COME TO ME - 02

185 49 3
                                    

දෙවන ආරාධනාව

" නේහා බංඩාර "

නේහා අනුරාධී දිගු කල සුරත අල්ලාගන තම නම පවසනවාත් සමගම ගුරු නේවාසිකාගාරයට පැමිණියේ නේහාගේ මිතුරිය ලවන්යායි.
අනුරාධී තවමත් නේහාගේ සුරත අත නොහැර තදින් අල්ලගන සිටින්නේ තව අයෙක් ආ බවද අමතක කරදමාය . මෝඩ සිනහවක් මුව රදවා ගත් අැයගේ දෑස් එක එල්ලේම එල්වී තිබුණේ නේහා මුවට පහලින් නිකටේ වම් පසට වන්නට  තිබූ උපන් ලපය දෙසටයි.

" සෝ කියුට්. "
අනුරාධී සිතුවේ එලෙසයි. ආකර්ෂණයට රැවටුනු පසු පරිසරයේ සිදුවන කිසිම වෙනස්වීමක් ශරීරයට නොදැනෙන බැව් අනුරාධීට අමතක වී තිබුනා.

" මේ කෙල්ල මගේ මූණ දිහා බලාගන අනිත්‍ය මෙනෙහි කරනවද. "
නේහාගේ සිතුවිලි ඇයට පැවැසුවේ එලෙසයි.

කළු පාටම නොවුනු තදම නිල් පාට අනුරාධීගේ දෑස් නේහා දෙස එක එල්ලේම බලාසිටීම නේහාට කරදරයක් වුනා. ඒත් හදවතට නැවුම් හඩක් එක්වෙන බව ඇයට දැනෙන්නට වුනා .

" නේහා..... කරදරයක් නෑ නේද. "

ලවන්යාගේ හඩ ඇසුනු සැනින්ම නේහා තම අත අනුරාධිගේ ග්‍රහනයෙන් ගලවා ගත්තාය. වටපිටාවෙ වූ කිසිම දෙයක් පිලිබදව ඔවුන් දෙදෙනාට නිනව්වක් තිබුණේ නෑ. ඔවුන් සිටියේ දෑසින් ආරම්භ කර කතාබහක.

" අනේ සොරි මිස් අනුරාධී මම පොඩ්ඩක් ලේට් වුනා. ප්‍රශ්නයක් වුනේ නෑනේ . "

ලවන්යා එක්වරම නේහා අතැරිය අනුරාධීගේ සුරත අල්ලාගද්දි නේහාටත් නොදැනීම ඒ ඇස් ගියේ ඒ දෙසට.
මෙතෙක් ඒ අතේ දැනුනු තෙත මිශ්‍ර උණුසුම නැතිව යාම ඇයට හොදින්ම දැනුනා.

" නෑ ටීචර්. මම ප්‍රින්සිපල් සර් කියපු විදියටම ආවා.  ඒත් මේ ටීචර් මාව දන්නෙ නැති එක තමා පොඩි ප්‍රශ්නෙකට කියලා වුනේ. "

අනුරාධී කිව්වේ නේහාව පෙන්නලා. කෙල්ල නම් තවමත් ඉන්නේ තරහින් . ඒ හින්දම ගස්සලා අහක බලාගත්තා.

" ආ.....ඒ නේහා.... මගේ යාළුවා. "

" නේහා , එතකොට මේ අනුරාධී . "
ලවන්යා  ආයෙත් සැරයක් දෙන්නට දෙන්නවම හදුන්වලා දුන්නා....

COME TO ME || G×GWhere stories live. Discover now