනේ" yoonah කියලා ලෑස්ති වෙන්න ගියා.

"හා හා මේ යනවා. මට කවද වෙනකන් මෙහෙම මේ මෝඩි එක්ක යන්න වෙයිද දන්නෙ නෑ😒"

"අනේ තවුසෙට පාඩුවක් වෙයි මාත් එක්ක ගියොත් ඉක්මනට ලෑස්ති වේලා එනවා"

......
Yoonah cupboard එකෙන් එයා ආසම විදියේ charm ගවුමක් අරගෙන ඇදගත්තා.කොණ්ඩේ දිගට
කඩලා දැම්මා.makeup කරන්නේ නැති වුණත් yeonaගේ ලා රෝස පාට lipstick එකෙන් පොඩ්ඩක් ගා ගත්තේ පොඩි ආසාවක් හිතේ තියන් (ඇත්තම කිව්වොත් මෙයා පොඩි කාලේ ඉදන් fashion/makeup වලට ආස කලත් ඒ කිසි දෙයක් මේ වෙද්දී පාවිච්චි කරන්නේ නැත්තේ සමාජෙන් කතා අහන්න වෙයි කියලා බයට)

ඉක්මනට handbag එකත් අරගෙන කණ්ණාඩි කුට්ටමත් දාලා ලෑස්ති වුනා(කණ්ණාඩි දැම්මාම bright look එකක් ආවට ගොඩක් අය විහිළු කරද්දී දුක හිතුනා)

ගෙදර බෙල් එක වැදෙනවත් එක්කම ඔම්මට කියලා ගෙදරින් එළියට බැස්ස yoonah දොර ඉස්සරහ හිටගෙන ඉන්න කෙනා දැකලා ගොඩක් සතුටු වුනා.

යා........

A/N
ම්ම් boring නේද.මම හොද writer කෙනෙක් නෙවේ අනිත් එක මේක මගේ 1st ff එක ඉතින් වැරදි අඩුපාඩු ගොඩක් ඇති ඒවා මට කියන්න හරිද🤗

ඉතින් කවුද මේ දොර ඉස්සරහ ඉන්නෙ..ඒක දැනගන්නනම් ඊලග chaper එක කියවන්න ඕනි 👀 ඒක ඉක්මනට දාන්නම්😊

~ජිනී💜️~

FOREVER YOURS😘•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now