COME TO ME - 01

409 58 5
                                    


පලමු අරාධනාව ,

" මේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයයි. බදුල්ල බලා යාමට නියමිත නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් පස්වන වේදිකාවට පැමිණෙනවා ඇත... එහි නැවතුම් ස්ථාන වනුයේ කොළඹ කොටුව , මරදාන........"

කොටුව ස්ටේෂමේ කොලපාට තීන්ත අළුතින් ගෑවුනු  යකඩ  අසුනක වාඩිවී සිටි නේහා කලබලයක් නැතුවම තම අත් බෑගය දමාගන අනෙක් බෑගය අතට ගෙන නැගිට්ටේ ඇයට යාමට නියමිතව තිබුනු දුම්රිය තව ස්වල්ප වේලාවකින් පැමිණෙන බව නිවේදනය කල නිසාවෙනි.
නැවත වතාවත් ස්ටේෂමට ඇතුළු වන දොරටුව දෙස හැරී බැලූ ඇය බලාපොරොත්තු කඩවූ කෙනෙක් මෙන් මුහුණ කළු කරගන සුසුමක්  වාතලයට එක් කලාය .
තම අතරැදි ජංගම දුරකථනයද නැවත වතාවක් පරීක්ෂා කල ඇය එයද පරෙස්සමකින් තොරවම තම අත්බෑගයට දමාගත්තාය.

" මම තනියම "

ඇය ඇයටම මුහුණා ගත්තාය. වේදිකාව මත හරි හරියට සෙනග ගැවසුනද ඇය පිරිස අතර තනිවී සිටින බව ඇයට දැනිනි. කොතරම් දෙනෙක් සිටියද තනිකමේ අදුරු සෙවැනැල්ලෙන් ඇයට සැගව යාමට නොහැකිවිය.

📌️වසරකට පෙර .

" ඇති බන් හීල්ලුවා. අනුරුද්ධට උඹව එපා නම් උඹ ගිහින් උගේ කරේ බලෙන් එල්ලෙන්නද. "

ගුරු නේවාසිකාගාරයේ දොර පඩියේ වාඩිවී උළුහස්සට බර දී නේහා සිටියේ කදුළු සලමින්ය. සුරතලයට ඇති කල බළලාද ඇය සමීපයේම රැදුනේ ඇගේ වේදනාව තේරුම්ගෙන මෙන්ය.

" ඌට පවුල ලොකුනම් උඹ කොච්චර රණ්ඩු කරත් ඌ උඹව අතාරිනව බන් , දැන්වත් තේරුම් ගනින්. උඹට දුක දැනෙයි. ඒත් උඹ අනුරුද්ධ කසාද බැන්දොත් ජිවීතේ තියන තුරාවටම උඹට විදවන්න වෙයි. ඒ නිසා මොලේ ඇතුව කල්පනා කරලා තීරණය කරපං . "

ලවන්යා නේහාට උපදෙස් දුන්නත් කදුළු අතර පොරබදනා ඇයට නම් මේ කිසිම කරුණක් ඇසුනේවත් නැත. ඇය තවම සිටිනුයේ වික්ෂිප්ත මනසකිනි.

" නේහා......මම උයලා ඇත්තේ. බඩගිනි වෙලාවක කන්න ලමයෝ නැත්නම් ඔහොම හූල්ලලම උඹට හැදෙන්නේ හොයාගන්න බැරි ලෙඩක් . 
බයවෙන්න එපා බන්. සමහරවිට හැමදේම වාසනාවට වෙන දේවල් වෙන්නත් පුළුවන් . "

COME TO ME || G×GOù les histoires vivent. Découvrez maintenant