ℍ𝕚𝕕𝕕𝕖𝕟 𝔽𝕒𝕔𝕖

157 33 24
                                        

Author's POV

ජින් මාස්ක් එක ගලවනවද නැද්ද කියලා හිතාගන්න බැරුව හිටියේ... කොහොමත් එයාලා හිටියේ කූඩාරමේ කෙළවරකට වෙන්න නිසා එතන ටිකක් විතර අඳුරුයි.... එයා mask එක ගැලෙව්වත් කාටවත් එයාගේ මූණ පැහැදිලිව පේන එකක් නැති වෙයි කියලයි ජින් හිතුවේ... ඒ වෙලාවේ කොහොමත් mask එක ගලවන්න උවමනාව තිබුන නිසා ඒක සාධාරණ කරගන්න ජින්ගේ හිතේ theory හෝ ගාලා හැදෙන ගමන් තිබුණෙ... කූඩාරම ඇතුලෙදි jin ගේ ළඟින් ම හිටියේ සෙශා. Jin මාස්ක් එක ගැලෙව්වා නන් එයාව හොඳටම පේන්නේ සෙශා ට. බැරි වෙලාවත් සෙශා ජින් ව අඳුර ගත්තොත් එහෙම. ඉතින් jin ට සෙශාගෙන් අහන්න හිතුනා BTS ලව දන්නවාද කියලා.. එකපාරට එහෙම දෙයක් අහන්න බැරි නිසා මුලින්ම ටිකක් අදුරගන්න ඕනේ කියලා හිතුවා.

Jin's POV

මේ කූඩාරම ඇතුලේ පුදුම රස්නයක්නේ අප්පා තියෙන්නේ. මට මේ මාස්ක් දාගෙන තවත් නන් ඉන්න බෑ, මන් මැරෙයි මෙහෙම හිටියොත් . ඒත් ඉතින් මාස්ක් එක ගලවන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ. බැරි වෙලා හරි මෙතන ඉන්න කවුරුහරි මාව අඳුර ගත්තොත්😶, මන් මොකක්ද කරන්නෙ......... ඒත් ඔන්න ඔහේ මාස්ක් එක ගලවනවා. මන් ඉන්න තැනත් ටිකක් අඳුරුයිනේ. කාටවත් මාව අඳුරගන්න බැරිවෙයි. ඒත් බයයිත් එක්ක. අනේ මන්දා මොනවා කරන්නද කියලා. ඇයි දෙවියනේ අසරණ මටම මෙහෙම කරන්නේ. මන් මොන වැරැද්දක් කලාටද? ඔන්න ඔහේ මාස්ක් එක ගලවනවා. හපොයි.... මාස්ක් එක ගැලෙව්වා නන් හොඳට තියෙයි. මට අමතක උනානේ... මේ කොට ඩෑල් එක මන් ළඟනේ. මන් මාස්ක් එක ගැලෙව්වොත් එයාට නන් මගේ මූණ හොඳට පෙනෙයි. මේ කෙල්ල bts ලා ගැන දන්නවද දන්නේ නෑ. කොයිකටත් අහලා බලන්න ඕනි. බැරි වෙලාවත් army කෙනෙක් නන් එහෙම, ඒත් එක පාරටම ඒගැන විතරක් අහන්නත් බෑ. මොකද කරන්නේ............ ම්ම්ම්ම්ම්....... මුලින්ම චුට්ටක් අඳුරගෙන ඉමුකෝ. කොහෙද ඉතින් මෙච්චර වෙලා එකට හිටියට මන් නමවත් දන්න එකක්‍ යෑ. මුලින්ම නම එහෙම අහලා චුට්ටක් යාලු කරගන්න ඕනී. ඔන්න දැන් මන් කතා කරනවා. එහෙනන් seok jinnieeeeeeeee .................. fightinggggggggg .....................

( jin ඉතින් උගුර එහෙම පාදලා කතා කරන්න පටන් ගත්තා. )

Jin - මේ excuse me, ඔයා හොදින්ද? 👀

Random Love ✓Место, где живут истории. Откройте их для себя