ආකී 1st episode

1.5K 236 138
                                    

ආකී 💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠
1st episode.

"ආහ් 😶😶😶😶" අදත් වෙනදා වගේම පුරුදු හීනේමයි. වෙලාව හැමදාම වගේ පාන්දර තුනයි.....

මගේ නම ආකී. මට අවුරුදු දහඅටක් සම්පූර්ණ වුන දා ඉදලා හැමදාම පාන්දර තූනට මන් මේ හීනේ දකිනවා.

ලස්සන ඇස් දෙකක් තියන අමුතුම ඇදුමක් ඇද ගත්ත කොල්ලෙක් මාව ඉබින්න හදනවා තමා මගේ හීනේන් මට පේන්නේ, ඒත් උදේට මට ඒ කොල්ලගේ මූණ අමතකයි.

මූණ මතක තිබ්බනම් යන එන ගමනකදි ඕකව අල්ලගෙන ඔය දෙන්න දගලන මගුල් අරගෙන තව ටිකක් ජොලියේ නිදිය ගන්න වනේ අම්මා පල්ලා.

වෙනදට සද්දයක් නැති ගෙදර අද සද්ද බද්ද මොකද කියලා කල්පනා කරද්දි තමා මගේ මැටි ඔලුවට හරි සිහිය ආවේ...

"හුටා අද මගේ engagement එක නේද "
මං එලාම් තිබ්බේ නැත්තේ කෝමත් මට පාන්දර තූනට ඇහැරෙන බව දන්න හින්දා.

පට ගාල ඇදෙන් නැගිටලා මූණ කට හෝදගෙන ඊයේ රෑ ලෑස්ති කර ගත්ත බැක් පැක් එක කරට දා ගත්ත මං මට පුරුදු පාරෙන් කාමරේන් එලියට ඇවිත් ගේ පිටිපස්සේ තාප්පේ ලග චෙරි ගහෙන් තාප්පෙට නැගලා තාප්පේ උඩින් බිමට පැන්නා.

හැමදාම කරලා පුරුදු වැඩේ උනත් කරුවලේ නිසා මගේ කකුල පෙරලුනා, අතත් ටිකක් සීරුනා ඒත් කකුලත් කොර ගගහ මන් ටක් ගාලා බස් හෝල්ට් එකට ගියේ පාන්දර සෝල් යන බස් එක ගන්න.

බස් එකට නැගලා ඉතිරි පැය පහම මං කරේ නිදාගන්න එක, දැන් ගෙදර එකම යුද්ධයක් ඇති කියලා මතක් වෙලා මගේ කට කොනට ආවේ හිනාවක්.

අප්පගේ අලුත් බිස්නස් පාට්නර් තමා මගේ යෝජිත මනමාලයා, ඒත් ඌ දැක්ක දවසේ ඉදලා මට ඕන උනේ උගේ හොම්බට දෙකක් අනින්න.

මගේ ඔම්මා යි අප්පයි මට වඩා ආදරේ කරේ මගේ නංගිට, නංගි කරේ හැමදාම මට වෛර කරපු එක.

මොන විදියට වත් ඔම්මයි අප්පයි අදහස වෙනස් නොකරපු නිසා මං ගෙදරින් පැනලා යන්න තීරණය කරා.

ආකී 🥀🥀🥀 Completed Where stories live. Discover now