Chapter 01 - පූස් පැටවුන්

270 50 32
                                    

සොක්ජින් ජීවත් උනේ හුදෙකලාව ප්‍රිය කරමින්. කිසිම අසල්වැසි මිතුරෙක් හෝ හිතවතෙක්ගේ ඇසුරක් නොමැතිව හිටියත් ඒ දැනෙන නිදහසට කැමති වුනා.

අනෙක් අයගේ ආශාවන්, විනෝදාංශ ගැන සොක්ජින්ගේ උනන්දුවක් නොතිබුන නිසාම කිසිවෙක් සමග වැඩි කතා බහකටවත් ඔහු එකතු නොවුන තරම්. අසල්වැසියන්ගේ ව්‍යායාම, ක්‍රීඩා වැනි දේවල් ගැන සංවාද නම් ඔහුට කොහෙත්ම රසවත් බවක් දැනුන දේවල් නොවෙයි. ඒ නිසාම ඒ අයගෙ කිසිම සුහද හමුවකට ඔහු සම්බන්ධ වුනේ නැහැ. ඔහු ගැන අනෙක් අය සිතා සිටියේ මිත්‍රශීලී නොවන සමාජශීලි නැති අයෙක් විදිහට.

දවසක් ඔහු තම මහල් නිවාසයෙන් පිටතට ගියේ රාත්‍රී ආහාරය සැකසීම සඳහා බඩු මිලදී ගැනීමටයි. ආපසු පැමිනෙන විට පූස් පැටියෙකු තම දොරෙන් පිටත සැරිසරන අයුරු දැක ඔහු විමතියට පත්වුණා.

"පූස් පැටියෙක්..? මෙතන..?"

ජින්ගේ දෑස් විමතියෙන් විසල් වෙලා. ඔහු එතනම දණ ගසාගෙන පූස් පැටවාගේ මෘදු ලොම් අතර තම ඇගිලි ගෙනයමින් ඔහුව සුරතල් කිරීමට පටන් ගත්තා.

"ඔයා කොහෙන්ද ආවේ..?"

ඔහු පූස් පැටවාගේ හිස පිරිමදිමින් ම විමසුවා. සියොක්ජින්ට මේ හුරුබුහුටි පූස් පැටවා එතන තනිකර යන්නට සිතක් නම් කොහෙත්ම නොතිබුණ නිසා එතනින් රැගෙන ගොස් අයිතිකරු සොයාදීමට උවමනා වුනා.

කවුරුන් හෝ "ශුගා" යනුවෙන් සුරතල් නමකින් අමතනු ඇසී සොක්ජින් හිස ඔසවා බැලුවේ ඒ අමතන්නෙ මේ පූස් පැටවාට යැයි සිතුන නිසා. ඔහු පූස් පැටවා ඔසවා දෝතට ගත්තේ ආහාර ද්‍රව්‍ය තිබූ බෑගයත් එතනම අමතක කර දමා.

ඔහුගෙ ඒ හඩ ඇසුනු දිසාවට ගියේ මදක් චකිතයෙන්. සැබවින්ම සොක්ජින් මේ කිසිදු අසල්වැසියෙක්ව හැදිනුවේ නැහැ.

මොහොතකින් ඔහු දුටුවේ හිම මෙන් සුදෝ සුදු පෙනුමෙන් යුත් තරුණයෙක්ව. ඔහු තමාගෙ වයසට ආසන්න වයසක අයෙක් විය යුතු යැයි අනුමානයක් සොක්ජින්ගේ සිතේ ඇති වුනා.

ඒ තරුණයා නමින් යුන්ගි. සොක්ජින් කිසිදා නොදුටු ඔහුගේ අසල්වැසියෙක්.

LOVE WITH KITTENS | SINWhere stories live. Discover now