COME TO ME - 05

160 46 2
                                    

පස්වැනි ආරාධනාව

" නේහා ටීචර් . ".
නේහා දොර විවෘත කිරීමට පෙර ආයෙත් ඇසුනේ අනුරාධී ගේ හඩ.

" මේ මනුස්සයා බෙරිහන් දීලා ලවන්යාත් ඇහැරෙයි. "

නේහා තමන්ටම කියාගන දොර විවෘත කරා.. තරමක් විවෘත කර දොර තල්ලු කර වේගයෙන් පැමිණි අනුරාධී අනවසරයෙන්ම නේහාව ඇයගේ දෑත් අතරට තුරුළු කරගත්තේ එක් තත්පරයක් ගතවෙන්නටත් මත්තෙන්ය.

" මම බයවුනා.."

නේහාව තමන්ගේ ග්‍රහනයෙන් අතනොහැරමයි අනුරාධී ඇයට පැවසුවේ .

මේ මොකද මේ වෙන්නේ . ඇයි මේ අනුරාධී බයවුනා කියන්නේ . මට හුස්ම ගන්නත් බෑ ...
නේහා පලමුව අනුරාධීගේ වැලදගැනීමට ප්‍රතිචාර නොදැක්වුවත් ටිකෙන් ටික ඇයටම නොදැනී අනුරාධීට ලංවුනා....

චූටි ටීචර්ගේ සුවද....
අනුරාධී හිතුවේ සවස් වරුවේ සුවද ෂැම්පු යොදා සෙදූ නේහාගේ දිග කොන්ඩයේ සුවද විදින අතරේ....ඒ අතරම අනුරාධීගේ බයද නැතිවුනේ ඇය දුටුවේ හීනයක් පමණක්ම බව ප්‍රත්‍යක්ෂ වීමෙන්.

" හීනයක් වෙන්නැති . මේ චූටි ටීචර් ඉන්නේ හොදට... ඇයි ඒත් මේ රෑ ඇහැරිලා. "
අකමැත්තෙන් හරි අනුරාධීට නේහාව ඇයගෙන් ඈත් කරන්නට සිදුවුනා.

අනුරාධීගේ දෑස් ගියේ නේහාගේ මේසය මතට එහි රැදුන කඩදාසි කොලයේ අවසානයට ලියූ අත්අකුරු අපැහැදිලියි. මේසය මත කොල විසිරිලා.  එක් පෑනක් බිම.
කෙල්ල මේසේ උඩම නිදාගන. හොල්මනක් වගේ තියෙයි.
ඒ නිගමනය එක්ක අනුරාධී සිතින් මවාගත්තේ විසිරුණු කොන්ඩය සමග මේසයට ඔළුව තබා නිදා සිටින කෙල්ලවයි...

" මොනවද අනුරාධී ඔයා මේ රෑ කියවන්නේ . "
නේහා ඇසුවේ ඇය දෙස බලා ඇස් පුංචි කර සිනාසෙන අනුරාධීගේන්.

" චූටි ටීචර් නිදාගන්න . "

අනේ ඇත්තටම මට නිදාගන්න කියන්නද ආවේ. බයවුනාලු හීනයක්ලු දැන් නිදාගන්නලු. මේ කෙල්ලට පයිත්තියන්.
නේහා එහෙම සිතන අතරේ නිදිමතේ දෑස් පොඩිකරමින් බලා සිටියේ අනුරාධී දෙස.

කෙල්ල බටු ඇටේ වුනාට අනික්වා නම් බටු සයිස් නෑ. ඔය තියෙන්නේ බෝලෙට රවුමට.... ඇයි මම මේ අනුන්ගේ එ්ව බලන්නෙ . අනුරාධී මනසින් කොහොම හිතුවත් කෙල්ලගේ ඇස්නම් ඇයට අවනත වුනේ නෑ.

COME TO ME || G×GWhere stories live. Discover now