ආකී

878 234 72
                                    

ආකී 3rd episode 💠💠💠💠💠💠💠💠💠💠

අදට මං මං මෙහෙට ඇවිත් අවුරුදු දෙකක්, එදා මගේ ඉස්සරහ ටේයොන් ඔලුව අල්ලගෙන වැටූනට පස්සේ ජින් ඔප්පයි නම්ජූන් ඔප්පයි ඇවිත් ටේව බලලා,
යුන්ගි ඔප්පයි ජන්කුකුයි එක්ක එයාව රූම් එකට අරන් ගියා.

ඒ අතර ජිමින් ඔප්පයි හොබී ඔප්පයි මගෙන් ඇහුවේ මොකක්ද උනේ කියලා, ඒත් මට හිතාගන්න බැරි උනා මොකක්ද උනේ කියලු, මං කිව්වේ මොකුත් උනේ නෑ එක පාරටම එයා ඔලුව අල්ලගෙන බිම ඉදගත්තා කියලා.

පස්සේ යුන්ගී ඔප්පත් ඇවිත් මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලු යන්න ගියා.

ඒ සිද්ධියෙන් දවස් තුනකට පස්සේ තමා මන් පිස්සු හැදෙන එයාලගේ කතාව ඇහුවේ, එයාලා හත් දෙනාම වෙන ලෝකෙකින් ආවේ කිව්වම මුලින්ම මට හිනා ගියා.

ඒත් එයාලගේ එක එක මැජික් දැක්කම නම් මට ඒක විශ්වාස කරන්න සිද්ධ වුනා.

කාලේ ඉක්මනට ගෙවිලා ගියා, ජින් ඔප්පා මට ආපහු ඉගෙන ගන්න කියපූ නිසා ජන්කුක් එක්ක ම මං ආපහු කොලේජ් යන්න පටන් ගත්තා.

ජන්කුක් ජිමින් ටේයොන් අපි තුන් දෙනා හොදම යාළුවෝ වුනා, නම් ජුන් ඔප්පයි ජින් ඔප්පයි ඇත්තටම ගොඩාක් ආදරේ,න් අපිව බලා ගත්තා,

යුන්ගි ඔප්පා වැඩිය කථා කරන කෙනෙක් නෙවේ ඒත් එයා ඉස්සර වගේ මට සැර උනේ නෑ, එයා ලග ඉද්දි මොකුත් ම නොහිතා ඉන්න මං හැමවෙලේම පරිස්සම් වුනා.

හෝබී ඔප්පට නම් මාව ඕන වෙන්නේ එයාගේ නෝවව බාර දීලා යන්න තමා ඉතින්. ආහ් නෝවා කියන්නේ හොබී ඔප්පගේ හුරතල් ගෙම්බා. හොබී ඔප්පා එක එක වැඩ වලට යද්දී ගෙදර කවුරුත් නෝවාව බලාගන්න කැමති නෑ ඉතින් මං තමා එයාව බලාගන්නේ.

අද ටේගේ විසිපස් වෙනි උපන් දිනේ. දැනට දවස් දෙකකට කලින් ජින් ඔප්පා කියපු දෙයක් නිසා මම ඉන්නේ කියා ගන්න බැරි හැගීම් ගොඩක හිරවෙලා.

එයාලා මෙහෙට ඇවිත් ඉන්නේ එයාලගේ සහකාරියන් හොයාගන්න කියලා මං දැනන් හිටියා, ඒත් ඒත් මට හිතෙන්නේ ටේයොන්ගේ සහකාරි මන් කියලා එදා ජින් ඔප්පා කියපු දේ නිසා.

ආකී 🥀🥀🥀 Completed Where stories live. Discover now